කලාවෙන්_දේශපාලනයට

sudu asanka

Banned
Jul 5, 2016
155
25
0
කලාවෙන්_දේශපාලනයට

කලාවෙන් ඉවත්වෙන්න උනොත් දේශපාලනයට එනවා - ඉරාජ්


04.png


තමාට යම්කිසි දවසක කලාවෙන් ඉවත්වීමට සිදු වුවහොත් දේශපාලනයට පැමිණෙන බව යොවුන් පරපුරේ ජනප්‍රිය සංගීත නිර්මාණ ශිල්පියෙකු වන ඉරාජ් වීරරත්න පවසනවා.

ඔහු මේ අදහස් පලකොට තිබුනේ පසුගිය සති අන්ත පුවත්පතකටයි.එහිදී වැඩි දුර අදහස් දැක්වූ ඉරාජ්

"කව්රු උනත් වෘතිය විදියට තෝරාගන්නේ වැඩි ආර්ථික ලාභ හා වෙනත් වරප්‍රසාද ඇති ක්‍රේෂ්ත්‍රයන්.අද කාලේ මේවයින් අංක එකට තියෙන්නේ දේශපාලනයට පිවිසිලා පාර්ලිමේන්තු යන එක.

මම කලාවේ නිරත වෙලා ඉන්නේ බොහොම කැමැත්තෙන්.එත් ඉතින් සම්පුර්ණයෙන් එයින් ඉවත්වෙන්න සිදු උනොත් විකල්පයක් තෝරාගන්න එපැයි. එහෙම උනොත් මම දේශපාලනයට යනවා.


කලාවෙන් හම්බ කරපු හැම සතයක්ම වියදම් උනත් කමක් නැහැ. ඉතින් එක හොද ආයෝජනයක්. මොකද කියනවනම් වියදම් කරපු මුදල වගේ සිය ගුණයක් හම්බ කරගන්න පුළුවන්.

අපේ ප්‍රවීනයන්ගේ බොහොමයක් කලාව කලේ ආත්ම තෘප්තිය මුල්කරගෙන.තමාගේ වටිනාකමට නිසි මුදලක් ලබා ගත්තාට ලංකාව තුල කලාව වෘතිය කරගෙන ජිවත් වෙන්න බැහැමටනම් කලාව කියන දේ හුස්ම ගැනීම හා සමානයි.

කලාව සම්පුර්ණයෙන් බැහැර කරන්න වුනොත් ඉතින් විකල්පය මරණය ඊට හේතුව මම කලාව කරන්නේ ආත්ම තෘප්තියට මිස රැකියාවට නොවන නිසා".