උඹ මෙහෙම කතා කරන්නේ උඹට වෙච්ච දෙයක් නිසා කියලා මට තේරෙනවා මචන්.ඔයා ඔයාගේ මතේ කිව්වා. මම මගේ මතේ කිව්වා. නෑයෝ, දන්න අඳුනන අය ගැන කිව්වේ ලොකු කමකට නෙවේ. නැත්තන් කට්ටිය විශ්වාස කරනවා අඩුයි නිකන්ම කිව්වහම.
![]()
මගෙත් හිතේ මචන් කිසිම කහටක් තරහක් නැහැ. මම මගේ අදහස මෙතන කිව්වෙත් මම ඒ දවස් වල රජයේ රස්සාවකට යන්න ආසාවෙන් හිටිය නිසා ඒ ගැන ගොඩක් හිතුව නිසයි. ඒ වගේම මම 2012 ලියපු " ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාන නිලධාරී ශ්‍රේණියට " තිබුණු විභාගයෙන් ලකුණු අනුව 9 වැනියට යන්න මට ලියුම ආවත් මම ගියේ නැත්තේ මම දැනට කරගෙන යන ව්‍යාපාර බොහොම සාර්ථක නිසා මම නිකන් හරි interview ගියා නම් තවත් මම වගේම ඒ දවස් වල රස්සාවකට යන්න ආසාවෙන් හිටපු කෙනෙකුට අවස්තාවක් නොලැබෙන නිසයි.
උඹ කියපු නිසාම මම තව දෙයක් කියන්නම්. නම් ගම කියන්න බැරි නිසා තමයි මටත් මේක ඔප්පු කරගන්න බැරි. නමුත් මම දන්නා පේරාදෙණිය කැම්පස් එකෙන් ගිය exam ලියා interview වත් නොගියපු කෙනෙක් අද ඉන්නවා ඇතුලේ, එයට හේතු උනේ ඔහුගේ පියා එකල රජයේ ප්‍රභල පුද්ගලයෙක් නිසයි. තවත් දෙයක් තමයි තෙවැනි දිනයේ තැපැල් කල ලියුම අතරේ මගේ ලියුම නොතිබුණු නිසා Custom එකට සහ Finance ministry සම්බන්ධ මහනුවර සිටින ප්‍රබල නිලධාරියෙකුගේ පුතෙකු කිව්වේ මට නම් අනිවාර්යෙන් ලියුම එනවා එක ගැන බයවෙන්න දෙයක් නෑ කියලා.
ඒ වගේමයි සියලුම සමස්ත ලංකා තරඟ වල කුසලතා සඳහා (ශිෂ්‍යභට ඇතුළු) ලකුණු 10ම ලබා දුන නමුත් ජනාධිපති බාලදක්ෂයන් හට කිසිදු ලකුණක් නොලැබීම. මම ඒ ගැන තර්ක කල නමුත් ඔවුන් එයට ප්‍රතිචාර දැක්වුයේ නෑ.
මම පිළිගන්නා එකම දෙය " විභාග දෙපාර්තමේන්තුවෙන්" කරන ලද විභාගය 100% සත්‍ය හා නිවැරදි නමුත් ක්‍රීඩා කුසලතා සඳහා ලකුණු ලබාදීමේදී ඕන තරම් අකටයුතුකම් සිදු උනා. මොකද තමන්ගේ සහතික පත්‍ර ක්‍රීඩා අමාත්‍යංශයට යොමු කොට සහතික කරගැනීමේදී බොහෝ අය හොර වැඩ කාලා කියන දේ ක්‍රීඩා අමාත්‍යංශයේ බොහෝ දෙන දන්නා දෙයක්.
විභාගයේ ලකුණු සහ interview එකේ ලකුණු පිළිගත හැකි මුත් ක්‍රීඩා සඳහා ලකුණු දීමීදී සිදුවූ දෙය දන්නේ උඩ ඉන්න දෙවියන් පමණි.
මේ සැරේ ක්‍රීඩා සඳහා ලකුණු දුන්නාද යන්න මම දන්නේ නැහැ. තවත් දෙයක් එම බඳවාගැනීම් දී සිදුවූ සියලුම හොර වැඩ gov.lk හි පළවූ නිසා ඔවුනට වෙබ් අඩවියද වසා දැමීමට සිදු උනා. ඒ පිලිබඳ තොරතුරු admin ගෙන් අසා ගන්න පුළුවන්.
ඒ ගැසට් පත්‍රයේ විවිධ විවිධ කරුණු වලින් කනෙන් රිංගීමට ඕන තරම් අවස්ථා ලබා දී තිබුනා.
මම ප්‍රර්ථනා කරනවා මෙවරවත් හැමදේම නිවැරදිව සිදුවේවා සහ සිදුවෙලා ඇතිය කියල. හැමෝටම ජයෙන් ජය....
ඔයා ඔයාගේ මතේ කිව්වා. මම මගේ මතේ කිව්වා. නෑයෝ, දන්න අඳුනන අය ගැන කිව්වේ ලොකු කමකට නෙවේ. නැත්තන් කට්ටිය විශ්වාස කරනවා අඩුයි නිකන්ම කිව්වහම.
Rep +
මට මේ ත්‍රෙඩ් එකට +රෙප් 30 ලැබෙනකොට -රෙප් ලැබුන 500 විතර මුල ඉඳලම, ඒත් මම රෙප් වලට මේක පටන් ගත්තෙ නැති නිසාත්, මම වගේම එක්සෑම් ලියන අනිත් අයට කුහක වෙන්නෙ නැතුව දන්න දෙයක් කියල දෙන්න ඕනෙ නිසාත් ත්‍රෙඩ් එක ඇදගෙන ගියා .. මෙතන ඉන්න ත්‍රෙඩ් එකට සහය දුන්නු සහෝදරයො ටිකත් විවිධ වර්ගයේ පොත් වර්ග ශෙයා කරමින් සහ විභාගෙට එන්න පුළුවන් කියල හිතෙන දන්න දන්න ගණන් කියල දෙන ගමන් ගොඩක් උදව් කළා අනිත් අයට
.. කලින් වචනෙකින්වත් උදව් නොදුන් දැනට කස්ටම්ස් එකේ වැඩ කරන පොරක් ඉන්න නිසාත්,
) ... මම හිටියෙ නැති උනාට සෙට් එකක් ඉන්නවනෙ .. හදවතින්ම උදව් කරන්න ආපු විශේෂ සහෝදරයන් කීප දෙනාට හා අනික් හැමෝටම බොහොම ස්තුතියි ... 

Ilanga exam ekata mamath full sup eka dennam... 
