කල් ඉකුත් වූ ආහාර හඳුනාගන්නා අන්දම

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    කල් ඉකුත් වූ ආහාර හඳුනාගන්නා අන්දම

    expiredfood.jpg


    කල් ඉකුත් වූ ආහාර හඳුනාගන්නා අන්දම

    විශේෂයෙන් ටින් වර්ගවල අසුරා ඇති ටින් කෑම, ජෑම් වර්ග, සැමන් වර්ග, චීස් වර්ග මිලදී ගැනීමේදී ඔබ ඉතා සැලකිලිමත් විය යුත්තේ එවැනි කල් ඉකුත් වූ ආහාර අනුභව කිරීමෙන් ඔබ රෝගියකු බවට පත්වීම කිසිසේත් වැළැක්විය නොහැකි නිසාය. කල් ඉකුත් වූ ආහාර ඇතැම් කූට වෙළඳුන් අඩු මිලට මිලදීගෙන යලි නවතම ලේබල් ගසා කල් ඉකුත් වන

    දිනයද වෙනස් කොට නැවුම් ආහාර ලෙස අලෙවි කිරීම පිළිබඳව කොළඹ මහ නගර සභාවේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් සොයාගෙන ඇති බව පසුගිය දින කිිහිපයක් පුරා මාධ්‍ය මඟින් වාර්තා වූ බව ඔබ හොඳින් දන්නා කරුණක්.

    විශේෂයෙන්ම මෙවැනි ආහාර ඔබ නොදැනුවත්වම අනුභව කිරීම නිසා රෝගී භාවයට පත්වන අතර ඔබගේ සිරුරට අවසානයේ විෂ වූයේ කුමක්දැයි පවා සොයා ගැනීමට නොහැකි තත්ත්වයකට ඔබ පත්වනු නොඅනුමානයි. එබැවින් කල් ඉකුත් වූ ආහාරයක් ඔබ නොදැනුවත්කමින් මිලදී ගැනීමේදී මේ කරුණු හොඳින් සිහි තබාගත හොත් ඒ රැවටීමට ඔබ ලක් නොවනු ඇත.

    ඔබ මිලදී ගැනීමට යන ටින්වල ඇසුරූ ආහාර ද්‍රව්‍යවල මෙවැන්නක් අඩංගු නම් වහාම මිලදී ගැනීමෙන් වළකින්න.

    * ලේබලය මළකඩ පැහැයක් ගෙන තිබීම

    * ලේබලය විකෘති වී තිබීම.

    * ටින්වල ඇසුරූ සැමන් ආදිය මිලදී ගැනීමේදී මෙම ටින් එක පිම්බීමකට ලක් වී තිබීම.

    * ටින් එක තැලීමකට භාජනය වී තිබීම.

    * ආහාර කල් ඉකුත් වී නම් තැලුණු

    * ඔබ මිලදී ගන්නා ආරක්ෂක පටලය විනාශ වී තිබීම.

    මෙවැනි වූ ටින් කළ ආහාර නරක් වීමට ලක් වේ. එවිට ආහාර තුළ තිබෙන චජඪඤ වානේ තට්ටුව සමඟ ක්‍රියාකර රසායනික විපර්යාසයකට ලක් වේ. එවිට විෂ සහිත රසායනික ද්‍රව්‍යයක් නිපදවේ.

    මෙම රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාර අනුභව කිරීමෙන් සිරුරට විෂ ගෙන දීමට පුළුවන. එබැවින් ටින්වල ඇසුරූ ආහාර මිලදී ගැනීමේදී මේ කරුණු ගැන අවදියෙන් සිටින්න. නිරෝගී දිවියකට කවදත් අතහිත දෙන “ආරෝග්‍යා” මේ ඔවදන ඔබට පවසන්නේ ඔබේ ආරක්ෂාව පිණිසයි.

    ලිපිය උපුටා ගත්තේ දීප්ති ෆොන්සේකා
     
    Last edited: