කලු කැත සිංහලු,
කවදාවත් මේ පින්බිම දාල නම් යන්නේ නෑමයි කියල සපත කරලා හිටපු මටත් දැන් රෑ දෙගොඩහරි යාමේ බයවෙලා ඇහැරිලා හිතෙනවා මේකෙම ඉදලා අනාගතේ මොන වගේ දියබරි සෙට් එකක් එක්ක අපිට වසන්න වෙයිද කියලා. ඒ නිසා දැන් පින්බිම දාල යනවද නැද්ද කියලා හිත හිත ඉන්නේ.
පින්බිමෙන් වෙන රටකට migrate වෙච්ච කුකුලොහ් පොඩ්ඩක් කියපන්කො උබලාගේ ජීවිතේ වෙනස් කරගන්න වුනු විදිය migration එකත් එක්ක. මම අහන්නේ රස්සාව, සල්ලි අරව මේවා නෙමෙයි. එහේ ජීවත් වෙද්දි සීතල, අව්ව නැතිකම, වෙනස් කෑම බීම, summer එකට මුහුන දෙන එක, පුප හෝදන්න විදියක් නැතිකම, හදිස්සියකට බල්ලෙක්වත් නැතිකම වගේ දේවල් ගැන. ඒ වගේම අම්ම තාත්තා බලාගන්න එක manage කරගන්න විදිය, ලමයින්ගේ අද්‍යාපනේ SL Vs Migrated Country.
පිටරට ඇත්තටම ඉන්න අය විස්තර ටිකක් කියපන්කො.
P.S. මේ thread එකට
@Emios ට පේන්නෙ නැතිවෙන්න හදන්න විදියක් තියෙනවද?
සීතල වැඩිපුර තියෙන රටකට යනවා නම් ඒක විඳ දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. උඹ නුවරඑළියේ ගියාම ඔළුවේ ඉදන් රෙද්දක් පොරවන් ඉන්න එකෙක් නම් සීතල මහා කරුමයක් කියලා හිතන එකෙක් නම් ගොඩක් සීතල රටකට යන්න එපා.
හැබැයි ඒවට අවශ්‍ය හොඳ ඇඳුම් පැළදුම් තියෙනවා. ලංකාවේ පවා සමහර ශොප්ස්වල හොඳ වින්ට ඇඳුම් තියෙනවා.
මම අහලා තියෙන විදියට අව්ව නැති සීන් එකට නම් පුරුදු වෙනවලු.
දැන් ගොඩක් රටවල්වල ලංකාවේ කෑම බීම තියෙන සිල්ලර කඩ තියෙනවලු උඹට ඒවම කන්න ඕනේ නම්.
ඊට අමතරව ඉතින් ඔය පීසා, මැක්ඩොනල්ඩ් වගේ ඒවා ඕනේ රටක තියෙනවනේ.
ගොඩක් එවුන් මුලින් කන්නේ මැගී නූඩ්ල්ස් වගේ ක්ෂණික කෑමලු. ඊට පස්සේ උයන්න පුරුදු වෙනවා.
බැඳලා පවුල පිටින්ම යනවා නම් උයන කතන්දරේ කිසිම අවුලක් නැහැලු.
ගෙදර නම් ඉතින් වතුර බකට් එකකුයි කෝප්පෙකුයි පාවිච්ච් කරන්න පුළුවන් නේ. එළියට ගියාම තමයි කොළේ.
උඹ පවුලේ එකම ළමයා නෙවෙයි නම් ඉතින් අම්මා තාත්තා බලන එක ලොකුම අවුලක් නෙවෙයිනේ. ගෙදරට සල්ලි එවන්න පුළුවන්නේ. පිටරට ඉන්න මම දන්න කිහිප දෙනෙක් උන්ගේ අම්මල තාත්තල ගෙන්න ගත්තා.
ළමයින්ගේ අධ්‍යාපනය නම් ලංකාවට වඩා සෑහෙන්න හොඳයි කියලා තමයි අහලා තියෙන්නේ.
මම දන්න විදියට ඕවට වඩා බලන්න ඕනේ එහේ ගියාම කොලේ ගන්න පුලුවන්ද? ඉක්මනට රස්සා හොයා ගන්න පුලුවන්ද ?
එදිනෙදා වියදම් ,ටැක්ස් වගේ දේවල් කොහොමද? ළමයින්ගේ අධ්‍යාපන වියදම්
මොකද වෙනම රටකට ගියාම ඒ දේවල්වලට හැඩගැහෙන්න දේවල් දැනගන්න කාලයක් යනවනේ.