කව්ද මේ කොන්ක්‍රීට් කුලසිංහ

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,086
    198,585
    113
    Colombo, Sri Lanka
    119481112_364213901377881_3697454623243546050_n.jpg
    Kula.jpg


    ඒ එන් එස් කුලසිංහ නොහොත් කොන්ක්‍රීට් කුලසිංහ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබුවේ ඉංජිනේරු කුලසිංහයන්ය.
    මෙතුමා1944 වරාය සේවයට එක් වූයේ කනිෂ්ඨ උප වරාය ඉංජිනේරුවරයකු ලෙස ය .මොහුගේ කොන්ක්‍රීට් ගැන අත්හදා බැලීම් වලට තෝතැන්න වූයේ වරාය භූමියයි . මොහු වරාය අධිකාරියේ සභාපති ධුරයට පත් වන්නේ 1963 දී ය .

    කැළණිය ටයර් කම්හල ,යක්කල ලංකා ලෝහ කම්හල ඔරුවල වානේ කම්හල ඉදිකිරීම සඳහා මූලික අදහස කුලසිංහයන්ගේ ය .
    පසු ව 1962ජනවාරි 02 වනදාා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව පිහිටවා එහි සභාපති ධුරයට පත් වූ අතර 1970 වන විට මෙතුමා ව මෙම ඉංජිනේරු සංස්ථාවේ සභාපති ධූරයෙන් ඉවත් කිරීමට සියලු කුමන්ත්‍රණ සකස් වී තිබුණි .


    Sec_06.jpg
    indexww.jpeg


    මේ සියලු තනතුරු හැර දමා කුල සිංහයන් මැලේසියාවට ගියේ ECATE නම් ජාත්‍යන්තර වැඩපිළිවෙළට සම්බන්ධ වීමට ය.මැලේසියාව ඔහුව ඒ සඳහා සාදරයෙන් පිළි ගත්තේ ය .කුලසිංහයන් මැලේසියානුවන්ට කොන්ක්‍රීට් බෝට්ටු සෑදීමට අවශ්‍ය දැනුම ලබා දුන්නේ මේ කාලයේ දී ය .මෙහිදී එක් දෛවෝපගත සිදුවීමක් සිදු විය .ලංකාවේ එවකට නිවාස අමාත්‍ය වරයා අඩු වියදම් නිවාස ගැන උපදෙස් ලබා ගැනීමට මැලේසියාවට ගියේ ය .එහි දී දේශන පැවැත්වූයේ ඉංජිනේරු සංස්ථාව ඉවතට විසි කළ ඉංජිනේරු කුලසිංහයන් වීම අමාත්‍යවරයා පුදුමයට පත්විය.

    Harb_04.JPG

    අපේ රට කිසිදින බුද්ධිමතෙකුට ඉඩ දුන්නේ නැත. ලංකා රජය කොන්ක්‍රීට් සිලින්ඩර කොටන් ගැන උපදෙස් ලබා ගැනීමට මෙරටට ගෙන්වූයේ ස්විට්සර්ලන්ත ඉංජිනේරු උපදේශකයින් පිරිසකි .ඔවුන්ට ඉංජිනේරු කුලසිංහ ගැන දැනගන්නට ලැබුණි. අන්තිමට ස්විට්සර්ලන්ත විද්වතුන්ට සිදුවූයේ කොන්ක්‍රීට් සිල්පර ගැන ඉංජිනේරු කුලසිංහයන් ගෙන් ඉගෙන ගැනීමය .

    119238141_364214118044526_5033030680552116752_f.jpg

    කුලසිංහයන්ගේ කොන්ක්‍රීට් තාක්ෂණය ගැන ලංකා රජයට ප්‍රශංසා කළ ස්විට්සර්ලන්ත විද්වතුන් ආපසු තම මව් රටට ගියේය .
    මේ අතර සිංගප්පූරුවේ මිලියන දෙකක වැටුපකට සේවය කළ ඉන්ජිනේරු කුලසිංහයන්ව 1977 ජේ ආර් ජයවර්ධන ජනාධිපති වරයා විසින් නැවත ලංකාවට කැඳවූයේ ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය සභාපති තනතුරටය. ඒ රැ 50000 වැටුපකටය.
    ජයවර්ධන ජනාධිපතිවරයා කුලසිංහයන්ගේ අසන්නේ වසර 30කින් නිම කිරීමට නියමිත මහවැලි ව්‍යාපාරය වසර 5 -8 අතර නිම කිරීමට හැකිද යන්නයි.අනෙකුත් විශේෂඥයන් බැහැයි කියද්දී කුලසිංහයන් එම වගකීම බාරගත්හ.

    පස් භාවිතා කරමින් ලෝකයේ වේලි තැනීම පිළිබඳව විශේෂඥ දැනුම තිබුනේ ලංකාවේ බව කුලසිංහයන් දැන සිටිි අතර ඔහු⁣ ගුරුකොටගත්තේ ලංකාවේ දැවැන්ත නිර්මාණ පිළිබඳව " නිඩඩ් සහ ක්‍රැසගැන්ඩී "යන විද්‍යාඥයින් විසින් රචිත දුර්ලභ කෘතියකි.
    බ්‍රිතාන්‍යයන් මූල්‍ය බරපැන දැරු අතර තාක්ෂණික දැනුම ඉංජිනේරු කුලසිංහයන් සතු විය. කුලසිංහයන් ඟගේ ස්වභාවයත් භූමියත් නිරීක්ෂණය කර පස් වලින් වේලි තනන අපේ ඉපැරණි විද්‍යාව ගුරැකොට ගෙන වේල්ලක අනුරුවක් පොල්කටුවක ස්වභාවයට ඉදිකලහ.
    මාදුරුඔය ව්‍යාපෘතිය සඳහා කුලසිංහයන් ඇස්තමේන්තුකල මුදල රැපියල් මිලියන 650 කි.නමුත් රාජ්‍ය ප්‍රධානීන් එය නොසලකා හරිමින් කැනේඩියානුවන්ට අනුමැතිය දුන්නේ මිිලියන 2800 කටය .



    index.jpeg
    Sec_15.jpg

    කුලසිංහයන් කොළඹ සිට කොන්ක්‍රීට් බොට්ටු සාදා හොංකොංවලට යවද්දී ධීවර අමාත්‍යාංශය ත්‍රිකුණාමලය ට සුද්දෙක් ගෙනවිත් කොන්ක්‍රීට් බෝට්ටු සෑදෙව්වේ කුුලසිංහයන්ට රිදෙන්නටය.කලුතර ⁣චෛත්‍යය,කොත්මලේ මහා සෑය, ග්‍රහලෝකාගාරය ට තාක්ෂණික ඥාණය ලබාදුන්නේ කුලසිංහයන් විසින්ය .
    නමුත් කුලසිංහයන්ගේ වටිනාකම මෙරට උදවිය හරිහැටි වටහාගෙන නොමැත.


    unnamed.jpg

    මේ ආතර් සී ක්ලාක් මහතා කුලසිංහයන් ගැන දැක්වූ අදහසකි. " බොහෝ දුරින් වූ කල්පිතයන්ට බිය නැති ස්වාධීන චින්තකයන් ⁣ලෝකයට අවශ්‍යය.එසේම ඔවුන්ගේ සිහින සැබෑ කිරීමට හැකි ප්‍රායෝගික සුපරික්ෂාකාරී ඉංජිනේරුවන් අවශ්‍යය. ඔවුන් එකිනෙකා හා අනුපූරකව පවතින අතර දෙදෙනාගෙන් එක්අයකු හෝ නොමැතිව සාර්ථකත්වයක් ලබා ගත නොහැකිය".

    sir-arthur-clarke-photo-by-shahidul-alam.jpg


    සීමාවෙන් පිටත වූ දේ සිතන ස්වාධීන චින්තකයන් නොසිටින්නට අද අපට ඉතා අනර්ඝ ගල්යුගයේ ශෛලමය උපකරණ තිබෙන්නට ඉඩ නොතිබුණි.කිසිවකු වානේ සොයා නොගැනීමට ද ඉඩ තිබුණි . ආචාර්ය කුලසිංහ යනු මේ ආකාර දෙකේම සංකලනයකි.

    පුවත්පත් සටහනක් අසුරින් සකස්කරන ලදී. සැකසුම NRTG
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    ලෝකේ කොහෙත් ඔහොම තමයි නිකොල ටෙස්ලා ගේ පෙටන්ට් 17 පාවිච්චි කරලා රේඩියෝ එක හදපු මාර්කෝනි පොරක් වුණා, ටෙස්ලා දුගියෙක් විදිහට මැරිලා ගියා.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    රෙස්පෙක්ට් සර් කියලා කට පුරා කියන්න ඕනේ මේ වගේ අයට.
    කළුතර චෛත්‍ය , කොත්මලේ මහවැලි මහා සෑය දෙකම බලන්න ගියොත් කුලසිංහ සර් කවුද කියලා තමන්ටම හිතාගත්තැකි.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩේ බලපන් සුපිරි මිනිස්සු ලංකාවෙ බෑ කරන්න.. දැන් අර සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරල් මාරු කලේ ඉන්න දෙන්නේ නෑ වැඩක් හරියට කරගෙන.. හොදින් කලොත් මාරු කරනව, පිස්සු කෙලියොත් දිගටම ඉන්න දෙනවා...TFS bro good thread
     

    Similar threads