කවි සංකල්පනා

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කලකට පෙර ලියු ඒවා.......

    ලස්සනයි කිඹුලා අයියේ.....:love:
    කවියෙන් පිට වෙනත් කාරණයක් කියන්නම්.....
    බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ එන දාවිත් රජතුමා කියන්නෙත් හරිම කලාකාමී රජෙක්...
    එයා ගැන පොඩි විස්තරයක් ලියන්නම්.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    දාවිත් රජතුමා කියන්නේ ජුදා ඉතිහාසයේ එන ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්.අහල තියෙනවද දාවිත් හා ගොලායත් යෝධයා අතර සටනින්, දාවිත්ගේ කැටපෝල් පහරකින් ගොලායත් බිමට හෙලපු හැටි.
    ජීවිතයේ තමුන් කරපු ලොකු වැරද්දක් නිසා ( තම සේනාවේ ප්‍රධානියකු ගේ බිරිඳ හා ප්‍රේමයෙන් වෙලී, ඒ නිසාම තම සෙනෙවියා සැලසුම්සහගතව යුධ බිමේදී සතුරා අතින් මරුමුවට පත් කිරීම ) බොහොම චිත්ත පීඩාවෙන් දෙවියන් ඉදිරියේ හෘද සාක්ෂ්‍යයෙන් මනස්තාපය වුනු පුද්ගලයෙක්.
    ඒ හිතේ ඇති වුනු දුක, කලකිරීම සහ මනස්ථාපනය නිසා ලියපු ගීත තමයි බයිබලයේ ගීතාවලිය තුල වැඩි වශයෙන් සඳහන් වෙන්නේ....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    පලවෙනි කතාව අහලා තියෙනවා..දෙවනි එක නැ..ස්තුතියි ඩොඩෝ..:yes::D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලස්සනයි කිඹුලා අයියේ.....:love:
    කවියෙන් පිට වෙනත් කාරණයක් කියන්නම්.....
    බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ එන දාවිත් රජතුමා කියන්නෙත් හරිම කලාකාමී රජෙක්...
    එයා ගැන පොඩි විස්තරයක් ලියන්නම්.

    මම ලියද්දි ඔය හැම තැනින්ම අහුලනවා ඩෝඩෝ ...
    මා ගාව බයිබලය තිබේ, භගවත් ගීතාව තිබේ, අල-කුර-ආනය තිබේ, ධම්මපදය තිබේ.......
    තාත්ත පුරාවිද්‍යාඥයෙක් සහ සාහිත්‍යකරුවෙක් නිසා මට ඉතිහාය සහ සාහිත්‍ය පොඩි කාලේ ඉදන් ඇසුරු කරන්න ඉඩ ලැබුනා...
    ඒවායේ ඵල තමා ඔය....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පලවෙනි කතාව අහලා තියෙනවා..දෙවනි එක නැ..ස්තුතියි ඩොඩෝ..:yes::D

    දාවිත් ලියපු ගීත ගොඩක්ම Sorrowful. මොකද එයාගේ හිතේ තිබුණු මනස්තාපය තමයි එයා එලියට දැම්මේ.

    හැබැයි කිඹුලා අයියා ලියපු කවියේ තියෙන සලමොන් ගේ ගී, හරිම ප්‍රේමනියයි.සලමොන් කියන්නේ ප්‍රඥාවන්ත රජෙක්.ඒ වගේම හරිම ප්‍රේමාතුර කෙනෙක්.

    දාවිත්ගෙයි, සලමොන්ගෙයි කතා දෙකම හරි ලස්සනයි. පස්සේ දවසක ත්‍රෙඩ් එකකින් ලියන්න උත්සහ කරන්නම්.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    තනිවේච්ච වස්සානේ අතරමන් වූ

    මුවැත්තියක වීලසේ සේවූමුත් සෙවනක්

    දෙපසට ලේලදෙන වෘක්ෂයකි මනරම්.....

    වේදනාවෙන් හඬා වැටෙනා

    හැදෙ දුක් ගී වැල් කියන්නට අද

    කවුරුවත් නෑ අසරණයි දෙවියනි.

    කොපුල් තෙමමින් ගලා බසිනා

    කදුළු වැල් මෙතරම්

    පැවසුවත් වේදනාවේ තරම්

    දෑනේවී ප්‍රිය සුවාමිනේ හෙටවත්.....

    අද මගේ දුකට ඔබේ හදවතේ

    හැඟෙ විදෝ අනුකම්පාවක්.

    මේක මන් ලියපු එකක් නෙවයි මට ලියලා කියවන්න කියලා දුන්න එකක්.
     
    • Like
    Reactions: Rasika212

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    m9MAr70.jpg

    දහසකුත් වැඩ අතර ලැබෙන සුලු ..........විරාමය
    ගත කළත් පිටු අතර එලකිරියෙ ..........යුහුසුළුව
    ලබා දී පැය දෙකක් ලැප් එකට ...........විවේකය
    ගෙවාලමි ගඟ අසළ සති අන්ත ...........විවේකය

    තනිව පියවර නගපු ගමන නැත නිම ........වෙලා
    ගලා ආ පැතුම් පොදි මද සුළඟෙ මුසු .......වෙලා
    මතක අමතක නොවන ගඟ දියේ රැලි ........බලා
    පාව ගිය ගමන කිම ඔරු කඳක තනි ........වෙලා

    RICH LIFE
    2018-12-09
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ත්‍රෙඩ් එක ඉතාම කාලෝචිතයි. කිරියේ සාහිත්‍ය රසය ඇති ත්‍රෙඩ් විරල යුගයක මෙවැන්නක් කිරීම සම්බන්ධයෙන්, ත්‍රෙඩ් එක පල කළ සොයුරියට කෘතඥ්ඤ වෙමි.

    මේ කවි තුනෙන් කියවෙන, මට දැනුන කෙනා කව්ද කියලා අදුර ගන්න පුලුවන්, මේකේ ඉන්න ජගතා කවුද බලමු.

    හිත හොද මිනිසෙක් ලෙස මා හැදින්නා
    හඩ පෞරුශයෙන් ඇගලොම් කෙලින් වෙන්නා
    දකිනු රිසි ඔහු කලක් පෙරුම් පුරමින් උන්නා
    දුටුව දින සොදුරු මිනිසෙකු ලෙසින් හැදින්නා

    පිටින් බැලුව කල රළුව පෙනෙන්නා
    එබි බැලූව කළ සංවේදී බව දැනෙන්නා
    සැම මිතුරෙකුට සොයුරෙකුම වෙන්නා
    ඔහුම වේදැයි මිනිසත් බවේ නිරින්දා

    හැම වැඩ අඬු බඬු සමග කරන්න්නා
    ඒ සමගින් රස සිංදු අසන්නා
    එළකිරි පැත්තක දිග හැර ගන්නා
    මෙවැනි එකෙක් තුන් ලොව වෙන නැත්තා

    තෙල් තොගයකින් මූ නහවා තියෙන්නා
    වලියට බරයි ඒ ගැන නම් නොකියන්නා
    කිරිය දිහා බලාන වොච් එකෙ ඉන්නා
    කවුද යකෝ කවියේ කියන බම්මන්නා....?????

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    අලෝනුශ්කාගේ සිතුවම

    සුරංගනා කතා වල වගේ,
    ඈත සයිබීරියන් තැන්නේ බිරියෝසා ගස් හුළඟට හෙලවෙනවා.
    ඇට මිදුළු වලට කාවදින සීතලක් නැති උනත් වැස්සට කලියෙන් හමන අසංවර හුළඟට මම අදත් කැමතියි.......
    හරියටම උඹ වගේ....
    හැමදාමත් වැස්ස වෙලාවට උඹ එක්කලා රණ්ඩු අල්ලන්න මගේ හිත තාමත් පෙරේතයි....පොඩි ඈයෝ තෙත මඩ වලක කකුල ඔබන කොට ඇහෙන චිරි චිරිය වගේමයි......වැස්ස වෙලාවට උඹේ ඇඟේ දුවන හැම නහරයක්ම ආයේ ආයේ ගනින්න ........
    අලෝනුෂ්කා, උඹේ සියුමැලිකම හරියටම රාමුවකින් පිටතට පැනගත්ත සිතුවමක් වගේමයි....

    ඇත්තමයි මම ඒ සිතුවමට එදා වගේම අදත් පුදුම ආදරෙයි........:love:

    BJXWiia.jpg

    ( ඉස්සර ලියපු එකක් )..........................................................​
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    :love::love::love:
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ජිවිතය

    නිරුවතින් දෑස් ඇර
    සියක් දේ රැස්කර
    සුදු වතින් සැරසී
    ....................................
    හිස් අතින් හැර යන
    අපුරු නවාතැන
    ජිවිතය......

    උපුටා ගැනිම-අම්මාගෙ හැන්ඩ්බැගයෙන්.......