ඔබගේ කවි රසට මගෙ සිත බැඳුනා තමයි
ඉන් මතු වුණේ රසවත් වුනු යහළු කමයි
මට තව මෙහි රැඳෙන්නට නම් ආසා තමයි
එනමුත් පරක්කුයි නැත්නම් නෝනා බනියි
ඉන් මතු වුණේ රසවත් වුනු යහළු කමයි
මට තව මෙහි රැඳෙන්නට නම් ආසා තමයි
එනමුත් පරක්කුයි නැත්නම් නෝනා බනියි
සිතා සිත තුල රොද බැඳ
ගොතා මී වැනි කවි පද
කියන්නට රස කවි බැඳ
ගෙනෙමි ඇරයුම් වැඳ වැඳ
කවිය ගෙනෙනා අලංකාරය
දුරු කරයි හද භයංකාරය
වඩා හිත් තුල ප්‍රියංකාරය
කවිය ලොවටම චමත්කාරය


මට කවි ලියන්න දන්නැමේ හුය පටන් ගත් නාසම් මගෙ මිතුර
අන් අයගේ කවිම උපුටා ලයි නිතර
නිකමට වගේ මහමග ඉන්නා අතර
ලියලා දැම්මොතින් නරකද පද හතර



කවිය සහ කවියා
වේය ලෝකයේ දෙවියා
දුක් සුසුම් දුරයා
මමත් දැන සිටියා
මට කවි ලියන්න දන්නැ
නමුත් කවි කියවන්න
හරි ආසයි![]()








අනේ ඔය ඇත්තද
එහෙනම් අපිත් දෙවියොද
මනු දුක් නසන්නට
බැරි කිමද තව ඉතින් අපහට
කවි රසය හදුනන
සිතකට දුකක් ආවද
ඔහු ලියයි කවි පද
දුක් සුසුම් දුරුවේය විගසට
ඇත්තමයි මට නං
දුකක් ඉවසනු පුළුවං
ඔබ හරි නොවැ මචං
මටත් කවි ගැට ගහනු පුළුවං
කවි රසය දන්නා
සුසුම් ඉවසන්නා
දිවිය ජය ගන්නා
ඒ බව ලොවම දන්නා
නොගෙනා නිසා කම්බා
ඇය අද ඇත මට බුම්බා
මම නැහැ යන්නේ පුම්බා
බදාගෙන මම ඇය ඉම්බා


අදත් අරුමැක්කේ
ආව මේ පැත්තේ
කවියක් ගෙතිය යුත්තේ
කුමක් ගැනදැයි නොම දත්තේ