කවුද ඔබේ පැරෂුට් ඔතන කෙනා?

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,646
    13,363
    113
    කවුද ඔබේ පැරෂුට් ඔතන කෙනා?

    68931130_2384804308464623_5695537448117862400_n.jpg


    කවුද ඔබේ පැරෂුට් ඔතන කෙනා? 🔴
    ==========================

    මහත්තයා: “හාමුදුරුවො... G.M“

    මම : “G.M මහත්තයා...“

    “හාමුදුරුවො දන්නවාද වැඩක්... අපේ ෆොසස් කොල්ලෙක් උඩින් පනින්ද්දි පැරෂූට් එක දිගෑරිලා නැතුව වැටිලා මැරිලා..

    “අනේ අපොයි!... ඉතිං“😔

    “එයා දැනට 900 වතාවකට වඩා පැනපු කෙනෙක්... එහෙම අය තුන්දෙනයිලු ඉන්නේ ලංකාවටම...“

    “අපොයි!.. “

    “ඒකනේ හාමුදුරුවනේ.“

    “එතකොට බලන්න මහත්තයා.. පුද්ගලයෙකුට වරදින්න තියෙන සම්භාවිතාව 900ට එකක්. ඒකත් අන්තයට වරදිනවා“
    “එතකොට ඔය ෆොන් එක කනේ ගහගෙන වාහන එලවන ගෑනු මිනිස්සුන්ට, අරක්කු බීලා වාහන එලවන මිනිස්සු ගැන කුමන කතා ද?

    “ඒක ඇත්ත හාමුදුරුවනේ... කොච්චර දන්නවා කියලා හිතාගෙන හිටියත්, වරදින්න පුළුවන් ඕනිම කෙනෙකුට කියලා මේකෙන් ඔප්පු වෙනවා“...

    “ඔක්කම 100% දන්නවා කියලා හිතාගෙන ඉන්න අයට එතකොට කියන්න තියෙන්නේ, සීයට සීයක් නෙවයි, 900ට එකකුත් මිනිස්සුන්ට වරදිනවා කියලා තමයි.“
    ---------------------------------

    “මහත්තයාට මං කතාවක් කියන්නද?

    “මොකද්ද හාමුදුරුවනේ,..“

    “මේක දවසක් අරා බැස්බරා කියපු කථාවක්“ (කතෘ අයිතිය දෙන්න ඕනි නොවැ) “පැරෂුට් වලින් පනින විරුවෙක් ගැනම තමයි.

    “අවුරුදු 10ක් පුරාවටම පැරෂුට් වලින් පැනපු විරුවෙක්ට, ඒදා දවස හැන්දෑවේ පාර්ටි එකක් සූදානම් කරලා තිබ්බලු, ඒ යුනිට් එකේ කට්ටිය එකතු වෙලා“

    “හා“ (මහත්තයාගේ කටත් ඇරිලා...😁 කථාව අහන්න)

    “මේ විරුව ඉතිං... පවුලේ කට්ටිය හා යාලුවො වටකරගෙන කතා බහලු...“

    “ඒ වෙලාවේ එතැනට ආපු ඊට වඩා රෑන්ක් එකෙන් පහල තරුණ පහේ ගැටයෙක් මේ විරුවට කතා කරාලු“

    “සර්... මට පොඩ්ඩක් සර්ට කතා කරන්න පුළුවන් ද?

    අහ්... මම මේ මගේ පවුලේ අයත් එක්ක කතාවක්... හරි කමක් නැ... මොකද්ද පුතාගේ අවශ්‍යතාව.. මම විනාඩි 5ක් දෙන්නම්... කියලා කීවාලු මේ විරුවා.

    “අනේ සොරි... සර්... මම සර්ගේ ලොකු රසිකයෙක්... සර් ඉතිං හරි දක්ෂයෙක්නේ...“

    “හරි ඉතිං... පුතා දැන් ඕක මට කියන්න ද කතා කරේ...“

    “නැ නැ සර්... මට සර් එක්ක ෆොටො එකක් ගන්න පුළුවන් ද?

    “ආ හරි හරි කමක් නෑ ගන්නකො..“

    ක්ලික්...📷

    “ හරි සර්... තෑන්ක්යු වෙරි මච් සර්...“

    “ ආා හරි පුතා... ඒක නෙවෙයි පුතා කවුද කියලා කීවේ නෑනේ...“

    “සර්.. මම තමයි සර්.. සර්ගේ පැරෂූට් එක ඔතන කෙනා...“

    සර්... එකවරම නිහඩ විය... 🤨

    එක් පැරෂුට් පිම්මකට පසු නැවත ඒ පැරෂුට් එක නිවැරදි ආකාරයට එතිය යුතුය. නො එසේ නම් එය සුදුසු පරිදි ඉහල ආකාශයේදී දිග ඇරුනේ නැතිනම් ඔහුගේ ජීවිතය මරණයෙන් කෙළවර වන්නේය. ඒ අනුව ගත් කළ මෙම විරුවාගේ මුළු 10 වසරක ජීවිතයේ නොපෙනන සාර්ථකත්වය මොහුය. ජීවිතය දි ඇත්තේ මොහුය. මෙම විරුවා ඒ සහකාරයාට දෙන්නට කතා කරේ.. විනාඩි 5කි. එහෙත් ඔහු මුළු ජිවිතයක් ඔහුට දෙන්නට හේතුව විය.

    “අහ්.. සොරි පුතා සොරි.. මට ඒ ගැන නිච්චියක් තිබ්බේ නැ..“
    “පුතා වාඩිවෙන්න අපිත් එක්ක කෑමට“.....
    -----------------------------------------------------------

    මහත්තයා බිම බලාගෙන කල්පනා කරමින් සිටී. මුහුණෙ විස්තර කළ නොහැකි හැඟීම් සමුදායක් වේ

    “මහත්තයා... මහත්තයාගේ ජිවිත පැරෂුට් එක ඔතන්නේ කවුද?“

    කෘතඥපූර්වක බැල්මක් මා වෙත හෙලූ මහත්තයා, සාක්කුවට අත දමා ෆොන් එක අතට ගත්තේය..

    “ හාමුදුරුවනේ... මම නෝනාට කොල් එකක් ගන්නෝනි..“
    එසේ කියු මහත්තයා... “හෙලො දෝණී... කෝ පුතේ අම්මා...“ කියනු මට යාන්තමට ඇසිණි.
    -----------------------------------------------------

    අපගේ ජීවිත වල අභ්‍යන්තරයේ සිට නොපෙනෙන්ට පැරෂුට් එක ඔතන්නේ කවුද?
    අම්මා /තාත්තා ද?
    නෝනා / මහත්තයා ද?
    වැඩිමල් සහෝදර / සහෝදරියක් ද?
    ගුරුවරයෙක් ද?
    ආයතන ප්‍රධානියෙක් ද?
    කවුරු හෝ ඔබගේ පිටුපසත් කෙනෙක් ඇති.

    කවද්ද ඔබ එයාට ස්තූති කරේ?.

    දිනපතා බත් එක ඔතලා, ඇදුම් ටික මැදලා දෙන, බිරිඳට ස්තූති කරේ කවද්ද? හැන්දෑවට යනකොට ගෙදරට ඕනි කලමණාවලට අමතරව එයා කන්න කමැති කෑමක් අරගෙන ගිහිල්ලා දුන්නේ කවද්ද?

    බස් එකේ කොච්චියේ එල්ලිලා දාඩිය පෙරාගෙන රැකියාව කරන ස්වාමියාට, කවද්ද ඔබ බිරිදක් ලෙස ස්තූති කරේ.

    නගරේ තම පවුලත් එක්ක ජිවත්වන ඔබ, කවද්ද අම්ම තාත්තා බලන්න ගියේ. නැත්තං කොල් එකක් අරගෙන සැප දුක විමසුවේ.

    ඔබට ගොඩාක් උදව් කරපු ගුරුවරු ඇති නේද? කවද්ද ඔබ ඔවුන් අන්තිමට බැහැදැක්කේ..?

    අපේ ජීවිතයේ එවැනි චරිත ඇති. බොහො විට දෙමාපියො නැත්තං බිරිඳ හෝ සැමියා. ඔවුන්ට ඔබේ ජිවිතයේ කොතරම් ඉඩක් දී තිබේ ද?
    තෙරුවන් සරණයි.
    (හෙරලි)
    Rathanathissa Thero...
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    හිමිට හිමිට සෙට් වෙන්නේ අර මරුන සෙබලාගේ පැරෂුට් එක ඔතපු එකාව ගස් යවන්න වගේ.. බලහල්ලා එකා මුස්ලිම්/දෙමල සම්බවයක් තියෙන එකෙක්ද කියලා. හත් ඉලව්වයි එහෙනම් බඩුම තමා උට
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මේක මුලින්ම කිව්වෙ ඔරිජිනල් අරා / පැස්බරා (දැන් සියතේ ඉන්න අරවින්ද සහ ආශ්චර්යා.) මිසක් හිරු FM එකේ ඉන්න ඩුප්ලිකේට් ඩබල නෙවෙයි...

    ad.png