කවදාවත් ජීවිතය අතහරින්න එපා!

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
නැ... ඔයා කියපුදේයි මන් කියපුදේයි එකිනෙකට ගැලපෙන්නේ නැ

මන් ඉලක්ක ගැන මේ විදියට ඔයාගෙන් අහන්නම්කෝ al වලටම ආදේශ කරලා

ඔයාට AL වලට maths හෝ කොමස් දෙකෙන් එකක් තෝරාගන්න වෙනවා.
ඔයා maths කරන්න ආසයි. පුළුවන් කියලත් හිතෙනවා
හැබැයි AL පාස් වෙලා කොමහරි කැම්පස් එකකට යන්නත් ඕනේ

ඔයාට maths කරලා uni යන්න ගොඩක් අමාරුයි. ෆේල් වෙන්න ඉඩකඩ වැඩියි. හැබැයි ආසයි.
කොමස් කලොත් uni යන්න පුළුවන් වෙයි. හැබැයි එක නෙමේ ඔය කැමති විෂය.

මෙහෙම අවස්තාවක ඔය ගන්න තීරණේ මොකක්ද?
maths ද? කොමස් ද?

අනිවා maths.මම අකමැති දෙවල් කරන අකමැත්තෙන් කරන්නෙ නැ....හරියන්න හො වරදින්න මම කරන්නෙ මම ආස දෙ...:yes:
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    හරි ඔයා maths කරලා ෆේල් උනොත් ඔයාට campus යන හීනය නැතිවෙලා යනවා. එකෙන් ඔයාගේ අනාගතයටත් ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන්.

    ඊට වඩා හොද නැද්ද කොමස් කරලා uni ගිහින් හොද ජොබ් එකක් ලබාගන්න එක?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හරි ඔයා maths කරලා ෆේල් උනොත් ඔයාට campus යන හීනය නැතිවෙලා යනවා. එකෙන් ඔයාගේ අනාගතයටත් ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන්.

    ඊට වඩා හොද නැද්ද කොමස් කරලා uni ගිහින් හොද ජොබ් එකක් ලබාගන්න එක?

    ජිවිතෙ කියන්නෙ හොද ජොබ් එකක් ලබා ගැනිම කියන එකම නෙමෙයි නෙ...
    මට අනුව ජිවත් විම කියන්නෙ තමන්ගෙ හිතට එකග දෙ කිරිම...
    මට කොමස් කරලා ලොකු ජොබ් එකක් ලැබෙවි..සල්ලි ලැබෙවි...එත් ජිවත් විමක් ලැබෙන එකක් නැ නේද....
    ජිවිතෙ තියෙන්නෙ ජිවත් වෙන්න මිස මට අර දේ ලැබුනෙ නැනෙ කියලා දුක් වෙන්න නෙමෙයි නේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ජිවිතෙ කියන්නෙ හොද ජොබ් එකක් ලබා ගැනිම කියන එකම නෙමෙයි නෙ...
    මට අනුව ජිවත් විම කියන්නෙ තමන්ගෙ හිතට එකග දෙ කිරිම...
    මට කොමස් කරලා ලොකු ජොබ් එකක් ලැබෙවි..සල්ලි ලැබෙවි...එත් ජිවත් විමක් ලැබෙන එකක් නැ නේද....
    ජිවිතෙ තියෙන්නෙ ජිවත් වෙන්න මිස මට අර දේ ලැබුනෙ නැනෙ කියලා දුක් වෙන්න නෙමෙයි නේ

    :rofl::rofl::rofl:
    ඔයා ඔහොම කිව්වට ඇත්තටම ඔය දේ සිද්ධ උනානම් ඔයා අදටත් දුක් වෙනවා අපරාදේ මට කොමස් කරලා uni යන්න තිබුනා කියලා
    ඒක තමයි සාමාන්‍ය මිනිස් ස්වභාවය :sorry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :rofl::rofl::rofl:
    ඔයා ඔහොම කිව්වට ඇත්තටම ඔය දේ සිද්ධ උනානම් ඔයා අදටත් දුක් වෙනවා අපරාදේ මට කොමස් කරලා uni යන්න තිබුනා කියලා
    ඒක තමයි සාමාන්‍ය මිනිස් ස්වභාවය :sorry:

    ඇත්තටම වෙලා තියෙ සුදු...එ වගෙම එ තීරනේ ගැන මම අදටත් සතුටු වෙනවා..හැබැයි එක a/l වගෙ පොඩි දෙයක් නෙමෙයි..කසාදයක් වගෙ ලොකු දෙයක්..මම අදටත් සතුටු වෙනවා එයාව නොබැන්ද එකට...එහෙම උනානම් අද මං මානසික රෝගියෙක් වෙනවා...;);):yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇත්තටම වෙලා තියෙ සුදු...එ වගෙම එ තීරනේ ගැන මම අදටත් සතුටු වෙනවා..හැබැයි එක a/l වගෙ පොඩි දෙයක් නෙමෙයි..කසාදයක් වගෙ ලොකු දෙයක්..මම අදටත් සතුටු වෙනවා එයාව නොබැන්ද එකට...එහෙම උනානම් අද මං මානසික රෝගියෙක් වෙනවා...;);):yes:

    මටත් ගොඩාක් සතුටුයි කිරියේ ඉන්න හොද යාලුවෙක් විදියට ඔයා නිවැරදි තිරණයක් අරන් සතුටින් ඉන්නවනම් :D:D:D

    ඒත් සමහර වෙලාවට අපේ කැමැත්තට ආසාවට ගන්න තීරණ පස්සේ කාලෙක ගත්තු නරකම තීරණ බවට පත්වෙනවා.:sorry: මටනම් වැඩි හරියක් තියෙන්නේ එහෙම තීරණ තමයි:sorry::sorry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මටත් ගොඩාක් සතුටුයි කිරියේ ඉන්න හොද යාලුවෙක් විදියට ඔයා නිවැරදි තිරණයක් අරන් සතුටින් ඉන්නවනම් :D:D:D

    ඒත් සමහර වෙලාවට අපේ කැමැත්තට ආසාවට ගන්න තීරණ පස්සේ කාලෙක ගත්තු නරකම තීරණ බවට පත්වෙනවා.:sorry: මටනම් වැඩි හරියක් තියෙන්නේ එහෙම තීරණ තමයි:sorry::sorry:

    එක වෙන්නෙ ඔයා එ තිරනෙ අරගෙන තියෙන්නෙ හිතට එකගව නොවෙන නිසා...ඔයාගෙ හිතට සැකයි ඔයාගෙ තීරනෙ ගැන...
    හැම වෙලෙම එ දේ තියෙන හොද පැත්ත බලන්න...
    මම කිවිවෙ එදාත්...නැති උන දෙට වඩා ලැබුන දෙ බලන්න....
    ඔයාට 1000ක් නැති වෙලා එකයි වෙන්න පුලුවන් ලැබෙන්න ඇත්තෙ...එත් එකක් හරි ලැබුනා නේද...අන්න එක ගැන හිතන්න...ජිවිතේ ඔනිවට වඩා විදවන්න යන්න එපා....

    ලද දෙයින් සතුටු වෙනවා කියන්නෙ දෙයක් කරන්න උත්සාහ නොකර ඉන්නම් වාලෙ ඉන්න එක නෙමෙයි.අපි කරන දෙයින් අපට ලැබුන දෙයින් සතුටු වෙන එක......
    අපි හැමොම මැරෙන මිනිස්සු කියලා නොකා නොබි ඉන්නවාද..ජිවත් නොවි ඉන්නවාද...නැනෙ...එ වගෙ තමා.....
     
    :sorry::sorry::sorry:

    ඔයා හරි. මන් ටිකක් over-thinking වැඩියි.
    මොකක් කරන්න ගියත් ඒකෙන් සිද්ද වෙන්න පුළුවන් හොද වගේම නරක ගැනත් ටිකක් වැඩිපුර හිතනවා.
    සමහරවිට ඒක වෙන්න ඇති මගේ අවුල
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    :sorry::sorry::sorry:

    ඔයා හරි. මන් ටිකක් over-thinking වැඩියි.
    මොකක් කරන්න ගියත් ඒකෙන් සිද්ද වෙන්න පුළුවන් හොද වගේම නරක ගැනත් ටිකක් වැඩිපුර හිතනවා.
    සමහරවිට ඒක වෙන්න ඇති මගේ අවුල

    මගේ පෞද්ගලික උපදෙස නම් “ජීවිතය” තේරුම් ගන්න කියලයි.
    අපි හැමෝම එකිනෙකාට වඩා වෙනස්.කොටින්ම කිව්වොත්. මම ඉපදුනේ තනියම මැරෙන්නෙත් තනියම .මැරෙන දවස කවද්ද කියලා අනුමාන කරන්නවත් මට බෑ.එහෙව් එකේ බලාපොරොත්තු කඩවීම් ,සිහින බිඳ වැටීම් අතිශය සාමාන්‍යයි. මම කාලයක් ජීවිතේ ඉලක්ක තියාගෙන ඒවා එකින් එක ලුහුබැන්දා. ගොඩක් දුරට මුලදී සාර්ථක වුන නිසා මම ඒක තමා ජීවිතේ කියලා හිතුවා.ඒත් ජීවිතේ අවුරුදු 30+ වගේ පහුවෙලා,කසාදබැඳලා ,තාත්තෙක් වුනාම තේරුණා ජීවිතේ එන බාධක ,බලාපොරොත්තු කඩවීම් අසාමාන්‍යයි කියලා. අපි කොච්චර හොඳට Plan A ,Plan B ,Plan C ගහලා තිබුනත් සමහර තැන්වලදී ඒ ඔක්කොම නවත්වලා අලුතින්ම ජීවිතේ පටන් ගන්න වෙනවා.ඒ නිසා හොඳම දේ තමන්ට කරන්න පුළුවන් උපරිමයෙන් කඩිසරව තමන්ගේ ඉලක්ක ලුහුබඳින එක.ඒ ඉලක්ක වලට යන අතරේ පුළුවන් තරම් සතුටින් ජීවිතේ විඳින එක.ඉලක්කයට යාම අසාර්ථක නම්(A/L තුන් පාරම failed නම්) අළුත් ඉලක්කයක් හදාගෙන ඒක ලුහුබඳින එක.
    අපි මොහොතකට හිතමු ආමි එකේ කොල්ලෝ “මේ රට වැඩක් නෑ දේශපාලකයෝ මේ රට විනාශ කරනවා ඒ නිසා යුද්ධ කරලා වැඩක් නෑ ආමි නොගිහින් වෙන ත්‍රීවීල් එකක් පැදන් ඉන්නවා කියලා” හිතුවා කියලා ..
    උන්ට මචං අපිට වඩා ප්‍රශ්ණ ...යුද්ධෙට ගිහින් අතපය නැති කරගත්ත එකෙක්වත් ආර්ථික ,සමාජයීය ප්‍රශ්ණ නැති එවුන් නෙමේ.ඒත් උන් ගැන වත් නොබලා යුද්ධයක් කලා.උඹ රණවිරු නිවාසෙකට ගිහින් බලපන් එකෙක්වත් නහයෙන් අඬ අඬ ඉන්නවද කියලා ..නෑ මචන් එකෙක්වත් නෑ..කොටින්ම උන් අපිට වඩා සතුටෙන් ,අභිමානයෙන් ඉන්නවා ආර්ථික ,පවුල් ප්‍රශ්ණ තිබුනත් ඒවා අමතක කරලා.
     
    • Like
    Reactions: rm1980 and NK123

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :sorry::sorry::sorry:

    ඔයා හරි. මන් ටිකක් over-thinking වැඩියි.
    මොකක් කරන්න ගියත් ඒකෙන් සිද්ද වෙන්න පුළුවන් හොද වගේම නරක ගැනත් ටිකක් වැඩිපුර හිතනවා.
    සමහරවිට ඒක වෙන්න ඇති මගේ අවුල

    අපො මාත් වෙලාවකට ඔවර් තින්කින් තමා..එත් මට ඉන්නවා හොද සහොදරයෙක්.එක කුස උපන්නෙ නැති උනත් ඊටත් වඩා හොද සහොදරයෙක්...මම වැටෙන හැමවෙලෙම දුවන් යන්නෙ එයා ලගට..ඔවර් හිතලා හිතලා ඔක්කොම කියවනවා..එයා අහන් ඉන්නවා..මට එකම ඇති හිත හදාගන්න..එයාටත් එහෙමම මයි...එයාත් ප්‍රශ්නයක් ආවාම ඇවිත් කියවනවා...මාත් අහන් ඉන්නවා...ජිවිතෙට හොද යාලුවෙක් හො සහොදරයෙක් හොයාගන්න..ප්‍රශ්න ගොඩක් අඩුවෙයි...
    හැබැයි එ කෙනා තමන් ගෙ සහකාරිය හො හිමිකාරිය කරගන්න එපා..එතකොට ප්‍රශ්න තව වැඩි වෙවි....
     
    • Like
    Reactions: SHAN_22

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මගේ පෞද්ගලික උපදෙස නම් “ජීවිතය” තේරුම් ගන්න කියලයි.
    අපි හැමෝම එකිනෙකාට වඩා වෙනස්.කොටින්ම කිව්වොත්. මම ඉපදුනේ තනියම මැරෙන්නෙත් තනියම .මැරෙන දවස කවද්ද කියලා අනුමාන කරන්නවත් මට බෑ.එහෙව් එකේ බලාපොරොත්තු කඩවීම් ,සිහින බිඳ වැටීම් අතිශය සාමාන්‍යයි. මම කාලයක් ජීවිතේ ඉලක්ක තියාගෙන ඒවා එකින් එක ලුහුබැන්දා. ගොඩක් දුරට මුලදී සාර්ථක වුන නිසා මම ඒක තමා ජීවිතේ කියලා හිතුවා.ඒත් ජීවිතේ අවුරුදු 30+ වගේ පහුවෙලා,කසාදබැඳලා ,තාත්තෙක් වුනාම තේරුණා ජීවිතේ එන බාධක ,බලාපොරොත්තු කඩවීම් අසාමාන්‍යයි කියලා. අපි කොච්චර හොඳට Plan A ,Plan B ,Plan C ගහලා තිබුනත් සමහර තැන්වලදී ඒ ඔක්කොම නවත්වලා අලුතින්ම ජීවිතේ පටන් ගන්න වෙනවා.ඒ නිසා හොඳම දේ තමන්ට කරන්න පුළුවන් උපරිමයෙන් කඩිසරව තමන්ගේ ඉලක්ක ලුහුබඳින එක.ඒ ඉලක්ක වලට යන අතරේ පුළුවන් තරම් සතුටින් ජීවිතේ විඳින එක.ඉලක්කයට යාම අසාර්ථක නම්(A/L තුන් පාරම failed නම්) අළුත් ඉලක්කයක් හදාගෙන ඒක ලුහුබඳින එක.
    අපි මොහොතකට හිතමු ආමි එකේ කොල්ලෝ “මේ රට වැඩක් නෑ දේශපාලකයෝ මේ රට විනාශ කරනවා ඒ නිසා යුද්ධ කරලා වැඩක් නෑ ආමි නොගිහින් වෙන ත්‍රීවීල් එකක් පැදන් ඉන්නවා කියලා” හිතුවා කියලා ..
    උන්ට මචං අපිට වඩා ප්‍රශ්ණ ...යුද්ධෙට ගිහින් අතපය නැති කරගත්ත එකෙක්වත් ආර්ථික ,සමාජයීය ප්‍රශ්ණ නැති එවුන් නෙමේ.ඒත් උන් ගැන වත් නොබලා යුද්ධයක් කලා.උඹ රණවිරු නිවාසෙකට ගිහින් බලපන් එකෙක්වත් නහයෙන් අඬ අඬ ඉන්නවද කියලා ..නෑ මචන් එකෙක්වත් නෑ..කොටින්ම උන් අපිට වඩා සතුටෙන් ,අභිමානයෙන් ඉන්නවා ආර්ථික ,පවුල් ප්‍රශ්ණ තිබුනත් ඒවා අමතක කරලා.

    එල මචං ගොඩක් වටින reply එකක්
    මන් මේ රිප්ලයි එක තව තැනක කලින් දැක්කා. උබම දාපු එකක් වෙන්නැති.

    nvD3NUx.png
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපො මාත් වෙලාවකට ඔවර් තින්කින් තමා..එත් මට ඉන්නවා හොද සහොදරයෙක්.එක කුස උපන්නෙ නැති උනත් ඊටත් වඩා හොද සහොදරයෙක්...මම වැටෙන හැමවෙලෙම දුවන් යන්නෙ එයා ලගට..ඔවර් හිතලා හිතලා ඔක්කොම කියවනවා..එයා අහන් ඉන්නවා..මට එකම ඇති හිත හදාගන්න..එයාටත් එහෙමම මයි...එයාත් ප්‍රශ්නයක් ආවාම ඇවිත් කියවනවා...මාත් අහන් ඉන්නවා...ජිවිතෙට හොද යාලුවෙක් හො සහොදරයෙක් හොයාගන්න..ප්‍රශ්න ගොඩක් අඩුවෙයි...
    හැබැයි එ කෙනා තමන් ගෙ සහකාරිය හො හිමිකාරිය කරගන්න එපා..එතකොට ප්‍රශ්න තව වැඩි වෙවි....

    :love::love::love:

    ඇයි හොදම යාළුවා තමන්ගේ සහකාරිය කරගන්න එපා කියන්නේ?
    එතකොට කොහොමද ප්‍රශ්න වැඩිවෙන්නේ? :confused:
    හොදම යාලුවෝ කියන්නේ එකිනෙකාව හොදින් තේරුම් ගත්ත අයටනේ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :love::love::love:

    ඇයි හොදම යාළුවා තමන්ගේ සහකාරිය කරගන්න එපා කියන්නේ?
    එතකොට කොහොමද ප්‍රශ්න වැඩිවෙන්නේ? :confused:
    හොදම යාලුවෝ කියන්නේ එකිනෙකාව හොදින් තේරුම් ගත්ත අයටනේ

    හිතන්න ඔයාගෙ හොදම යලුවා කෙල්ලෙක් කියලා.එයාවම ඔයා කසාදත් බදිනවා..
    එත් අපි මිනිස්සුන්ගෙ හිත් පුදුමයි..ඔය දෙන්නා පාරෙ යනකොට ලස්සන කෙල්ලෙක් දකිනවා ඔයා හිතනවද එ කෙල්ල ගැන කමෙන්ට් එකක් වයිෆ් එක්ක කරන්න පුලුවන් වෙයි කියලා.එයා එලිපිට කතා කරාවි..එත් හිතින් එ කෙල්ලවයි තමන් වයි සංසන්දය කරනවා..මේයා එයාට කැමති ඇයි කියලා හිතනවා...
    එත් යාලුවො එහෙම නැ...උනුත් එ කෙල්ලගෙ ලස්සන බලලා නිකම් ඉන්නවා...