1962 අප්‍රේල් මාසයේ දිනයක ඩෝරතී ම'සර් නම් වූ ඇමෙරිකානු ජාතික කාන්තාව කැලිකෝටුවැව ග්‍රාමය නැරඹීමට පැමිණියා. ඇයගේ මාර්ගෝපදේශකයා වූයේ රිචර්ඩ් පොන්නම්පෙරුමයි. ඇයගෙසැලසුම වූයේ දින තිහක් ලංකාවේ සංචාරය කිරීමටයි. නමුත් සියල්ල වෙනස් වීමට ගතවූයේ දින කිහිපයයි. ඩෝරතී සහ රිචඩ් දෙපල අතර සම්භන්ධතාවය දිනයෙන් දිනය වැඩෙන්නට පටන්ගත්තා. ඔවුන් ආහාර පවා එකට ගැනීමට පුරුදු උනා. වැඩිකලක් නොගිහින් ඔවුන් දෙදෙනා ආදරය කිරීමට පටන්ගත්තා. සංස්කෘතිකමය වශයෙන් සමාජීය වශයෙන් ඔවුන් වෙනස් උවත් ඔවුන්ට ඒවා කොහෙත්ම බාධාවක් උනේ නෑ.
ඉවුන් දෙපල ගම්පහ ප්‍රදේශයට පදිංචියට පැමිණියා. කාලය කෙමෙන් ගතවුනා. රුදුරු මැලේරියා රෝගයට ගොදුරු වී රිචඩ් පොන්නම්පෙරුම තම දිවියෙන් සමුගත්තා. ඩෝරතී තමන්ගේ දුක සගවාගනිමින් නැවත ඇමරිකාවේ කැලිෆෝනියාවේ පදිංචියට ගියේ දෙවරක් නොසිතාය. දින ගතඋනා තමන් රිචඩ්ගේ දරුවෙක් කුසේ දරාගෙන සිටින බව ඇය දැනගත්තේ පසුවයි. ඇයට මහත් සතුටක් දැනුනා. ඇය එම දරුවාව පණසේ ආරක්ෂා කරමින් මෙලොවට බිහිකරා. ඒ 1963 දෙසැම්බර් 30 වෙනිදායි.
මනම්පේරිගේ රිචර්ඩ් පොන්නම්පෙරුමගේ නම සැමදාම මතකයේ රැදෙන්නට එම දරුවා " මයික් රිචර්ඩ් පොම්පියෝ" ලෙස නම තබන්නට තරම් ඩෝරතී ආදරණීය කාන්තාවක් උනා. මයික් "United states Secretary of state" යන පදවිය දක්වා යාමට සමත් උනා. ඔහු ලංකාවට පැමිණෙන්නේ ගිවිසුම් නිසා යැයි ඊනියා බලවේග රාව පැතිරුවත් ඔහු පැමිණෙන්නේ ඔහුට ලෙයින් උරුම දේශයටයි. ඔහු පැමිණෙන්නේ ඔහුට දායාද දේශයටයි. ඔහුගේ මවගේ අවසන් ඉල්ලීම පරිදී පොන්නම්පෙරුම තම පියාගේ දේශය ගොඩ නැගීමටයි. ඔහුගේ අතින් මේ පුන්‍යභූමියට හානියක් නොවන බවට ඔබටද මටද රහසක් නොවේ. හේතුව තවමත් ඔහුගේ හිතෙහි ඇත්තේ පියාට උපන් සෙනෙහස මිස වෙනත් කාරණා නොවේ.