කලු කොටියා

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,957
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්


    දැන් වූ හානිය රිකව කරන්නට බැරිය. වනජීවි දෙපාර්තමේන්තුව හාලා ඉවර නිසා මේ ටික කියා දමමි. ඔබට ඔය සතා ගැන ඉදිරියට පට්ට සිරා වාර්තා වැඩසටහනකින් බලාගත හැක්කෙ අදාල නිශ්චිත ස්ථානයත් සමගිනි. හයිකින් බැරිනං කෑම්පින් කර හෝ ඔබට හොම්බ දිග කැමරාවකින් එවිට ඡායාරූප ගත හැක. සාමාන්‍යයෙන් ලෝකයේ දුර්ලභ සතෙක් ගැන වෙයාබවුට්ස් දෙන්නෙ නැත. එය එතික් එකකි. ඒවා පටු අරමුණු සහිත දෙපාර්තමේන්තු වලට අදාලද නැත. ස්ථානය ඇයි දුන්නෙ ඇයි කියූ විට ඒ වඩා හොදින් සත්වයා ආරක්ෂා වන බව දන්නා නිසාලු. (ලංකාවේ හැමෝම කොන්ඩෙ බැඳ ඇති බව සිතා සිට ඇත) කිව්ව එකා සතා ඉන්නෙ ආරක්ෂිත ස්ථනයක නොවන බව දන්නෙ නැද්ද නොදනී. අනිත් එක ඉතිං සතෙක්ගෙ ස්ත්‍රී පුරුෂභාවේ අදුරගන්න බැරි උන් එක්ක මොන සංරක්ෂණ කතාද මිතුරනි. (වෘෂණ කෝෂ දැක දැකත් ධේනුව කීමම දැනුමේ උච්චත්වය පෙන්වන ලදී)

    කලු කොටි නැතිනම් පැන්තර් සතුන් කොටි උප විශේෂ 5 ක දකින්න පුලුවන්. ඒ අප්‍රිකානු, ඉන්දියානු, ජාවානු, ලංකා හා ඉන්දුචීන ⁣උප විශේෂ 5 තුලය. මේ උප විශේෂ වල කලු සතුන් නිර්මාණය වෙන්නෙ black pigmented melanin dominant නැත්තං කලු වර්ණකය දරන මෙලනින් ප්‍රමුඛ ජානය උන නීලින ඇලීල නිසා (recessive gene mutation). ඇලීල යනු ජාන වල වෙනස් වූ ප්‍රභේදයක්. non-agouti කියල හදුන්වන මේ විකෘති ජානය තමයි කලු පැහැ සතුන්ගෙ තියෙන්නෙ. නැතුව අදාල පාරිසරික තත්ව ඒ ජාන දරන්න බලපෑමක් නැහැ. අදුරු සහිත පරිසර වල කලු සතුන් බහුලයි කියන්නෙ සත්ව විද්‍යාව තුල හීතලුවක් පමණයි. ඔය කතාවට හේතු උනේ ජවානු, මලයානූ වනාන්තර වල කෘෂ්ණතාවට ලක් වෙච්ච සතුන් වැඩි උන නිසා. ඇත්තටම ඒකට හේතුව උනේ සහාභිජනනය (Inbreeding) මිස පරිසර තත්වය නෙවෙයි. කලු වර්ණය සහිත සතුන්ට දඩයම් වලදි වාසියකුත් ප්‍රජනනයේදි අවාසිදායක තත්වයකුත් ඇති කරනවා . ජාන විකෘතියකින් හැදෙන මේ සතුන්ගෙ සාමාන්‍ය සතුන් ගෙ දකින්නට ලැබෙන පුල්ලි නැත්තං rosettes පැහැදිලිවම දකින්නට ලැබෙන්නෙ නැහැ. සත්ව ලෝකයේ මේ කලු පැහැයට කියන්නෙ faint patterning කියල. මේ කලු පැහැ සම තුල පුල්ලි පිහිටීම ghost striping කියල හැදින්වෙනවා. පරිසර විද්‍යාඥයින් පිලිගන්නෙ කෘෂ්ණතාවට ලක් වූ සතුන්ගේ ආයු කාලය සාමාන්‍ය සතෙකුට වඩා අඩුයි කියල.

    ලංකාවේ යම් යම් ස්ථාන වල කලු රූපානුදර්ශ ප්‍රමුඛ වෙලා ඒ සතුන්ගේ පැවැත්ම ස්ථාවර වෙච්ච තැන් ඉතිහාසය තුල තියෙනවා. ඒක වැසි වනාන්තර ද වියලි කලාපීයද කියල වෙනසක් නැහැ. ලංකාව තුල කලු කොටින්ගේ ඉතිහාසයක් තියෙනවා. පැහැදිලි ලිඛිත සාක්ෂියක් අපිට දෙන්නෙ රොබට් නොක්ස්. ඒ දෙවනි රාජසිංහ රජතුමාගෙ රාජකීය සත්වෝද්‍යානය තුල හිටිය කලු කොටියෙක් ගැන. ඊට පස්සෙ ජෝන් ඩී ඔයිලි (John D'Oyly) 1812 දි කියනවා ඇලපාත නිලමෙ තුමාගෙ ආදිතමයෙක් කලු කොටියෙක්ව දඩයම් කලා කියල සීතාවකදි. ඒ වගේම 1909 දි ලෙනාඩ් වුල්ෆ් සදහන් කරනවා වෙඩි තබා මැරූ සුදු කොටියෙක් පිලිබදව හම්බන්තොටින්. Mammals of Ceylon, Hunting & Shooting in Ceylon හා The Green Aisles පොත් වල කලු කොටි ගැන සඳහන් වෙනවා. ටෙනන්ට්ගෙ Mammals of Ceylon එකේ ටෙනන්ට්ගෙ ඔබ්සවේශන් එකක් දෙනවා කලු කොටියෙක් ගැන .ඒ වගේම ආර්. එල් ස්පිට්ල් සුදු ගෝනා පොතේ දීයා කියන කලුකොටි දෙන කියන චරිතෙ ගැන ලිව්වෙ හීතලුවක් නෙවෙයි. නිල්ගල කියන්නෙ මේ කෘෂ්ණතාවට ඉතාම සමීප සම්බන්ධතාවක් තිබ්බ භූමියක්. ඔහොම එනකොට ලංකාවේ හිටපු අද්විතීය පරිසරවේදියෙක් හා පරීක්ෂකයෙක් උන මහාචාර්ය දැරණියගල මහතා කොළඹ කෞතුකාගාරයට ලිපියක් මගින් දැනුම් දෙනවා 1943 දි එතුමට හිස් කබලක් හා අදුරු කෝපි පැහැති සමක කලු පුල්ලි සහිතව ලැබුන බව. 1996 දි පල උන එතුමාගෙ ස්වයං චරිතාපදානයේදි කියවෙනවා වැල්ලවාය කුඩා ඔය ප්‍රදේශයේදි වෙඩි තබා ඝාතනය කල කලු කොටියෙක් පිලිබදව. එමෙන්ම 2000-2020 කාලය තුල ඡායාරූපමය සාක්ෂි සහිතව මියගිය පිරිමි කලු සතුන් දෙදෙනෙකුත්, කොටි දෙනකුත් වාර්තා උනා. අවාසනාවකට ඒ සතුන් තිදෙනාම මිය ගියේ මදු (Snares) වලින්.

    නල්ලමලේ පරිසරවේදියෙක් වෙච්ච මගෙ දැනුම මේ ඇතිය. කිය යුතු නමුදු නොකිව යුතු කරුණු රාශියක් ඇති නිසා මේ ටික විතරයි අවසානයට කියා සිටිමි. මේ මතුවූයේ පලමු හෝ අවසාන කොටියා නොවේ. මේ වැඩුනු පිරිමි සතා මෙන්ම තව සතුන් මේ දිවයින තුල තව සිටින බව පමණක් මා කියා සිටිමි. එමෙන්ම මේ පුවතක් වෙච්ච සතාගේ ඊලග පරම්පරාව නිර්මාණය වුවද ඒ පරම්පරාව ඉතා සාමාන්‍ය සතුන් වූ බවද කිව යුතුව ඇත.

    පා.ලි : මේ සතා මුලින්ම වනජීවි එකට වාර්තා වූයේ 2019 ඔක්තෝම්බර් මස බවත්, එසේ වී ටික දිනකින් එය අප දැනගත් බවත් කිව යුතුය. නමුදු අපි කිසිවක් නොකීවේ සතාගේ යහපත නිසා බවද කිව යුතුය ඇත්තේ වනජීවි එකේ සුලුතරයක් සිතා සිටින්නෙ උන් හෙලුවෙන් නැටුවද අප දැන ගන්නේ නැති බව සිතා සිටින නිසාය. (මින් පෙර එක්තරා පුවත්පතක මාධ්‍යවේදීයෙකු මරං කෑවේද මේ සත්වයා නිසාය)


    Sethil Muhandiram


    NQhAOpL.jpg



    py1nkIz.jpg
     
    • Like
    Reactions: Dr.Rosheen