===========කවුද මචං==============

cat123

Well-known member
  • Sep 25, 2007
    2,684
    4,415
    113
    ඒ මේ.. කවුද මචං උඹලැ පැත්තේ ඡන්දෙ ඉල්ලන්නේ..?

    ආ.. මාළු අජිත් අයියා ඉල්ලනවා හූඑන්පී එකෙන්...

    බාර් සුනිල් මාමලැ දුව.. හම්මේ ඉතිං.. ඔව් ඔව් එයා තමයි... එයා ඉල්ලනවා පූට්ටුවෙන්..

    එතකොට අර ත්‍රීවීල් ධම්මිකයා.. ඔව් බං ඔව්.. බෝම්බ ධම්මිකයා තමයි.. ඌ ඉල්ලනවා හීලංකා එකෙන්..

    තණකොළ කපන අක්කා මේ පාර අල්ලපු ගමෙන් ඉල්ලන්නේ බං..

    තව එතකොට කෙළවීපී එකෙනුත් එකෙක් ඉල්ලනවා බං ඌව කලින් දැකලා නෑ ගමේ..

    ආ.. සොරොව්ව ලඟ උස පියදාසයියගෙ දුවත් ඉල්ලනවා බං මේ පාර.. ටෙනිස් බෝලෙන්ද, බාස්කට් බෝලෙන්ද මොකෙන්ද..

    _______________________________________

    ඕන්නං ඔය නම් ටික.. ඔය රස්සා ටික... ඔය තත්ත්වය... ඔබේ ගමේදි පෝඩ්ඩක් එහෙට මෙහෙට වෙලා ඇති… හොඳයි නැද්ද?

    ඕං ගම හදන්න ඡන්දෙ ඉල්ලන සෙට් එක.. ඇත්ත.. ගමේ බහුතරය දන්න කියන මිනිස්සු මේ.. හැම මළ ගෙදරම නයිට් එකක් අදින මිනිස්සු මේ.. ඒත් මේ ඉලව් රටේ දේශපාලනය කරන්න ඉන්නෙ ඕං ඔහොම සෙට් එකක් තමයි.. උගත්කම, බුද්ධිමත්කම, දේශපාලන දැනුම... එව්වා අදාලම නෑ..

    අැයි මේ රටේ ඡන්දෙ ඉල්ලන්න උගත් මිනිස්සු නැද්ද? ඉන්නවා.. එක්කෝ උන්ව ගමේ එවුන් දන්නෑ.. නැත්තං මේවට යොමුවෙන්නෑ.. හේතුව එදා ඉඳන් මේ රටේ දේශපාලනයට යොමුවුණු අති බහුතරය නූගතුන්.. අද පාර්ලිමේන්තුවේ 225න් එකසිය හතලිස් ගාණකට උසස්පෙළ නෑ.. අනූවකට වැඩි පිරිසකට සාමාන්‍ය පෙළවත් නෑ.. හැත්තෑ වසරක අභිමානවත් නිදහස සමරන, නහුතෙටම කෙළවුන රටක් වශයෙන් එදා ඉඳන් රට පාලනය කරපු, රටට වැදගත් තීරණ ගත්ත තැන්වල හිටපු මේ වගේ නූගතුන්ගේ පව් අද අපි ගෙවනවා..

    නිදහස ගන්නකොට අපේ ඒක පුද්ගල ආදායම ඩොලර් 89යි. ජපානෙ 90යි.. සිංගප්පූරුවේ 30යි.. අද ජපානේ ඩොලර් 50000ක් විතර.. සිංගප්පූරුවේ 60000කට ආසන්නයි.. අපේ යන්නං 4000යි.. සුද්දා දිගටම රට කරගෙන ගියානං හොඳයි කියලා හිතෙන්නැද්ද..?

    ත්‍රීවීලර් එක තියෙන එකා ඡන්දෙට එන්නේ ඡන්දෙ දිනලා කොහොමහරි වෑන් කට්ටක්වත් ගොඩදාගන්න තියෙන පරම පිවිතුරු චේතනාවෙන්.. මාළු ලෑල්ල කරපු එකා සභාවට යන්නේ කො⁣හොමහරි කඩ කෑල්ලක් අටවගන්න පොටක් පාදගන්න.. නැතුව ගම හදන්නද? ගම හදන ඡන්ද කීයක්නම් පහු වුනාද දැන්? කියපු විදිහට ගම හැදුවනම් අද ගමේ හදන්න තියෙන්නේ අහවල් ලබ්බක්ද?

    දැන් ඔය පළාත් පාලන ආයතනවලට මෙච්චර වියදමක් දරලා ඡන්දයක් කරලා මන්ත්‍රීවරු පත්කර යැවිය යුතුමද? නැත්තං කොහොමද ඕයි නගරසභා, ප්‍රාදේශීය සභා කරන්නේ.. ඔබ අහයි.. මං අහන්නේ.. අැයි බං එතකොට ඔය මොකෙක්වත් නැතුව දැන් ඔය යස අගේට අවුරුදු තුනක් ඔය සභා ටික දිව්වේ.. අැයි ඒවයෙ වැඩ කෙරුන්නැද්ද ඉස්සර වගේ..? නිකං බොරුවට කෝටි ගණන් පඩි ගෙවාගෙන සුදු අලි නඩත්තුකරන රටක් මෙහෙම හරි තියෙන එක ගැන අපි සතුටුවිය යුතුය.

    අච්චර ප්‍රශ්න තියෙන පකිස්තානේ පවා මහ මැතිවරණෙට ඉදිරිපත්වෙන්න උපාධිය අනිවාර්යයි.. ඒකට අපේ.. කෝච්චිවල මාල කඩපු, කුඩු විකුණපු, මිනීමරපු, ස්ත්‍රී දූෂණ කරපු සුදුසුකම් තිබුණොත් හොඳටම ඇති..

    එහෙම එවුන් දේශපාලනයට අැවිත් මොනවද කරන්නේ.. ඇයි බං කරන ඒවා තමයි අපි ඔය එදිනෙදා දකින්නේ.. ප්‍රින්සිපල්ව දණගස්සන මහ ඇමතිවරු.. නිල රථයෙන් ගන්ජා අදින මහ ඇමතිවරු. සේල්ස් රෙෆ්කෙනෙක් විදිහට දේශපාලනයට ඇවිත් අද හිටපු බිරිඳට මාසෙට ලක්ෂ පනහා ගානේ දික්කසාද වන්දි ගෙවන මන්ත්‍රීවරු.. කුඩු විකුණලා අහුවුනාම ජනාධිපති දූවගෙන ගිහිං බේරගන්න මන්ත්‍රීවරු.. දේශපාලනයේ පිහිටෙන් රට රටවල්වල ගෙවල් ගන්න මන්ත්‍රීවරු. තව ඕනෙද?

    ලක්ෂ දහයක පාරක් හදලා.. තව ලක්ෂ දහයක් විතර වියදම්කරලා ලොකු උත්සවයක් අරං ඒ පාර විවෘතකරන රටක් මේක.. බෝක්කුවක් හැදුවත්, අහවලාගේ ඉල්ලීමකට අනුව අහවලා විසින් ප්‍රතිපාදන නිකුත්කර ඉදිකර, අහවලා විසින් විවෘතකරන ලදී කියලා ලොකු ෆොටෝ කෑලි ටිකකුත් දාලා ගහනවා දාර බෝඩ් එකක්.. ඇයි උන්ගේ අම්මලා අප්පලගෙ බූදලෙන් හදලද? නෑ.. අපේ සල්ලි..

    දැන් මේ රටේ දේශපාලනයට උගතුන් අත්‍යාවශ්‍යයි.. (උගතුන් කිව්වේ තාත්තගෙ බලේට, කම්පියුටර් තියාගෙන ඒසී කාමරවල ඉඳන් විභාග ලියලා උපාධි ගත්ත ගොබ්බ උගතුන් නෙවෙයි ඈ) නැත්තං, අම්මා මුත්තා කාළෙ ඉඳන් සංවර්ධනය වෙමින් පවතින මේ රටේ, තව ටික කාලයක් යනකොට ඉතුරුවෙන්නේ, ඔය මහ ලොකුවට පම්පොරි ගහන ඉලව් 2500ක ප්‍රෞඩ ඉතිහාසෙ විතරයි..

    උපුටා ගැනීම FB