කවුරු_හෝ_ඔබේ_කකුළෙන්_අදීද?

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    කවුරු_හෝ_ඔබේ_කකුළෙන්_අදීද?

    කවුරු හෝ ඔබේ කකුළෙන් අදීද? එසේනම් ඔහු සිටින්නේ ඔබේ දෙපා ළඟය. බලන්න ....... ඔබ සිටින්නේ දෙපයින් සිට ගෙනද? ඔබ දෙපයින් සිටගෙනනම්..., කකුලෙන් අදින්නා; ඔබේ ප්‍රධානියා වුවත් ... ඔහු සිටින්නේ ඔබේ දෙපා මුල ඇද වැටීය. සතුටු වන්න..! දැන් ඔබට විකල්ප දෙකකි.

    1. ඔහුවත් නැගිටුවන්න - එවිට ඔහු ඔබේ දෙපයින් ඈත් වේවි! සැම විටම ඔහුටත් දෙපයින් නැගී සිටීම උදව් කරන්න; එවිට කිසි දිනක ඔහු ඔබගේ කකුලට ළං නොවනු ඇත. එසේ කිරීමට නොහැකිම නම්;

    2. ඔහුගේ අතේ දුරින් ඈත් වන්න - එනම් තව පියවරක් ඉහලට යන්න! ප්‍රවේශම් වන්න; එතැනද තවත් ඇද වැටුනු අයෙක් සිටීමට හැකිය! බලන්න ....... ඔබ සිටින්නේ බිම ඇද වැටීද? නැවතත් ඔබට විකල්ප තුනකි.
    1. වහා දෙපයින් නැගී සිටින්න; එවිට දෙකක් සිදු විය හැකිය. එනම්,
    i. ඔහු ඔබගේ කකුල අතහැර දමනු ඇත. නැත්නම්,
    ii. ඔහු ඇද වැටීමට ඉඩ ඇත. ප්‍රවේශම් වන්න. ඉහත විකල්පයකට යන්න.

    2. ඔහුට අසුවී ඇති ඔබගේ සපත්තුව හෝ කලිසම ඔහුට දී ඔබ ඉවත් වන්න; එය වඩාත් වටින්නේ ඔහුටය. එසේ කිරීමට නොහැකිම නම්;

    3. ඔහු ඔබව ඇදගෙන යන තැනට ඔහු සමගම යන්න ඔහු සමග එකඟ වන්න! ඔබටත් ඇවිදගෙන යන්නට හැකි නිසා ඔබව ඇදගෙන යාමට ඔහු වෙහෙස විය නොමැති බව වටහා දෙන්න.


    source