කවුද මේ Veronika Skvortsova ??
Veronika Skvortsova රුසියානු Federal Medical‑Biological Agency (FMBA)ප්‍රධානියා ලෙස කටයුතු කරයි.
ඇයගේ මූලිකත්වයෙන් ඉහත නම් සඳහන් කළ ආයතනය පිළිකාවට එරෙහිව එන්නතක් හෝ ස්ථිර බෙහෙතක් නිර්මාණය කිරීමට වෙහෙසුනි.
ඔවුන්ගේ ඒකායන අරමුණ වූයේ පිළිකා සෛල විනාශ කිරීම සඳහා එන්නතක් නිර්මාණය කිරීමය.
එන්නත වැඩි දියුණු කිරීමෙන් පසුව පිළිකා වැළඳුණු සතුන් උපයෝගී කරමින් පර්යේෂණ කළ අතර එහිදී සතුන්ගේ පිළිකා සෛල මියයන ආකාරය හඳුනා ගෙන ඇත.
Federal Medical‑Biological Agency (FMBA) ආයතනය මෙම සාර්ථක අත්හදාබැලීම හරහා ලොවම ආයාසයෙන් බලා සිටින එන්නත සාර්ථක කරගැනීමට අපේක්ෂා සහගතව තව දුරටත් පර්යේෂණ වල යෙදේ.
Veronika Skvortsova ගේ වෛද්‍ය පර්යේෂණ කණ්ඩායමේ ප්‍රථම උත්සහය වන්නේ බඩවැල් ආශ්‍රිත පිළිකා සෛල විනාශ කරන එන්නත නිපධවීමය.
එය මේ වනවිට සාර්ථකව නිමවෙමින් පවතින බව වාර්තාවේ.
සතුන් පර්යේෂණයට ලක් කළද තවම මිනිසුන් මෙම එන්නත හරහා පිළිකා නාශක පර්යේෂණයන්ට ලක් කර නැත. එය තව දුරටත් වැඩි දියුණු කරමින් සිටී. සමාජ මාධ්‍ය වල මේ සම්බන්ධව පැතිරෙන සමහරක් තොරතුරු සනාථ වූ තොරතුරු නොවේ.
කෙසේ වෙතත් ඔවුන් මේ ගන්නා උත්සාහයට ලෝකයම ස්තූතිවන්ත විය යුතුයි..