කවුද යුතොපියාවක ජීවත් වෙන්න කෑමති?
කවුද යුතොපියාවක ජීවත් වෙන්න කෑමති. බටහිර රටවල් යාම්තාක් දුරකට මේ වගේ නේද?
https://www.facebook.com/roshan.marlon/posts/4167372179943264
යුතෝපියාව Utopia
රජුට විරුද්ධ වීමේ වරදට 1535 දී හිස ගසා දැමුණු Thomas More නම් ඉංග්‍රීසි ජාතික දාර්ශනිකයාගේ, යුතෝපියාව මට දැනගන්නට ලැබුණාට පසු ඒ ගැන යමක් ලියන්නට කැමැත්තක් ආවා.
යුතෝපියාව කියන වචනය යොදා ගනුනා යයි කියන්නේ මෙයාගේ කතාවෙන් පස්සේ. ඒ එයා 1518 ලියපු Utopia කියන පොතෙන් පස්සේ.
මේකයි කතාව.
Utopia කියන්නේ මනස්කල්පිත දූපතක්. එකේ හැමදේම වෙන්නේ හොඳම විදිහටලු. ඔය දූපතට රෆායල් කියලා නාවිකයෙක් යනවා. ගිහින් ඒකට වශීවෙලා දූපතේ අවුරුදු පහක් ඉඳලා ඇවිල්ල කතාව කියනවා.
මේකත් ප්ලේටෝගේ ජනරජයේ වගේ. හැමදේම පොදුයි, පෞද්ගලික දේපල තියෙද්දි ජනතාවගේ යහපත වර්ධනය වෙන්නෙ නෑලු.
යුතෝපියාවෙ නගර 54ක් තියෙනවා. හැම නගරයම අනිත් නගරයට සමානයි. අග නුවර විතරයි වෙනස්. හැම පාරක්ම අඩි 25 ක් පළලයි.. සෑම නිවසක්ම එක හා සමානයි. හැම ගෙදරකම පාරට එක දොරකුයි, ගෙවත්තට එක දොරකුයි තියනවා. සෑම අවුරුදු දහයකට වරක්ම තමන් ඉන්න ගෙය වෙනස් කරලා වෙන ගේකට යන්න ඕන. එහෙම කරන්නේ තමන් එක ගෙයකට කියන ඇල්ම හා අයිතිවාසිකම නැති කරන්න.
නගරෙන් පිට ගොවිපොළවල් තියෙනවා. හැම ගොවිපල කම මිනිස්සු 40ට අඩුයි. මේ නගර වල හැමෝම අඳින්නෙ එකම විදිහේ පොදු ඇඳුම. වැඩ කරනකොට එක විදිහක ඇඳුමක් අඳිනවා. වැඩ ඉවර වුණහම වෙන විදියක ඇඳුමක් අඳිනවා. ගෑනු අඳින ඇඳුම පිරිමි අඳින ඇඳුමට වෙනස්.
ගැහැනුත් පිරිමිත් වැඩ කරන්නේ දිනකට පැය 6යි. හැමෝම රෑ 8 ට නින්දට යන්න ඕන. උදේට දේශනා තියෙනවා කැමති අයට සහභාගී වෙන්න පුළුවන්. දවසකට පැයක් තියෙනව, කෙළිදෙලෙන් ගත කිරීමට. දවසක පැය හයක් හොඳටම ඇති කියනවා, මොකද මේ යුතෝපියාවෙ අනවශ්‍ය වැඩ නැහැ, හැමෝම වැඩ කරනවා,වැඩ නොකර ඉන්න අය නෑ, අවශ්‍ය දේවල් විතරයි නිපදවන්නේ. වැඩිපුර යමක් නිෂ්පාදනය වුනොත්, එක දවසක් නම් කරල එදාට හැමෝම අඩුවෙන් වැඩ කරනවා.
මේ නගරයේ යම් කොටසක් ඉගෙන ගැනීම සඳහා තෝරනවා. ආණ්ඩුව නියෝජනය කරන්න පුළුවන් මේ ඉගනගන්න කොටසට අයිති පුද්ගලයන් විතරයි. නමුත් ආණ්ඩුව හැදෙන්නේ ප්‍රජාතාන්ත්‍රික විදිහට.
පවුලක කසාද බැඳපු පිරිමි ළමයි තාත්තගේ ගෙදර ඉන්නේ. ගැහැණු උදවිය තමයි ළමයි බලන්නේ. පවුලක් ගොඩක් ලොකු වුනොත්, ඒ ගොල්ලො වෙන ගේකට මාරු කරනවා. මේ විදිහට නගරයට පවුල් වැඩි උනොත් ඒ ගොල්ලො වෙන නගරයකට මාරු කරනවා. එහෙමත් බැරි උනොත් හිස් භූමියක අළුත් නගරයක් හදනවා
මේ යුතෝපියාව කෑම සඳහා සත්තු මරන්නේ තෝරාගත් පිරිසක්. ඒ තෝරාගත් පිරිස තමා, වැරදි වලට අහු වුණු මිනිසුන්. වැරදි කරන මිනිස්සුන්ට දෙන දඬුවම් තමා, උතෝපියාවට සේවය කිරීම. සියලුම මේවගේ වැඩ කරන්නේ, වැරදි වලට අසුවුණු මිනිස්සුන්ගෙන් සැදුම්ලත් කොට්ඨාසයක්. අනෙක් රටවල මරණ දඬුවමට වගේ අහුවෙන අය, මෙරටට ගෙනල්ලා වැඩ කරන්න දානවා. මේ දූපතේ මරණ දඬුවම නැහැ.
මේ යුතෝපියාවෙ විවාහ වෙන්නට පෙර ලිංගිකව එක්වීම දඬුවම් ලැබිය හැකි වරදක්. විවාහ වෙන්නට කලින් ගැහැනිය හා පිරිමියා නිරුවතින් තම තමන්ගෙ ශරීර බලාගන්න ඕන. ඊට පස්සේ තමා විවාහ වෙනවද බලන්නේ. දික්කසාද තියෙනවා. හැබැයි නීතියෙන් වැරදි වන පාර්ශවයට ආයෙ බඳින්න බෑ. ගෑනු පිරිමි දෙගොල්ලොම යුධ පුහුණුව ලැබිය යුතුයි. නමුත් යුද වදින්න බලකිරීමක් නැහැ. යුද්ධ කරන්න පුළුවන් එළියෙන් එන ආක්‍රමණවලින් වළකින්නට.
මේ යුතෝපියාවෙ ඇතුළෙ නිෂ්පාදනය කරන්න බැරි ඒවා එළියෙන් ගන්න වෙළඳාම තියෙනවා. මේ යුතෝපියාව සල්ලි කියන දෙය භාවිතා වෙන්නෙ නෑ. හැම ගේකම දොරවල් ඇරලා තියෙන්නේ. ඕන කෙනෙකුට ඕන දෙයක් අරගන්න පුළුවන්. හැබැයි ගත්තත් වැඩක් නෑ ඒ තමන්ගේ ගෙදර තියෙන දෙයක්ම තමා අනික් ගෙයක තියෙන්නේ.
මේ දූපත ඇතුලේ විවිධ ආගම් තියනවා. හැම ආගමකටම සමානව සලකනවා. හැමෝම දෙයියෝ අදහන්නව. දෙයියො අදහන්නෙ නැති අය පුරවැසියන් හැටියට සලකන්නෙ නෑ.
මාරාන්තික ලෙඩක් හැදුනොත් තමන් ජීවිතය නැති කර ගන්න ඕන. එහෙම බැරි කෙනෙකුට මරණය දක්වා සලකන්න අනිත් අය බැඳී ඉන්නවා.
යුතෝපියාව කතාව එලෙසින් වේ.
මේකත් එක්තරා idealistic socialism එකක්. පසුකාලීන මාක්ස්වාදි චින්තනයට utopia වෙන් ආභාෂයක් ලැබුණයි කියන එක තමා පිළිගැනීම.
මම මේ Utopia කොටස උපුටා ගන්නේ බර්ට්‍රන්ඩ් රසල්ගේ. History of Western Philosophy කියන පොතන්. (Bertrand Russell- English Philosopher, Mathematician 1872 -1970)
හොඳින්ම පෙනෙන Utopia වෙ සමාජවාදයේ මූලයන් ගැන මෙතැනදී තමන්ගේ අදහස, වෙනත් තැන්වලදී මෙන් නොදෙන්නට රසල් වග බලාගන්නවා.
නමුත් අවසානයේ ඔහු මෙහෙම කියනවා.
යුතෝපියාවෙහි ජනතාවගේ ජීවිත හරිම ඒකාකාරී, කම්මැලියි විය යුතුය. මක්නිසාදයත් වෙනස, විවිධත්වය සතුට සඳහා අත්‍යාවශ්‍යය. යුතෝපියාවෙහි එය ඇත්තේම නැති ගානය.
Marlon Roshan
48

+