32. රීලෝඩ් පෙම්වතිය
මැය කොල්ලෙකුට ලව් ය. එම කොල්ලාද මැයට ලව් ය. එහෙත් දෙදෙනාට දෙදෙනා තවමත් එකිනෙකාගේ අදහස් හුවමාරු කරගෙන නොමැති නිසා දුරින් හිඳ දුරකතන කෙටි පණිවුඩ වලින් විතරක් පෙම් කරයි.
නිතරම අන්තර්ජාලයේය. ලෝක බලවතෙකුට, නළුවෙකුට නිළියකට පඩයක් ගියද එය යට ඇඳුමෙන් පිටතට පැමිණීමටත් පෙර දැන ගනී. ඕපාදූප මල්ලකි. තමාගේ මයිලකවත් තොරතුරු පිටට දීමෙන් වැලකී සිටීමට සට කපට බුද්ධිය මෙහෙයවයි. එමෙන්ම අතින්වත් නොඅල්ලා දුර සිටින කොලුවකුගේ චර්මඡේදන සැත්කමක් වුවත් හිරිවැට්ටවීමකින් තොරව සාර්තකව නිමකිරීමට සමත්ය. අවසාන කිලෝ බයිට් 250 දී පමණ ආදරය වෑහෙයි දෝර ගලායයි
සුරාන්තය ඔන්න මෙන්න කියා තිබියදී ඩේටා ඉවරවෙයි පෙම්වතා රීලෝඩ් කල පසු නැවතත් කිලෝ බයිට් 250 වනතුරු සක්වලේ වත් දකින්නට නොහැක.