View attachment 214371
රජරට එසේත් නැත්නම් අනුරාධපුරය කියන්නෙ ඔබ කවුරුත් දන්නවා ලංකා ඉතිහාසය තුල බොහොමයක් රජවරු ඉදිකල ආරම සoකීර්ණ විශාල ප්‍රමාණයක් දැක ගත හැකි ස්ථානයක් බව.
කලු දිය පොකුණ අනුරාධපුර මිහින්තලා පූජා භූමිය අසල ඇති ඉතා විශේෂ අරාම සoකීර්ණය.
සාමාන්‍ය ජනතාව වතුර කලු නිසා මෙය
කලුදිය පොකුණ ලෙස හැදින්නුවත් පොත් පත් වල සටහන් වන්නේ කාලබුද්ධරක්ඛ්ත මහරහතන් වහන්සේ කලුවර පොහොය දවසක කලු තිබිරිගහයට ගලු ගල් ආසනයක වැඩ හිද කාලකාරාම සුත්‍රය දේශාන කල සිදුවීම අරමුණු කරගෙන මෙම නම යෙදුනු බවයි.
ඉතා මනරම් පරිසරයක් තුල පිහිටා ඇති මේ පුදබිම තුල ඝාන්ඨාගාර / උපෝසථාගාර / ධාතු ගර / සක්මන් මලු වැනි බොහෝ අoගයන්ගෙන් පිරිණු අoග සම්පූර්ණ ආරම සoකිර්ණයක්ව පැවති බවට අද හමුවෙන නටබුන් වලින් මනාව පැහැදිලි වනවා ඇත.
මෙහි ගුප්ත බවක් ඇති බවට සමහරුන් අදහස් දැක්වුවද මෙහි තිබෙන්නා වු නිදහස් නිස්oකලක බාවය තුල හා සොබා සෞන්දර්යය තුල මදකට හෝ නැවතී මේ නිසල
කලුදිය පොකුණ දෙස බලා සිටින්නට ඔබට සිතෙනවා නිසැකය.
මහරතුන් වහන්සේලාගේ පාද පහසින් පූජනීය වූ මේ පින් බිම වරක් හෝ දැක ගැනීමට යාතුම පින්බිමකි


.
Read more : https://bit.ly/black-water-pond