මගේ පෞද්ගලික උපදෙස නම් “ජීවිතය” තේරුම් ගන්න කියලයි.
අපි හැමෝම එකිනෙකාට වඩා වෙනස්.කොටින්ම කිව්වොත්. මම ඉපදුනේ තනියම මැරෙන්නෙත් තනියම .මැරෙන දවස කවද්ද කියලා අනුමාන කරන්නවත් මට බෑ.එහෙව් එකේ බලාපොරොත්තු කඩවීම් ,සිහින බිඳ වැටීම් අතිශය සාමාන්‍යයි. මම කාලයක් ජීවිතේ ඉලක්ක තියාගෙන ඒවා එකින් එක ලුහුබැන්දා. ගොඩක් දුරට මුලදී සාර්ථක වුන නිසා මම ඒක තමා ජීවිතේ කියලා හිතුවා.ඒත් ජීවිතේ අවුරුදු 30+ වගේ පහුවෙලා,කසාදබැඳලා ,තාත්තෙක් වුනාම තේරුණා ජීවිතේ එන බාධක ,බලාපොරොත්තු කඩවීම් අසාමාන්‍යයි කියලා. අපි කොච්චර හොඳට Plan A ,Plan B ,Plan C ගහලා තිබුනත් සමහර තැන්වලදී ඒ ඔක්කොම නවත්වලා අලුතින්ම ජීවිතේ පටන් ගන්න වෙනවා.ඒ නිසා හොඳම දේ තමන්ට කරන්න පුළුවන් උපරිමයෙන් කඩිසරව තමන්ගේ ඉලක්ක ලුහුබඳින එක.ඒ ඉලක්ක වලට යන අතරේ පුළුවන් තරම් සතුටින් ජීවිතේ විඳින එක.ඉලක්කයට යාම අසාර්ථක නම්(A/L තුන් පාරම failed නම්) අළුත් ඉලක්කයක් හදාගෙන ඒක ලුහුබඳින එක.
අපි මොහොතකට හිතමු ආමි එකේ කොල්ලෝ “මේ රට වැඩක් නෑ දේශපාලකයෝ මේ රට විනාශ කරනවා ඒ නිසා යුද්ධ කරලා වැඩක් නෑ ආමි නොගිහින් වෙන ත්‍රීවීල් එකක් පැදන් ඉන්නවා කියලා” හිතුවා කියලා ..
උන්ට මචං අපිට වඩා ප්‍රශ්ණ ...යුද්ධෙට ගිහින් අතපය නැති කරගත්ත එකෙක්වත් ආර්ථික ,සමාජයීය ප්‍රශ්ණ නැති එවුන් නෙමේ.ඒත් උන් ගැන වත් නොබලා යුද්ධයක් කලා.උඹ රණවිරු නිවාසෙකට ගිහින් බලපන් එකෙක්වත් නහයෙන් අඬ අඬ ඉන්නවද කියලා ..නෑ මචන් එකෙක්වත් නෑ..කොටින්ම උන් අපිට වඩා සතුටෙන් ,අභිමානයෙන් ඉන්නවා ආර්ථික ,පවුල් ප්‍රශ්ණ තිබුනත් ඒවා අමතක කරලා.