කවුරු හරි ප්‍රතික්ෂේප කරනවා නම්.

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    🌸
    කවුරු හරි ප්‍රතික්ෂේප කරනවා නම්.
    ❝ කවුරුන් හෝ ඔබ අතැර යනවනම් ඒ කෙනාව අතැර දමන්න. ආයේ කිසි දිනක ඇය හෝ ඔහු ගැන ආශාවක් තෘෂ්ණාවක් කැමැත්තක් නොතියන්න. අකමැති හෝ අමනාප සිතින් යලි යලිත් එකතු නොවන්න. ❞
    ‍චජෙ චජන්‌තං වණථං න කයිරා, අපෙතචිත්‌තෙන න සම්‌භජෙය්‍ය
    ❝ ලෝකය විශාලයි. ලෝකය ගැහැණු පිරිමි අයගෙන් පිරිලා තියෙන්නේ. තමාට ආදරය නොකරන අය හැර දමා තමාට ආදරය කරන අයකු සොයාගන්න. හරියට ඵල නැති ගහක් හැර යන කුරුල්ලෙකු වාගේ වන්න. ❞
    දිජො දුමං ඛීණඵලන්‌ති ඤත්‌වා, අඤ්‌ඤං සමෙක්‌ඛෙය්‍ය මහාභි ලොකොති
    • පුටභත්ත ජාතකය




    සැවැත්නුවර වාසය කල ව්‍යාපාරික තරුණයෙක් තවත් තරුණයෙකු සමග හවුලේ වෙළදාම් කළේය.එක් අවස්ථාවක ණය මුදලක් ලබාගැනීම සදහා 'සැවැත්නුවර තරුණයා' තම බිරිද සමග අර හවුල්කරුගේ නිවසට ගියද,ඔහු විසින් කිසිදු මුදලක් දිය නොහැකියි කියා කියු නිසා ඔහුගේ නිවසින් බත් අනුභව නොකරම එතනින් පිටත් විය.
    අතර මගදී තරුණයා මෙන්ම ඔහුගේ බිරිදත් මහත් වූ කුසගින්නෙන් පෙළෙන්නට විය. අතරමගදී කුසගින්නෙන් පෙළෙන ඔවුන් දැක, මග යන මිනිස්සු "බිරිඳත් සමග අනුභව කරන්න"යැයි කියා බත්මුලක් දුන්නේය.
    ඔහු එය ගෙන බිරිඳට නොදී ,තනිව කන්නට කල්පනා කර,
    "සොඳුරිය! මේ සොරුන් සිටින ස්ථානයක්. ඒ නිසා පරිස්සමට ඔබ ඉස්සර වී යන්න.මම පිටුපසින් එන්නම්"යි කියා පිටත්කරවා සියලු බත් කා අවසන් කර දැම්මේය. හිස් මුල දුටු , ඈ ඔහු විසින් තනිවම බත් අනුභව කළ බව දැන බොහෝ දුකට පත් වූවාය.මෙසේ ක්‍රමයෙන් ඔවුන් දෙදෙනා දෙව්රම් වෙහෙර පිටුපසින් යන විට ජලය බිම සදහා දෙව් රම් වෙහෙර තුලට පැමිණියහ.
    බුදුරජාණන් වහන්සේ ද ඔවුන් දෙදෙනාගේ පැමිණීමම බලාපොරොත්තුවෙන් 'මග රැක සිටින වැද්දෙකු මෙන්' ගඳකෙළි සෙවනේ වැඩහුන් සේක. ඔවුහු ශාස්තෲන් වහන්සේ දැක එතනට පැමිණ වැඳ හිඳ ගත්තේය. උන්වහන්සේ ඔවුන් දෙදෙනා සමග සුවදුක් කථාකොට
    "උපාසිකාවනි! මේ නුඹේ ස්වාමි පුරුෂයා නුඹට හිතවත්ද? ස්නේහ ඇත්තේදැ?"යි විචාළ සේක.
    "ස්වාමීනි! මම මොහුට ස්නේහ ඇත්තෙමි. නමුත් මොහු මට ස්නේහ නැත්තෙකි. වෙන දවස් තිබේවා! අදම මොහු එන අතරමගදී බත්මුලක් ලැබී මට නොදී තමා තනියම අනුභව කෙළේය"යි කීවාය.
    "උපාසිකාවනි! සංසාරයේ හැමකල්හි නුඹ මොහුට හිතවත් වූවාය. ස්නේහයෙන් යුක්ත වූවාය. මොහු නුඹට ස්නේහ නැත්තෙක්ම විය. සසරේ එක් අවස්ථාවක, නුවණ ඇති අය නිසා නුඹේ ගුණ දැන ගෙන ඔබට සියලු වස්තුව පවරා දුන්නේය."යි කී සේක.
    ඇය විසින් එම අතීත කතාව හෙළිකරන මෙන් ඉල්ලිමක් කළාය.මෙසේ බුදුරජානන්වහන්සේ ඒ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
    -------------------------------------------------------------
    අතීතයේ බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ ඇමති කුලයෙහි ඉපදී වැඩිවියට පැමිණ, රජුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නා වූහ. එකල්හි රජතුමා තමන්ගේ පුත්‍රයා තමන්ට ද්‍රෝහීකම් කරන්නේ යයි සිතා සැක කරමින් නෙරපා හැරියේය.
    කුමරු, තම බිරිඳද රැගෙන නුවරින් පිට වී කසීරට එක් ගමක වාසය කෙළේය. ඔහු පසුකලෙක පියා කලුරිය කළ බව අසා "පරම්පරාවෙන් පැමිණි රාජ්‍යය ගන්නෙමි"යි බරණැස් නුවරට ආපසු පැමිණෙන්නට විය. ඒ එන අතරමගදී "බිරිඳට ද දී අනුභව කරව"යි බත්මුලක් ලැබ ඇයට නොදී තමන් තනියම එය අනුභව කෙළේය.එය දුටු ඇය "ඒකාන්තයෙන් මොහු කර්කශ පුද්ගලයෙක් ය"යි කියා වැටහී බොහෝ දුකට පත් විය.
    කුමරු විසින් බරණැස් නුවර රාජ්‍යය පාලනය ගත්තේය.කුමරියද අග්‍ර මහේෂිකා තනතුරෙහි තැබිය.එම තනතුරට පත් කිරීමම ඇතියි සිතා වෙනත් කිසිම සත්කාර සම්මාන කිසිවක් නොකරයි. කෙසේ කන්නේ බොන්නේ දැයි, ඇදුම් පැළදුම්,අභරණ සහ අඩු ගන්නේ ඇය කෙසේ යැපෙන්නේ දැයි යන්නවත් නොවිමසයි.
    මහළු නුවණැති ඇමති වූ බෝසතාණන් වහන්සේ මෙසේ සිතූ සේක. "මේ අපගේ දේවිය රජතුමාට බොහෝ උපකාර කරන ස්නේහ ඇති තැනැත්තියකි. නමුත් රජතුමා ඇය කවර තැනැත්තියකද කියාවත් නොසිතයි. ඇයට සත්කාර සම්මාන කරවන්නෙමි" යි සිතූ සේක.
    (එසේ සිතා) ඇය වෙත පැමිණ ගරුසරු දක්වා එකත්පසෙක සිට, "කිම දරුව?" යි ඇය කී කල්හි කථාව පටන් ගැනීම පිණිස
    "දේවීන් වහන්ස! අපි නුඹවහන්සේට උපස්ථාන කරමු. කිමද, අප වැනි මහලු පියවරුන්ට වස්ත්‍ර කෑල්ලක් හෝ බත්පිඩක් හෝ දෙන්නට නොවටින්නේදැ?"යි කීහ.
    "දරුව! මම මා පිණිසවත් කිසිවක් රජුගෙන් නොලබමි. තොපට කුමක් දෙන්නෙම්ද? ලැබුණු කාලයෙහි නොදී සිටියාද ? දැන් මට රජතුමා කිසිවක් නොදෙයි. වෙන දීමනාවක් තිබේවා! රජකම ගන්නට එන අතරමගදී බත්මුලක් ලැබී බත් ස්වල්පයක්වත් මට නොදී තමන් තනියම අනුභව කෙළේය" යි කීවාය. කෙසේද මෑණියනි! රජතුමා ළඟදීත් මෙසේ කියන්නට හැකිවන්නේදැ?"යි ඇසීය.
    "හැකිවන්නෙමි, දරුව" යි කීවාය. එසේනම් අදම මා රජු සමීපයෙහි සිටින අවස්ථාවේදී මා විසින් ප්‍රශ්න කරන කාලයේදී මෙසේ කියනු මැනවි. අදම තොපගේ ගුණ දැන ගන්නට සලස්වමි"යි මෙසේ කියා බෝසතාණන් වහන්සේ කල්තියා ගොස් රජතුමා ළඟ සිටියහ. ඈද ගොස් රජතුමා සමීපයේ සිටියාය.
    ඉක්බිති බෝසතාණන් වහන්සේ
    "මෑණියනි! නුඹවහන්සේ අතිශයින් කර්කශයි. කිමද ,අප වැනි පියවරුන්ට වස්ත්‍ර කෑල්ලක් හෝ බත් පිඩක් හෝ දෙන්නට නොවටියිදැ?යි ඇයට කීහ.
    "දරුව! රජතුමාගෙන් මමවත් කිසිවක් නොලබමි. නුඹවහන්සේට කුමක් දෙන්නෙම්දැ?"යි කීවාය.
    "ඇයි අගමෙහෙසි තනතුර ඔබට ලැබුණා නේද?"
    "දරුව! කිසිම වරප්‍රසාදයක් නොමැති කල අගමෙහෙසි තනතුර කුමක් කරන්නේද? දැන් මට තොපගේ රජතුමා කුමක් දෙන්නේද? ඔහු අතරමගදී බත්මුලක් ලැබී එයින් කිසිවක් නොදී තමන්ම අනුභව කළේය"යි කීවාය. බෝසතාණන් වහන්සේ
    "ඇත්තද මහරජතුමනි?යි විචාළහ. රජතුමා එය පිළිගත්තේය.
    බෝසතාණන් වහන්සේ ඔහු පිළිගත් බව දැන
    "එසේනම් මෑණියනි, රජුට නුබ අප්‍රිය නම්, නුඹට මෙහි විසීමෙන් ඇති ඵලය කුමක්ද? අප්‍රියයන් හා එක්වීම දුකක්මය. නුඹ මෙහි වසන කල්හි රජතුමාට අප්‍රියයන් හා එක්වීම සිදුවන්නේමය. රජුටත් දුකක් වන්නේමය. ඇසුරු කරන්නට කැමති අය ඇසුරු කරන්න.ඇසුරු කරන්නට අකමැති අය ගෙන් ඉවත් වී ඒ බව දැනගෙන අන් තැනකට යා යුතුයි. ලෝකය විශාල වේ." යි කියා
    තමා අත්හරින තැනැත්තා තෙමේද හරින්නෝය. ඔහු කෙරෙහි තෘෂ්ණාව නොකරන්නේය. හිතවත්කමින් සිත බැහැර වූ කල්හි ඔහු සේවනය නොකරන්නේය. ගස ඵල රහිත බව දැනගත් පක්‍ෂියා අන් ගසක් සොයා යන්නේය. ලෝකය මහත්ය. විශාලය. (ලෝකය මිනිසුන්ගෙන් පිරී පවත්නා බැවින් තමා කෙරෙහි ස්නේහ නොකරන පුරුෂයා හැරදමා ස්නේහ කරන පුරුෂයකු සොයාගත යුතුය යනුවෙන් කියන ලද අයුරුය.)"
    ඒ අසා බරණැස් රජතුමා දේවියට සියලු ඉසුරු දුන්නේය. එතැන් පටන් සමගියෙන් විනෝද වෙමින් විසූහ.
    බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍ය දේශනාකොට ජාතක කථාව නිමවා වදාළ සේක. චතුරාර්ය සත්‍ය දේශනාවගේ කෙළවර අඹුසැමි යුවල සෝවාන් ඵලයෙහි පිහිට්‍යේය
    එකල අඹුසැමි යුවල මේ අඹුසැමි යුවලම වූහ.
    පණ්ඩිත ඇමතියා වුයේ භාග්‍යවතුන් වහන්සේය.
    ------ Post added on Sep 5, 2023 at 7:29 AM
     
    • Like
    Reactions: scorpion MW

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    බරණැස් නුවර බඹදත් නැතුව වෙන එව්වා නැද්ද?
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    බරණැස් නුවර බඹදත් නැතුව වෙන එව්වා නැද්ද?
    ඒක template එකක් බං. Template edit කරන්න අමාරුයි (කම්මැලියි) කියලා උබ දන්නවානේ. ඕකයි වෙලා තියෙන්නෙ.
     

    Similar threads