කළු මුහුදේ ශාපය Q

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,744
    3,091
    113
    කළු මුහුදේ ශාපය

    රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරිමට බලපෑ හේතු කිහිපයක්ම ඇති අතර කළු මුහුදේ බලය වඩාත් සුරක්ෂිත කරගැනිමද ඒ අතරින් එක් හේතුවක් බවට සැක නැත. සමස්ථ යුක්‍රේනයටම වඩා වැඩි වටිනාකමක් ඇති කළු මුහුදේ රුසියානු බලයට අභියෝග කළ හැකි ජගතෙකු යුක්‍රේන ආක්‍රමණය ආරම්භය දක්වාම නොවිය. සියවස් කිහිපයක සිට කළු මුහුදේ ආධිපත්‍යය දැරු රුසියාවේ කළු මුහුදු බලඇණියට යුක්‍රේන යුද්ධය ආරම්භයත් සමඟ උදාවුයේ එතරම් සුබ කාලයක් නොවේ.

    යුක්‍රේන යුද්ධය ආරම්භ වි මාස එකහාමරක් ගතවිමටත් මත්තෙන් කළු මුහුදු බළ ඇණියේ ප්‍රධාන නෞකාව වු මොස්කාවා යුධ නැව යුක්‍රේන නෞකා-නාශක මිසයිල ප්‍රහාරයක් හමුවේ ගිලිගියේ රුසියානු අභිමානයට බලවත් අතුල් පහරක් එල්ල කරමිනි. එතනින් නොනැවතුනු යුක්‍රේනුවෝ නිරන්තරයෙන් කළු මුහුදු බළ ඇණියේ මුලස්ථානය ඉලක්ක කර මිසයිල ප්‍රහාර එල්ල කරන්නට විය. නමුදු කළු මූහුදේ සාපය බවට පත් වුයේ මේ මිසයිල ප්‍රහාර නම් නොවේ.

    2022 ඔක්තෝබරයේ ක්‍රිමියාව ආසන්නයේ ප්‍රථම නෞකාව මුහුදු ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්වන විට මෙය සමස්ථ කළු මුහුදු බලඇණියම බියෙන් සලිත කරන්නා වු සාපයක් බවට පත්වනු ඇතැයි රුසියාව කිසි ලෙසකත් නොසිතන්නට ඇත.

    මුහුදු ඩ්‍රොනා සංකල්පය යුක්‍රේනුවන්ගේ නොවුවද ස්වයං-නාශක මුහුදු ඩ්‍රොන ප්‍රථම වතාවට භාවිතා කරනු ලබන්නෙ යුක්‍රේනුවන් විසිනි. යුක්‍රේන යුද්ධය ආරම්භයත් සමඟ ඇමරිකාව විසින් මුහුදු ඩ්‍රෝන යාත්‍රා විශේෂයක් යුක්‍රේනයට ලබාදුන් බව කියනු ලැබේ. ඒම ඩ්‍රොන රුසියානු නෞකාවලට ප්‍රහාර එල්ල කරනු ලබන ඩ්‍රෝනමද වෙනත් ඩ්‍රෝන විශේෂයක් දැයි තහවුරු වි නැතත් මේ වන විට යුක්‍රේනය නිශ්පාදනය කරනු ලබන ස්ව්‍යං නාශක මුහුදු ඩ්‍රෝන තුළ වැඩි වශයෙන් ඇමරිකානු තාක්ෂණය ගැබ්ව ඇති බවට සැකයක් නැත.

    කෙසේ හෝ වේවා යුක්‍රේන මුහුදු ඩ්‍රෝන ශාපය ඉතා ඉක්මනින් කළු මුහුදු බළ ඇණිය වෙලා ගන්නා ලදි. දිනෙන් දින මුහුදු ඩ්‍රෝන ප්‍රහාරවලට ලක්ව කළු මුහුදු ඇණියේ නෞකා එකිනෙක කළු මුහුදු පත්ල සිපගන්නට විය. නව තර්ජනයට එරෙහිව රුසියානුවෝ වහා වහා පිළියම් යෙදිමට උත්සුක වුවද මුහුදු ඩ්‍රෝන යානා මට්ටු කිරිමට සාර්ථක පිළියමක් සොයාගැනිමට අසමත් වුවෝය.

    කළු මුහුදු බළ ඇණියේ ප්‍රධානියා ඇතුළු ඉහළ නිළධාරින් කිහිප දෙනෙකුටම තනතුරු අහිමිව යන ලදි. සමුද්‍ර සන්ධිය යුධ නෞකා සදහා වසා ඇති හෙයින් අහිමිවන යත්‍රා වෙනුවට කළු මුහුදු ඇණිය වෙත නව නෞකා ගෙන ඒම නොකළ හැක්කක් හෙයින් නෞකා අහිමිවිම රුසියානුවන්ට කිසිසේත්ම නොසලකා හැරිය හැකි කරුණක් නොවේ. අවසානයේ සියවස් කිහිපයක් පුරා මහෙශාක්‍යය ලීලාවෙන් කළු මුහුද සිසාර යාත්‍රා කළ කළු මුහුදු බළ ඇණියේ යුධ නෞකා වැඩි වශයෙන් වරායන් තුළම ගාල් කර තැබිමට රුසියානුවන්ට සිදුවිය.

    කෙසේ වෙතත් යුක්‍රේන මුහුදු ඩ්‍රෝන යානා රුසියානු වරායන් තුළටම ගොදුරු සොයා එන ලදි. වහාම ටෝපිඩෝ දැල් යොදා වරායන් වටා අවරණය කළ රුසියානුවෝ වරාය පිවිසුම භාණ්ඩ ප්‍රවහාන නෞකා යොදවා අවහිර කරන ලදි. වරායන් ආරක්ෂාව සදහා රුසියාවේ සුප්‍රකට ඩොල්ෆින් බළකායේ ඩොල්ෆින් මත්ස්‍යයන් යොදවා ඇතැයිද බටහිර මාධ්‍යය වාර්තා පළ විය.

    නාවුක හමුදාවක් හෝ නොමැති රටකට එරෙහි යුද්ධයකදි සිය නෞකා මේ ආකරයෙන් වරායන් තුළ ගාල් කිරිමට විම ලැජ්ජාවක් ලෙස සෙසු ලෝකයා හැදින්විමට ඉඩ ඇති වුවද රුසියාව ගත් තිරණය ඥාණාන්විත බව කිව යුතුය. මේ දක්වා කළු මුහුදු බල ඇණියෙන් යුක්‍රේන යුද්ධයට එතරම් දායකත්වයක් ලැබුනේ නැත. ඔඩෙස්සා ආක්‍රමණයකදි කළු මුහුදු බළඇණියෙන් විශාල දායකත්වයක් ලබාගත හැකි වුවද මේ දක්වා රුසියාව කළු මුහුදු බළ ඇණිය යොදාගත්තේ යුක්‍රේනයට මිසයිල ප්‍රහාර එල්ල කිරිමට පමණි. එම කර්තව්‍යය ඔනෑම තැනක සිට කිරිමට රුසියාවට හැකියාව ඇති හෙයින් සිය නෞකා නිරපරාදේ බිලිදිමේ අවශ්‍යතාවයක් නොමැත. එමෙන්ම වෙනත් ඔනෑම බලවතෙකුද මෙම නව ඩ්‍රෝන තර්ජනය හමුවේ අන්ත අසරණව යනු ඇති බවට සැක නැත.

    කෙසේ වෙතත් කළු මුහුදේ සිට කිලෝමීටර් හයදහසක පමණ දුරින් ඉන්දියන් සාගරයේ කුඩා රටක් කලකට ඉහතදි මේ ආකාරයේම නොවුවද මිට බොහෝ සමාන තර්ජනයකට මුහුණ දුන් බවද එම තර්ජනය සාර්ථකව ජය ගැනිමට සමත් වු බවද කිව යුතුය. ඒ කුඩා රට නම් ශ්‍රී ලංකාවයි.

    එල්ටිටීඊ සංවිධානය යනු ලොව මෙතෙක් බිහිවු බලවත්ම භයානකම ත්‍රස්ත සංවිධාන අතරින් එකකි. අල්කයිඩා තලෙයිබාන් අයිඑස් වැනි බලගතු ත්‍රස්ත සංවිධාන වලට පවා පෙරමං සැපයු ත්‍රස්ත සංවිධානය එල්ටිටීඊය බව පැවසිම අතිශෝක්තියක් නොවේ. අද සියළුම ත්‍රස්තවාදී සංවිධාන භාවිතා කරනා මරාගෙන මැරෙන ඇදුම් කට්ටලය ලෝකයට හදුන්වා දුන්නෙ එල්ටිටීඊයයි. තමන්ගේ ප්‍රධානම ආයුධ සැපයුම් කරුවා වු ඉන්දියාවට එරෙහිව පවා දෙවරක් නොසිතා පහරදිමට එල්ටිටීඊය පැකිළුනේ නැත. අප තුළ එල්ල්ටිටීඊය කෙරෙහි ඇති වෛරයද විළිලැජ්ජා සහගත බව නිසා ඉන්දියාවද යටපත් කර දමන ලද්දා වුවද එල්ටිටීඊය ඉන්දියානු හමුදාවට එරෙහිව ලබාගත් ජයග්‍රහණ සුළුපටු නැත. එල්ටිටීඊ යුධ උපක්‍රම හා සටන් හැකියාවන් හේතුවෙන් ඉන්දියානු හමුදාව විශ්මයටද භීතියටද පත්වු බව කියනු ලැබේ. එපමණක් නොව ලොව සිව් වන බලගතුම රට වන ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයාව ඉන්දියානු භූමිය තුළම ඝාතනය කරනු ලැබිම සුළු පටු වැඩක් නොවේ.

    නමුත් එවන් බලවත් එල්ටිටීඊය පරාජය කිරිමට එල්ටිටීඊයට වඩා ඉදිරියෙන් සිටිමට ශ්‍රී ලංකා යුධ හමුදාව සමත් විය. එතරම් දියුණු පහසුකම් නොමැතිව වුවද, සුපිරි ප්‍රහාරක යානා නොමැති වුවද, ස්වය‍ංක්‍රියව ඉලක්කය සොයායන බෝම්බ හෝ මිසයිල නොමැති වුවද ශ්‍රී ලංකා ගුවන් හමුදාව චලනය වන ඉලක්කවලට පවා 100% ක් නැවැරදිව ප්‍රහාර එල්ල කරන විඩියෝ ඔබ ඔනෑ තරම් නරඹන්නට ඇත.

    එමෙන්ම රට වට බැඳි රන් වැට වු ශ්‍රී ලංකා නාවුක ඊළාම් යුද්ධයේදි ඉටුකල කාර්‍යබාරය අමතක කළ නොහැක. රුසියානුවන් අද කළු මුහුදේ දි සලිතව ඇති ඩ්‍රෝන යාත්‍රා තර්ජනයට බොහෝ සෙයින් සමාන තර්ජනයකට යුධ සමයේදි මුහුණදීමට ශ්‍රී ලංකා නාවුක හමුදාවට සිදුවිය. එය නම් එල්ටිටීඊ මරාගෙන මැරෙන යත්‍රා තර්ජනයයි.

    එල්ටිටීඊය විධාකාරයේ ප්‍රහාරක බෝට්ටු හා මරාගෙන් මැරෙන බෝටුටු වර්ග ගණනාවක් භාවිතා කළ අතර සමහර බෝට්ටු ස්ටේල්ත් තාක්ෂණයට අනුකූලව නිශ්පාදනය කරනු ලැබු ඒවා විය. සමහර එල්ටිටීඊ බෝට්ටු පුදුමාකාර ලෙස යුක්‍රේන ඩ්‍රෝන යාත්‍රාවලට හැඩයෙන් පෙනුමෙන් හා ප්‍රමාණයෙන් සමානය යුක්‍රේන ඩ්‍රෝන යාත්‍රාවලට වඩා මෙම යාත්‍රාවල වෙනස වුයේ යුක්‍රේන ඩ්‍රෝන යාත්‍රා දුරස්ථ පාලක ක්‍රමයට පාලනය කරනු ලැබිමයි. කෙසේ වෙතත් එල්ටිටීඊ මරාගෙන මැරෙන යාත්‍රා දුරස්ථ පාලකව පාලනය කරනු නොලැබුවද ක්‍රියාකාරීත්වය එකම වෙයි. ජෑමර් හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික ක්‍රමවලින් බාධා කිරිමට නොහැකි එල්ටිටීඊ යාත්‍රා ඒ අතින් ගත් කල යුක්‍රේන යාත්‍රාවලට වඩා ඉදිරියෙන් පසුවන බවද කිව හැකි.

    එල්ටිටීඊය මේවා භාවිතා කළෙද ඉතාම ඥාණාන්විත ආකාරයෙනි. ප්‍රහාරක බෝට්ටු තිහ හතළිහක් ස‍මඟ මරාගෙන මැරෙන යාත්‍රා දහයක් හෝ වැඩි ගණනක් පැමිණෙන අතර සටන අතර තුර එක් වරම මරාගෙන මැරෙන බෝට්ටු ප්‍රහාර එල්ල වෙයි. යුක්‍රේන යාත්‍රා මෙන්ම රේඩාර් උපකරණවලට ග්‍රහාණය කරගැනිමට අසිරු ලෙස නිපදවා ඇති මෙම යාත්‍රා පරාජය කිරිමට අපගේ විරෝධාර රණවිරුවන් සමත් වු බව කිව යුතුය. මේ සදහා ශ්‍රී ‍ලංකා නාවුක හමුදාවද එල්ටිටීඊය තරම්ම උපක්‍රමශීලී වෙමින් ඩෝරා හා ඊටද කුඩා යාත්‍රා සටන් සදහා යෙදවිම මෙම අභියෝගය ජය ගැණිම පහසු විමට හේතුවක් විය හැක. නමුත් ප්‍රධානම හේතුව නම් අපගේ රණවිරුවන් සැමවිටම සිය දිවි දෙවනි කොට සටන් වැදිම බව කිව හැක. ප්‍රහරවලින් කෙසේ හෝ බේරි පැමිනිමට එල්ටිටීඊ මරාගෙන මැරෙන යාත්‍රාවක් සමත් වුවහොත් අපගේ රණවිරුවන් සිය ජිවිතය පවා අතහැර තමන්ගේ යත්‍රාවෙන් එල්ටිටීඊ යත්‍රාව හප්පා හෝ නතර කළ අවස්ථා විරල නැත.

    විශේෂයෙන් ජෙට් ලයිනර් නැව රැකගැනිමට නාවුක හමුදාව සමත්විමම නාවුක හමුදාවේ දක්ෂතාවයට දෙස් දෙයි. යුධ සමයේ ශ්‍රී ලංකාවේ වටිනාම නෞකාව වු ජෙට්ලයිනර් නෞකාව එක් වරකට යුධ සෙබළුන් තුන්දහස් පන්සියක් පමණ රැගෙන ගිය අතර මිළ ආධික අවි ආයුධ පවා ප්‍රවහානය කිරිම සදහා යොදාගත්තා. මුහුදු කොටින්ගේ බල ප්‍රදේශ හරහා යාපනයට ගමන් කළ ජෙට්ලයිනර් නෞකාව එකළ මුහුදු කොටින්ගේ ප්‍රධානතම ඉලක්කය වුනා. යම් හෙයකින් ජෙට්ලයිනර් නෞකාව ගිල්වා දැමිමට එල්ටිටීඊය සමත් වුවානම් එය යුද්ධයේ හැරවුම් ලක්ශ්‍යයක් වීමට පවා ඉඩ තිබුනා. නමුත් එල්ටිටීඊය මරාගෙන මැරෙන යාත්‍රා ඇතුළු ඔවුන්ගේ උපරිම බලය යොදා අවස්ථා රාශිකදිම උත්සහා කළත් ඒ සෑම අවස්ථාවකම එය පරාජය කිරිමට ශ්‍රී ලංකා නාවුක හමුදාව සමත් වුනා.

    ත්‍රිවිධ හමුදාවද පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකායද එදා ඒ කළ කැප කිරිම අප සදා සැමරිය යුතුව ඇත. එමෙන්ම ආපසු හැරි බැලිමේදි ශ්‍රී ලංකා හමුදාව මෙන්ම එල්ටිටීඊයද දක්වා ඇති දක්ෂතාවද බුද්ධියද නිර්මාණශිලිත්වයද සුළුපටු නොවන බව සැඟවිය නොහැකි නමුදු යටපත් කර ඇති සත්‍යයකි. එදා අපි අපි මරාගැනිමට වැය කළ ශක්තිය අප එක්වි රට ගොඩ නැගිමට වැය කළේ නම් ජාතියෙන් කුමක් වුවද ශ්‍රී ලාංකිකයන් වන අපි අද ලෝකයේ බොහෝ බලවතුන්ට වඩා ඉහළින් සිටිමට හැකියාවක් ඇති උන් බව ප්‍රකාශ කළ යුතුමය. නමුත් කණගාටුවට කරුණ නම් යුද්ධය නිමවි දශකයටද වඩා ගත වුවද තවම අප අතර යම් දුරස් බවක් පැවතිමයි. ඉදිරියේදි හෝ එක්ව ජයගැනිමට අපි හැමටම වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා !!

    වන විට රුසියාව යම් තරමකින් ඩ්‍රෝන තර්ජනයට හැඩ ගැසෙමින් පවතිනු ලබන බව කිව යුතුය. මේ වන විට කුඩා යාත්‍රා කිහිපයක්ම කළු මුහුදට අනුයුක්ත කර ඇති අතර ඩ්‍රොන දඩයම සදහා හෙලිකොප්ටර් යානාද අනුයුක්ත කර තිබේ. එමෙන්ම මේ වනවිට රුසියාවද මුහුදු ඩ්‍රෝන යානා නිශ්පාදනයට අතගසා ඇත
    Copied