Richard Cory
අ.පො.ස. සා/පෙළ ඉංග්‍රීසි සාහිත්‍යය විෂයයට නිර්දිෂ්ට අපූරු කවි පංතියක් රිචඩ් කෝරි. මේ කවි පංතිය ලියන්නේ Edwin Arlington Robinson නමැති අමෙරිකානු සූර ලේඛකයා. සාමාන්‍යෙන් අපට හුරු පුරුදු මාතෘකාවකට එහා ගිය වෙනස් එකක් තමයි කවියා භාවිත කරන්නේ. මේක නිකංම නිකං නමක්. පිරිමියෙකුගේ නමක්. කොටින්ම මේ කියන Richard Cory තරුණයෙක්ද, මහල්ලෙක්ද, දරුවෙක්ද කියලාවත් ඉඟියක් ටයිටල් එකේ නැ. හැබැයි මේ පිරිමියෙක්. අපි දන්නවා පිරිමි ගැන කවි ලියවෙන්නේ අතිශය කලාතුරකින්.
සිංහල ගීත සාහිත්‍යයේ පිරිමි ගැන ලියවුණු ගීයක් හැටියට දකින්නේ නල දමයන්ති මුද්‍රා නාට්‍යයට අමරදේවයන් ගයන "ඈත කඳුකර හිමව් අරණේ " පමණයි. බුදුගුණ ගී, පියගුණ ගී හැරුණම පිරිමින් වර්ණනා වෙච්ච ගීත නෑ. එහෙනම් මේ Richard Cory සුවිශේෂ පිරිමියෙකු විය යුතුයි.
කෝරිගෙ චරිතය විස්තර වන්නේ Downtown මිනිසුන්ගේ දෘෂ්ටිකෝණයෙන්. මේ ඩවුන්ටවුන් මිනිස්සු ජීවිතයේ අනන්ත ගැහැට විඳින උදවිය. ඔවුන්ට අනුව කෝරි රජෙක්. වචනාර්ථයෙන්ම මහත්මයෙක්. හැබැයි කවිය අවසාන වන්නේ පාඨකයා කොහෙත්ම බලාපොරාත්තු නොවන මානයකින්. මේ ධනේශ්වර ප්‍රීතිමත් මහත්මයා එක් නිහඬ ගිම්හාන රාත්‍රියක හිසට වෙඩිතබා ගන්නවා.
ඉතින් මේ කවිය අපට සෑහෙන්න දේවල් හිතන්න ඉතුරු කරන කවියක්. ඕං කියවන්න කවිය. ඒ විතරක් මදි පළවෙනි කමෙන්ටුවේ ඇති කවිය ගැන පොඩි විචාරයකුත්. අහලා බලලා දරුවන් වෙනුවෙන් ෂෙයා කරලා සහය වෙන්න.
Richard Cory - Edwin Arlington Robinson
Whenever Richard Cory went down town,
We people on the pavement looked at him:
He was a gentleman from sole to crown,
Clean favored, and imperially slim.
And he was always quietly arrayed,
And he was always human when he talked;
But still he fluttered pulses when he said,
"Good-morning," and he glittered when he walked.
And he was rich – yes, richer than a king –
And admirably schooled in every grace:
In fine, we thought that he was everything
To make us wish that we were in his place.
So on we worked, and waited for the light,
And went without the meat, and cursed the bread;
And Richard Cory, one calm summer night,
Went home and put a bullet through his head.