කලාව, මුලාව, විරහව සහ "හිත හොඳ අයියලා"

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    අපි නිතරම අහන, බලන, කියවන දේවල් අනුව අපේ හිත ගොඩනැන්වෙන ආකාරය ගැන නිකමටවත් හිතලා තියද?

    උදාහරණයකට හිතමු, මහ හඬා වැළපෙන අධි සෘණාත්මක සිංදුවක් දවසට වාර කිහිපයක් අහන කෙනෙක් ඉන්නව කියල. අපි පහසුවට එයාට නමක් දෙමු 'සිරිස්' කියල...
    ඉතින් මේ සිරිස් හැමදාම අහනව මේ සිංදුව...

    මං මළා වගේ... ඔයා නැති දා...
    අනේ ඔයා පණේ... ඔයා නැති දා...

    සිරිස් මේක අහන්නෙ එකපාරක් දෙපාරකුත් නෙවෙයි, දවසට පස් හය පාරක්... ටික කාලයක් යනකොට මේක සිරිස්ගෙ හිතේ පැළපදියම් වෙනව.

    ඔන්න ටික කාලෙකට පස්සෙ සිරිස් යාළු වෙලා හිටිය ගෑනු ළමයා තරහ වෙනව. අන්න එතකොට අර සිංදුව අහන එක තවත් වැඩි වෙනව. දවස පුරාම ඒකයි, ඒවගෙ තව ඒවයි විතරයි.

    මෙන්න මෙතන වුන දේ හිතාගත හැකිද සහ ඊළඟට වෙන දේ අනුමාන කරන්න පුළුවන් ද?

    අධි සෘණාත්මක කලා නිර්මාණයක් වුනත් රසවිඳීම වරදක් නෙවෙයි මම දකින විදියට. නමුත් ඒක හැමදාම මුමුණන මන්තරයක් වෙනව නම් ඒක මනසට යහපත් නොවෙන්න පුළුවන්. අනිත් කාරණේ බොහෝ දෙනෙක් ගීතයක හෝ මොනයම් හෝ නිර්මාණයක අර්ථ රසය හඳුනගන්න බොහෝ වෙලාවට හිතල බලන්නෙ නැහැ. ශබ්ද, රූප, තාල ආදී හැඟීම්බර බව ඇතිකරන දේවලට පමණයි මුල් තැන දෙන්නෙ. ඒව නැතුව බැහැ, ඒවත් අවශ්‍යයි. නමුත් ඒ රස වලින් අනතුරුව, 'හිතන්න දෙයක්' තියනව ද කියල, පොඩ්ඩක් නිවී සැනසිල්ලේ හිතල බලන්න.

    ආයෙත් මෙතනට සිරිස්ගෙ කතාව ඇඳල ගත්තොත්, සිරිස් දුක නිසාම අහන තමන්ගෙ අත්දැකීමට සමාන මේ සිංදු නිසා තව තවත් මනසින් වැටෙනව. සිරිස්ගෙ තීරණ වලටත් ඇතැම්විට ඒ සිංදු බලපානව වෙන්න පුළුවන්. එතකොට කිසිම වැඩක් හරියට කරගන්න බැරි වෙනව වෙන්නත් පුළුවන්.

    මෙතනදි තවත් කතාවක් එළියට එනව.
    සිරිස්ගෙ හිත හදන්න එන "හිත හොඳ අයියලා" ටික මොකද කරන්නෙ?

    'මචං අද මං ගානෙ, උඹේ සියලු සෝ තැවුල් මරල දාන්න බොමු මචං..."

    මේ 'බොමු' කියන්නෙ වතුර හෝ කිසි ලෙසකවත් ගතට හෝ මනසට හොඳ දෙයක් නම් නෙවෙයි. අනිත් එක 'බොමු' විතරක් නෙවේ 'ගමු' සහ තව තව ඒව කියාගෙනත් එනව, ඒ ඔක්කොම එකයි. 'බහුතරය හදාගැනීම' ලියමනේ දි කිව්ව වගෙම මේ අවස්ථාවාදී පිරිසක් ය කියන එක සිරිස් ට හඳුනගන්න බැරිවෙනව. මොකද මුල්තැන දීල තියෙන්නෙ හැඟීමට නිසා...

    ඒවගෙම "දුකට බොන්න ඕනා...නැතුව නං වෙන ක්‍රම නා..." කියල කියනවා නම් කවුරුන් හෝ, ඒ මනසින් ළදරුවෙක්.. නොදන්නාකම නිසා...

    මේ සිරිස්ගෙ කතාව ගෑනු ළමයෙක්ගෙ පැත්තෙනුත් හිතල බලන්න. "හිත හොඳ අක්කලා" ගැනත්...

    දුක, මානසික පීඩනය මර්ධනය කරගත යුතු ක්‍රම ස්වභාවදහමෙන් ම මිනිසාට ලබා දීල තියනව... පොඩ්ඩක් "මෙයාගෙ ළමයි ගාන"යි, "අරය නොබඳින හේතුව"යි හොයන්න යන වෙලාවෙ ඒ ක්‍රම ටිකක් ඉගෙනගන්න...

    මම අහල, කියවල තියන උපක්‍රම ටිකක් සඳහන් කරන්නම්, හොඳට හොයල බලලා නිවැරදි නම් ජීවිතයට ආදේශ කරගන්න.

    1. කදුළු පිටවන සේ හැඬීම.
    2. ඔබ කැමතිම ආකාරයේ ධනාත්මක චින්තනයක් ඇති කරවන සුළු කලා නිර්මාණ කිරීම සහ වෙනත් අයගේ නිර්මාණ රස විඳීම.
    3. කුසගිනි ඇති නොවන සේ බඩ පිරෙන්නට කැමති ම ආහාර පාන ලබා ගැනීම.

    ආයෙත් කියන්නෙ, මේව හරිද-නැද්ද, ඇත්තද-නැද්ද කියල, හොයල බලලා ඉන්න... #adahaspamanai

    මෙතන කලා නිර්මාණ රසවිඳීම කිව්වම... පොත්පත් කියවීම, රූපවාහිනිය නැරඹීම, චිත්‍රපට නැරඹීම, ගීත වලට සවන්දීම විතරක් නෙවෙයි. දහස් ගණනක් විවිධාකාර කලාවන් තියනව. අන්තර්ජාලය කියල එකක් තියෙන්නෙ ඒව හොයල බලන්නත් එක්ක තමයි.

    ආයෙමත් අර සෘණාත්මක බව සහ හැඟීම්බර බව පිරුණු කලා නිර්මාණ ගැන කතාවට එමු. ඒවයෙත් රසවින්දනයක් තියනව, රසවිඳිය යුතුයි. නමුත් ඒක දෙෙනික මන්තරයක් වගේ වෙනව නම්, ඒ අනුව හැඩගැහෙන මනස විසින් ඔබේ බුද්ධිය අඩපණ කරල, ටික කාලෙකින් බුද්ධිය මරලා ම දාන්න වුනත් පුළුවන්.

    ඉතින්, හැඟීම්බර වීම අවශ්‍ය වුනත්, මුල් තැන දිය යුත්තේ හැඟීම්බර වීමට නොවිය යුතුයි.

    මේ,
    අදහස් පමණයි!

    2307041337 2307041458 2307041821 2307041832 2307041841 2307041908
    #adahaspamanai
    #mabheera
    #siehra
    #spn
     
    Last edited: