කව්ද මේ IS - K

hitmanrock

Well-known member
  • Dec 13, 2007
    729
    535
    93
    IS - K (Islamic State Khorasan), ගැන නැවත කරලියට එන්නේ ඕවුන් ඊයෙ දිනයේදී ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරයට එල්ල කල මරාගෙන මැරෙන ප්‍රහාරයත් සමගය. IS - K සංවිධානය ISIS සංවිධානයේ අංකුරයක් ලෙස 2015 ජනවාරි මස පටන්ගත්තකි. ISIS සංවිධානය තම ඉස්ලාම් කැලිපතය ඉරාකය හා සිරියාව ඉලක්ක කරගෙන ප්‍රකාශ කරද්දී, IS - K ඔවුන්ගේ ඉලක්කය ලෙස කොරසන් ප්‍රදේශය නම් කරනවා. කොරසන් ප්‍රදේශය යනු අතීතයේ ඉස්ලාම් කැලිපතය යටතේ තිබු යැයි විස්වාස කරන වර්තමානයේ ඉරානයේ ඊසාන දිගත්, ටර්ක්මෙනිස්තානයේ දකුණුත් හා ඇෆ්ගනිස්ථානයේ උතුරැ ප්‍රදේශයත්ය .


    khorasan.PNG


    IS - K පකිස්ථාන හා ඇෆ්ගනිස්ථාන ත්‍රස්තයන්ගේ සැදුම් ලත්තකි. තලේබාන් සංවිදානය අතහැර ගිය බොහෝ පුද්ගලයින් IS - K හා එක්වී ඇත. IS - K යනු තලේබාන් වරුන්ගේ ප්‍රදාන ප්‍රතිවාදී කණ්ඩායමකි. IS - K තම මුලස්ථානය කරගෙන් ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ නන්ගහාර් පලාතේ නැගෙනහිර ප්‍රදේශයය.

    area.PNG


    මේ වසරේ පළමු මාස 4 ඇතුලත ප්‍රහාර 77 IS - K විසින් සිදුකර ඇත.

    IS - K සිදුකර ඇති ප්‍රහාර කිහිපයක්.

    - මැයි මස කාන්තා පාසලක් ඉලක්ක කරගනිමින් සිදු කර ප්‍රහාරයේදී පුද්ගලයන් 85 දෙනෙක් මරුමුවට පත්විය.
    - 2020 කාබුල් නුවර ගැබිණි කාන්ත වටුට්වකට එල්ල කර ප්‍රහරෙන් කාන්තාවන් හා ළමයින් 24 මරුමුවට් පත්විය.
    - 2018 පකිස්ථානයේ සිදු කර මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් 128 මරුමුවට පත්විය.