කල්‍යාණ මිත්රයා. .

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
කල්‍යාණ මිත්රයා. .

"පියො ච ගරුභවනීයො -වත්තා ච වචනක්ඛමො
ගම්භිරංච කථං කත්තා - නොව ට්ඨානෙනියොජයෙ "

" යමෙක් ස්වකීය ශීල සම්පත්තියෙන් ඇසුරු කරන්න‍න්ට පිය (priya) වන්නේද, පාෂාණච්ඡත්රයක් මෙන් ගරු වන්නේද, ගුණ වශයෙන් සම්භාවනා කටයුතු වන්නේද, ආර්ය සත්‍යය - පටිච්ඡ සමුප්පාදය වැනි ගැඹුරු ධර්ම කියා දෙන්නේද, තමන් ඇසුරු කරන්නන් අස්ථානයෙහි නොයොදා සුදුසු තන්හිම යොදන්නේද හේ කල්‍යාණ මිතුරා නම් වේ. "​
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
හොඳ ගාථාවක්. බොහොම පින්.
ගැඹුරු ධර්ම කියා දෙන්නේ නැති වුනත්, ඉතිරි ටික තියෙන යාලුවෝ දෙන්නෙක් ඉන්නවා මට. :)
දැන් කාලෙ කළ්‍යාණ මිත්‍රයෝ අඩුයි.
මේ ගාථාව කොහෙද තියෙන්නෙ?
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
හොඳ ගාථාවක්. බොහොම පින්.
ගැඹුරු ධර්ම කියා දෙන්නේ නැති වුනත්, ඉතිරි ටික තියෙන යාලුවෝ දෙන්නෙක් ඉන්නවා මට. :)
දැන් කාලෙ කළ්‍යාණ මිත්‍රයෝ අඩුයි.
මේ ගාථාව කොහෙද තියෙන්නෙ?

මේ ගාථාව තියෙන්නේ " විශුද්ධිමග්ගයේ". ඔයා පින් කරලා තියෙනවා ඒ ගුණාංගය නැති වුනත් අනිත් ගුණාංග හරි තියෙන යාලුවෝ ලබන්න. දන්නවාද ඔයටෙ පුළුවන්නේ ඒ අයට ගැඹුරු ධර්මය තියලා දීලා කල්‍යාණ මිතුරෙක් වෙන්න. සමහරවිට ඔයා දැනටමත් එහෙම වෙන්න ඇති. මන් ඔයාට ආශිර්වාද කරනවා කලණ මිතුරෙක් වෙන්න ලැබෙන්නත් ඉක්මණින්ම මේ හැම ගුණයක්ම ඇති කලණ මිතුරෙක් ලබන්නත් හැකියාව ලැබෙන්න කියලා. තුණූරුවන් සරණයි.