දෙයක් කියන්නද...
ඔය කවි ලියන උන් ඉන්නව නේද... උන් දක්ෂයි වචන වලින් මනුස්සයෙක් නම්ම ගන්න. අන්න ඒ නිසා ඔවුන්ට ආකර්ශනය වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි.
මොකද කවියො කියන්නෙ වචන වලින් හිත් සනසන ජාතියක්. ගුප්ත මානුෂීය කොට්ඨාසයක්.
උන්ට රිදුනත් උන් ඒ හැඟීම් වචන කළා. උන්ට ආදරේ දැනුනාමත් ඒක වචන කළා. කවියො කියන්නෙම, ආදරේ හෝඩියම හදාරපු උන්. උන්ට පුලුවන් අඬ අඬා තියෙන හිතක් හදන්නත් හොඳින් තියෙන හිතක් අඬවන්නත්.
වැඩියෙන්ම ලියන කියවන කෙනෙක්ගෙ ආදරේ දැනුනොත් ගොඩක් පරිස්සමින් ආදරේ කරන්න. මොකද උන්ගෙ ආදරේ හෙනම බරයි. දරාගන්න අමාරුයි... ආදරේ වැඩියෙන්ම දැනෙද්දි උන් ඒ හැඟීම හරි ලස්සනට වචන කරනව වගේම උන්ට රිදුනොත් උන්ගෙ වචන තනිකරම පිහි තුඩු වගේ.
ඉතින් එහෙම උන්ට ආදරේ කරන්න. ඒ ආදරේ දරාගන්න පුළුවන් නම් විතරක්.
හැබැයි ඔයා එයාලගෙ කවියක නිමිත්ත වෙනව නම් ඔයා ගොඩක් වාසනාවන්තයි. මොකද කවියෙකුගෙ නිමිත්තක් වෙන්න හැමෝටම බෑ.
හැබැයි එක දවසක කවියෙක් ඔයාට ආදරේ කරන්න ගත්තොත්, ඔයා කවදාවත් මැරෙන්නෙ නම් නෑ.
මොකද කවියො කියන්නෙ විරහවත් රහට ලියපු උන්. ඒ නිසා උන් විරහව අස්සෙත් ආදරේ හෙව්ව. ඉතින් කවියො කියන්නෙ කවදාවත් තමන්ගෙ ආදරේ මරපු උන් නෙවෙයි.
උන් තමන්ගෙ ආදරේට කවියකින් හරි පණ දුන්න ජාතියක්.
ඉතින්...
කවියො කියන්නෙම ඇබ්බැහි වෙන සුළු ජාතියක්... ඒ නිසා පරිස්සමින්...

Code:
https://www.facebook.com/100087137074313/posts/pfbid04Yrybkm4dtdspdmFixxCbtEYr2AoyuGHR5ekDfNo7BCckFPZ137gcL1NBN173r8gl/?app=fbl
Last edited: