කස්ටම් එකේ වේස බල්ලෝ...

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    කස්ටම් එකේ වේස බල්ලෝ...

    මේ කියල තියෙන ඒවා 5000%ක් ඇත්ත. :angry:අමු සක්කිලියෝ ඉන්නේ . උඹල සද්ද නැතුව ඉන්නව කියන්නේ උඹලම තමයි මුන්ට සල්ලි ගෙවන්නේ.:angry: උඹල කස්ටම් එකට ජරාව නොදුන්නට කම්පැණි වලට දෙන්ඩ සිද්ද වෙලා තියෙනවා .ඒ මුදල් ඔක්කොම අන්තිමට ගෙවන්නේ උඹලමයි.:angry:

    හරියට නූලට ඩොකියුමන්ට්ස් තිබ්බත් වැඩක් නෑ.:angry:ජරාව අතේ තියන්ඩම වෙලා තියෙන්නේ. අල්ලස් සහ දූෂණ කොමිෂන් එකට වරායට ඇතුල් වෙන්ඩ ටෝකන් 15ක් ඉල්ලල දැන් අවුරුදු දෙකකට වැඩී.ඒත් තාම මුන් ටෝකන් දෙන්නේ නෑ.:angry:

    මේකේ තත්වය අන්තිම දරුණු වෙලා තියෙන්නේ. අද දිවයින ලිපිය කියවපල්ල.:angry:

    උඹේ නංගියෙක් හරි අක්කෙක් හරි ඉන්නව නම් උඹල පගාවට හොරෙකුට කැමති නම් විතරක් ඔය කස්ටම් එකේ උන්ට කසාද බන්දල දීපල්ල.99%ක්ම පල්හොරු.:angry::angry::angry:


    Divaina article

    n3-1.jpg


    රේගු ජෝගි හෙවත් සුංගම් ගේම්
    අල්ලස්‌ දීමේ විද්‍යාත්මක ක්‍රමය මෙන්න!

    වාප්පු ලිපිකරුවන් හරහා ජරාව කෑම වැඩියි
    රේගුවත් - අල්ලසත් ගසට පොත්ත මෙනි

    රටකින් රටකට යම් කිසි දෙයක්‌ නීත්‍යනුකූලව රැගෙන යද්දී හෝ රැගෙන එද්දී එය අනිවාර්යයෙන්ම සිදු විය යුත්තේ වරායක්‌ හරහා හෝ ගුවන් තොටුපලක්‌ හරහා බව අපි දනිමු. මෙම භාණ්‌ඩ රටකින් රටකට එන්නේ මුහුදු මාර්ගය ඔස්‌සේ නැවකිනි. එක්‌කෝ අහස්‌ යාත්‍රාවක්‌ මගින් ගුවනිනි.

    සෑම රටක්‌ම අපේ රට මෙන් මුහුදින් වටවූ දූපත් නොවේ. ඒ නිසා එම රටවලට ඇත්තේ දේශසීමා, ගංගා, දිය අගල්, විශාල ප්‍රාකාර, කම්බි වැටවල් හෝ වෙනත් පාලන නීතීන්ය. මේ කුමන අන්දමකින් හෝ රටකින් රටක්‌ වෙන් වී තිබුණද යම් භාණ්‌ඩයක්‌ එකී රටකට ඇතුළුවීමේදී හෝ පිටවීමේදී ඒ අදාළ රටේ රජය විසින් ඒ බව දැන සිටිය යුතුය. එය වාර්තා විය යුතුය. මෙවැනි කාර්යයන් සඳහා බොහෝවිට බලය සහ ආධිපත්‍යය ඇත්තේ රේගුව හෙවත් කස්‌ටම් එක යනුවෙන් හඳුන්වනු ලබන රාජ්‍ය ආයතනයටයි.

    රේගුවක කාර්යභාරය වන්නේ රටකට ඇතුළුවන බඩුභාණ්‌ඩ හඳුනාගෙන ඒවායේ වර්ගීකරණය අනුව ඒවාට අදාළ බදු, තීරු බදු, අගය මත එකතු කළ බදු, එක්‌සයිස්‌ බදු, ආරක්‍ෂක බදු ආදී එකී නොකී මෙකී බදු වර්ග අය කර රටට ආදායමක්‌ සොයා දීම මෙන්ම රටකට අවශ්‍ය මොන භාණ්‌ඩද අනවශ්‍ය මොන භාණ්‌ඩද තහනම් දේ මොනවාද ආදිය සොයා බලා රට තුළට එන විවිධ දේ සීමා සහ පාලනය කිරීමයි.

    රේගුව නමැති මෙම රාජ්‍ය ආයතනය ගැන අද ලෝකයේ බහුතරයක්‌ රටවල ඇත්තේ ප්‍රසාදයක්‌ හෝ කීර්ති නාමයක්‌ නොවේ. විශේෂයෙන්ම ආසියාතික රටවල රේගුව යනු අල්ලස දූෂණයෙන් පිරි හොර ගුහා ලෙස කුප්‍රකට වී ඇති රාජ්‍ය ආයතනයි. යුරෝපය, අමෙරිකාව වැනි දේශයන් හි රේගුව යනු මානුෂික හැඟීම් නැති අමානුෂික එහෙත් නීතිගරුක නිලධාරීන් සේවය කරන දැඩි නීති පවතින ආයතන බවටද කතාවක්‌ පවතී.

    මෙම රේගු සංකල්පයට ඉතා ඈතට දිවෙන අතීතයක්‌ ඇත. ඉතිහාසය ගත් කල සුවිශේෂී වූ රේගු නිලධාරීන් තිදෙනෙක්‌ ගැන අපට සිහිවෙයි. ඉන් එක්‌ අයෙක්‌ සැමුවෙල් ඇඩම්ස්‌ය. (1722 සිට 1803) බොස්‌ටන්හි උපන් ඔහු කීර්තිමත් ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. ඇමරිකානු එක්‌සත් ජනපදය නිර්මාණය කිරීමේ කර්තව්‍යයේ පුරෝගාමියෙකුද වන සැමුවෙල් ලොව විසූ විධිමත් ලෙස මුල්ම බදු මුදල් පිsළිබඳ විශේෂයකු ලෙස ඉතිහාසයේ ලියවී ඇත.

    පළමුවැනි සියවසේ එනම් ක්‍රිස්‌තු වර්ෂ 30 පමණ ඉතිහාසයේ විසූ තවත් බදු අයකරන්නන් දෙදෙනෙක්‌ ගැන අතීත වාර්තා ඇත. දැඩි කෲර සහ ඉතා අසාධාරණ ලෙස අසරණයන්ගෙන් බදු මුදල් අය කළ ජෙරිකෝව නමැති ගමේ විසූ ධනවත් යුදෙව්වකු වූ සාකෙවුස්‌ ඉන් එක්‌ අයෙකි. ඔහු එවකට රෝම අධිරාජ්‍යයේ ප්‍රධාන බදු අයකරන්නා විය. අනිකා ගලීලයෙකු වූ මතෙව් නමැත්තාය. ඔහුද ගලීල දේශසීමා පසුකරන්නන්ගෙන් බදු අය කළ අයෙකි.

    එකල සමාජයේ බදු අයකරන්නන් හැඳින්වූයේ සුංගම් අයකරන්නන් ලෙසිනි. එසේම මේ සුංගම් අයකරන්නා යනු මහා පව්කාරයන් සහ හිතක්‌ පපුවක්‌ නැති අමනුස්‌සයන් වශයෙන්ද යුදෙව් ජනතාව පිළිගෙන සිටියහ. ඔවුන්ගේ රාජකාරිය වූයේ රෝම අධිරාජයාට මුදල් උපයා දීම නිසා මේ සුංගම් අයකරන්නන් තම ජාතිය පාවාදෙන අය වශයෙන්ද පලස්‌තීන වැසියෝ ප්‍රතික්‍ෂේප කර සිටිහය. එකල විසූ නාසරීය ගුරුවරයෙකු වන නස්‌රීන් හෙවත් යේසුස්‌ නමැති තරුණයා විසින් මැතිව් නමැත්තාව තම ගෝලයෙක්‌ වශයෙන් පත්කර ගත් අතර සාකෙවුස්‌ගේ නිවසට ගොස්‌ ඔහු සමඟ රාත්‍රි ආහාරයට පවා ඉඳගෙන ඔහු තුළ තිබූ මසුරු කෲර පාපකාරී ගතිගුණ ඉවත් කර යහපත් අයෙතු බවට පත්කළ බව ශුද්ධ ලියවිලි පවසයි.

    එකල සුංගම් අයකරන්නෝ පාපිෂ්ටයන් ලෙස සැලකුවද අද සමාජයේ නම් සුංගම් අයකරන්නෝ හෙවත් කස්‌ටම් ඔµsසර්ලාට ඇත්තේ අසමසම අද්වීතීය ස්‌ථානයකි. කවුරුත් ඔවුනට ගරු කරති. හිස නමති ඔවුන් ඉදිරියේ දෙකට තුනට නැමෙති. ඔලුව කසති. ඒත් ඒ සැබෑ ගරුත්වය සඳහාද නැත්නම් කාරිය කර ගැනීම සඳහාද කියා නොදනිති. අප දකින අපට හමුවන වත්මන් සුංගම් අයකරන්නන් දෙස බලන කල ඔවුන් පරිහරණය කරන වාහන වාසය කරන මහල් මන්දිර සහ ගත කරන සුපිරි ජීවිත දකිද්දී සිතෙන්නේ ඔවුන්ට කප්රුක පහල වී සිතූ පැතූ සම්පත් ලබා දෙන සුරබිදෙනගේ පිහිට ලැබී ඇති බවයි.

    බදු අය කිරීම් සුංගම් ගැනීම් වැනි කටයුතු අප රට තුළ රජ කාලයේ පැවතුණි එකලද රජවරුන් තම පැවැත්ම සහ රට පාලනය සඳහා මුදල් සපයා ගත්තේ සාමාන්‍ය ජනයා වෙත බදු බර පැටවීමෙනි. අධිරාජ්‍යයන් විසින් අප රට පාලනය කළ සමයේද ජනතාවට බොහෝ බදු පනවා තිබුණි. 1806 දී පමණ කාලයේදී ඔවුන් බදු අයකිරීම විධිමත්ව කළ බවට එහි සාක්‍ෂිපාදක මූලාශ්‍ර ඇත. 1947 සිට 1972 දක්‌වා කාලය තුළ අපේ රේගුව Hඵ Ceහකදබ CමිඑදපිÊකියා හැඳින්වුණු අතර දැන් එය ශ්‍රී ලංකා රේගුව වශයෙන් හඳුන්වයිග

    කුඩා කල අපේ පන්තියේ සිටි ජයන්ත හතේ පන්තියේ සිටම සිහින මැව්වේ කස්‌ටම් එකට පැනගන්නයි. කෙසේ හෝ ඔහු උසස්‌ පෙළින් පසු රේගුවේ රස්‌සාවකට ගිය අතර දැන් අපට අල්ලන්නටවත් බැරි සුපිරි පන්තියේ ලොක්‌කෙකි. ජයන්ත එකල නිතර කියන දේවල් මට තාම මතකයේ ඇතග

    . මං කවද හරි රස්‌සාව කරන්නෙ කස්‌ටම් එකේ. ඒකෙ මාර පඩි... ඒ වගේම වෙන වෙන වාසි. එතැන වැඩ කරන මහත්තුරු හැමදාම ගෙදර යනකොට සල්ලි මහ ගොඩක්‌ අරන් යනවලු. ඒ ගොල්ලො වියදම් කරන්නෙ සුද්දො වගේලු. අපේ තාත්තත් වැඩ කරන්නේ කස්‌ටම් එකට සම්බන්ධ වෝµa ක්‌ලාක්‌ කෙනෙක්‌ හැටියට. ඒ නිසා තාත්තා තමයි මට කස්‌ටම් එකේ විස්‌තර කියන්නේ ,,

    ජයන්තගේ තාත්තා වෝµa ක්‌ලාක්‌ හෙවත් වාප්පු ලිපිකරුවෙකි. වාප්පු ලිපිකරුගේ කාර්යභාරය වෙන රටකින් අප රටට එන බඩු භාණ්‌ඩ නිදහස්‌ කර ගැනීම සඳහා ආනයනකරු අපනයන කරු රේගුව සහ වරාය යන පාර්ශවයන් හතර සමඟ අතරමැදිකම් කිරීමයි. දැන් වාප්පු ලිපිකරුවෝ නැත. ඒ වෙනුවට ඉන්නේ විධායක වාප්පු නිලධාරීන් හෝ රේගු නියෝජිතවරුන්ය. (එග්සෙකටිව් වෝµa ඔµsසර් හෙවත් කස්‌ටම් හවුස්‌ ඒජන්ට්‌ස්‌) වාප්පු ලිපිකරු කියන වචනය එතරම් ලස්‌සන නැති නිසා ඔවුන් මෙසේ නම වෙනස්‌ කරගෙන ඇතග

    හැමෝටම වෝµa එකේ වැඩ කරන්නට නොහැක. ඒ සඳහා යම් විභාග කීපයක්‌ කොට ඒවා සමත් විය යුතුය. එසේම බලපත්‍රයක්‌ සහිතව කුඩාවට හෝ කොම්පැනියක්‌ ස්‌ථාපිත කළ යුතුය. ශ්‍රී ලංකාවට වාහන ආනයන අපනයන කරන කොම්පැණියක හිමිකරුවෙක්‌ මා සමග කියා සිටි අන්දමට වාප්පු ලිපිකරු යනු අල්ලස්‌ සහ පගා දීමට ලයිසන් එකක්‌ ඇති එළිපිටම එන කරන්නට බය නැති චරිතයකිග

    . මම අවුරුදු තිහක්‌ වාප්පු ලිපිකරුවෙකු හැටියට වැඩ කරල තියෙනව. මගේ අත්දැකීමේ හැටියට ඒකේ සියලුම දෙනා අල්ලස්‌ ගන්නවා. ඒක රුපියල් 20 ඉඳන් කෝටි ගාන දක්‌වා වෙනව. මුදල් භාණ්‌ඩ, මත්පැන්, කැම ජාති ලිංගික සේවා ඔය වගේ ඕනැම දෙයක්‌ වෙන්න පුලුවන්. මං දන්න හැටියට අල්ලස්‌ ගන්නෙ නැති නිලධාරීන් එක්‌කෙනයි හිටියෙ. අනික්‌ ඔක්‌කොම අල්ලස්‌ ගන්නවා. රේගුව සියයට සීයක්‌ දූෂිතයි. මේ කියන්නෙ මගේ අත්දැකීමෙන්. මං විතරක්‌ නෙමෙයි මුදල් ඇමතිල අගමැතිල ජනාධිපති පවා මේ ගැන දන්නවා. ඒත් කවුරුත් රේගුවට අත තියන්න බයයි.

    ඒ සාමාන්‍ය නෞකාභාණ්‌ඩ (ඨැබැර්ක Caරටද) නිෂ්කාශනය සහ මුදාහැරීම පිළිබඳ දිගු කාලීන හසළ අත්දැකීම් ඇති කේපීඇම් මහතාගේ අදහසයි.

    මෙයට මඳ කලකට පෙර රේගුවේ මූලික ලිපිලේඛන අනුමත කිරීමේ සහ මුදල් ගෙවීම දක්‌වා (එන්ටි්‍ර පාසිං) කටයුතු කළ දිගු කාමරය හෙවත් ලෝං රූම් එකට යැම එතරම් අපහසු කටයුත්තක්‌ නොවුණද දැන් රේගු කටයුතු සිදුවෙන නව ගොඩනැඟිල්ලට යැම නම් මට හිතුණ තරම් පහසු නොවීය. නමුත් වසර තිහක රහස්‌ සේවා ක්‍රියා අත්දැකීම් අපටද ඇති නිසා එය ඇතුළට වැද කරුණු කාරණා සියෑසින් දැකගන්නට මට පසුගිය සතියේ අවස්‌ථාව උදා විය. වැඩි කතා වුවමනා නැත. නිලධාරීන් Rජුවමත් වක්‍රාකාරයෙනුත් අල්ලස්‌ ගන්නා අයුරු මම සියෑසින්ම දිටිමි.

    බහුතරයක්‌ නිලධාරීන් ජරාව කන්නේ වාප්පු ලිපිකරුවන් හරහාය. සමහරුන් මුදල් එළියේ තැනකදී හමුවී ලබා ගනී. තවත් සමහරුන්ගේ ලාච්චු වලට මුදල් දැමිය යුතුය. ඉස්‌සර බ්‍රයිබරියෙන් ( අල්ලස්‌ කොමිසමෙන් ) එකවර පැන නිලධාරියාත් දුන්නු කෙනාත් අල්ලාගෙන කුදලාගෙන ගියද දැන් ප්‍රධාන දොරටුවෙන් රහසිගතව මැස්‌සෙකුටවත් ඇතුල්විය නොහැකි නිසා වැඩිදෙනෙක්‌ හිතු හැටියට අල්ලස්‌ ලබා ගනිතිග

    ආනයනකරුවන් විසින් වාප්පු ලිපිකරුවන් හරහා නිලධාරීන්ට අල්ලස්‌ ලබා දෙන්නේ කරුණු කීපයක්‌ නිසාය ඒ

    *තමන් ගෙන්වන ලද බඩුභාණ්‌ඩ පිළිබඳ හෝ එයට සම්බන්ධ ලිපි ලේඛනවල කුමක්‌ හෝ අඩුපාඩුවක්‌ වංචාවක්‌ හොරයක්‌ තිබීම නිසා එය අනුමත කරවා ගැනීමට නිලධාරීන්ට අල්ලස්‌ ලබා දෙයි.

    * තහනම් හෝ නීති විරෝධී දෙයක්‌ අනුමත කර ගැනීම සඳහා මුදල් ලබා දෙයි

    * ඉතාම ඉක්‌මනට තම කටයුතු කරවාගෙන තම බඩු වරායෙන් එළියට ගැනීම සඳහා හෙවත් වැඩේ ඉක්‌මන් කරවා ගැනීම සඳහා

    * තම බඩු වලට අඩු අගයක්‌ දමා ඒ අගයට අඩු බද්දක්‌ නියම කරවා ගැනීමට

    මෙවැනි කරුණු නිසා බහුතරයක්‌ දෙනා අල්ලස්‌ දුන්නද කිසි වැරුද්දක්‌ අඩුපාඩුවක්‌ හෝ හදිසියක්‌ නැති බඩු සඳහාද සමහර තැන් වලදී අල්ලස්‌ දීමට සිදුවෙයි. එය දැන් රේගුවේ පුරුද්දක්‌ හෝ චාරිත්‍රයක්‌ බවට පත්ව ඇත. කොතරම් නිරවද්‍ය වුවද තෙකරම් සාධාරණ වුවද එය අනුමත කරගැනීම පිණිස අද ජරාව දීම අනිවාර්ය වී තිබේ.

    සමහර නිලධාරීන් හැමෝගෙන්ම ජරාව කන්නේ නැත. ඔහු තමාට සුබදායක යයි හිතන වාප්පු නිලධාරියා එනතුරු උදේට සියලු වැඩ නවත්වා බෙල්ල දික්‌ කරන් බලා සිටිති. "සර් ඉක්‌මනට මේක පාස්‌ කරන්න. ඩබල් දෙන්නම්" කියා කීවද මහත්තයා කියන්නේ.

    "හිටපං යකෝ කෑනොගහ. ගන්න එක උදේ පාන්දර හොඳ අතකින් ගන්න ඕනි. උඹලගෙන් ගත්තම දවසම මස්‌තබාල්දුයි. ලක්‍ෂයක්‌ හම්බකරත් වගතුවක්‌ නැහැ. තුෂාරයගෙ අත හොඳයි. දවසම සරුයි උදෙන්ම උගෙන් කියක්‌ හරි ගත්තම."

    මෙවැනි සමහර නිලධාරීන් නිසා අනික්‌ වාප්පු ලිපිකරුවන්ට තම ලිපි ගොනු කිහිල්ලේ ගසාගෙන තුෂාර එනතුරු පෝළිමේ පැය ගානක්‌ බලා සිටිය යුතුය.

    බැංකුවක්‌ හරහා ණයවර ලිපියක්‌ විවෘත කර මුදල් පිටරටකට යෑවූ පසු අප ඇණවුම් කරන ලද භාණ්‌ඩය හෝ තොගය එසේත් නැත්නම් සම්පූර්ණ කන්ටේනරය (FCඛ මෙකක ජදබඒසබැර කද්d ) හෝ එය තුළ බහාලන ලද ලිහිසිය (ඛCඛ කදදිe ජදබඒසබැර කද්d) තම රටට ඒ රටේ ආනයනකරු (සැපයුම්කරු) විසින් නැව්ගත කරයි. ඒ සමඟම එම බඩුවලට අදාළ ඉන්වොයිසිය, නැව්භාර ලිපිය, ඇසුරුම් විස්‌තර, ලියාපදිංචි ලේඛන, වැලිවේෂන් හෙවත් වටිනාකම පිළිබඳ ලිපි වැනි ලිsපිලේඛන තැපෑලෙන් බැංකුව වෙත එවනු ලබයි. ආනයනකරු විසින් එය බැංකුවෙන් ලබාගෙන වාප්පු ලිපිකරු වෙත ලබා දෙන්නේ බඩු වරායට කිට්‌ටු වෙන්නට පෙර මූලික කටයුතු අවසන් කරගනු පිණිසයි. එනම් ඇන්ටි්‍රය පාස්‌කර ගැනීම අවශ්‍ය බදු මුදල් ගෙවීමට සූදානම් කිරීම ආදියයි. බඩු වරායට ආ පසු ඒවා හොඳින් නිරීක්‍ෂණය කොට තක්‌සේරුකොට බද්දක්‌ නියම කරන්නේ රේගු නිලධාරියායි. ඉන්පසු ඔහු නියම කරන බදු මුදල රාජ්‍ය බැංකුවක්‌ හරහා රේගු ගිණුමට බැර කළ යුතුය එය නීත්‍යනුකූල ක්‍රියාවකි. නමුත් නිතියට පිටින් අල්ලස්‌ වශයෙන්ද නිලධාරීන්ට විශාල මුදලක්‌ ගෙවීමට සිදු වෙයි. ඒ ඇන්ටි්‍රය හෙවත් ලිපිගොනුව පාස්‌ කර ගැනීමටයි.

    මේ නිසා ආනයනකරු විසින් තම ඒජන්තවරයා හරහා උදේම රේගුවට යැමට පෙර වෙනම මුදලක්‌ වාප්පු ලිපිකරුට ලබා දෙයි. ඒ ඒ අදාළ නිලධාරියාට ජරාව ගෙවන්නේ වාප්පු ලිපිකරු විසිනි.

    අල්ලසට, පගාවට, ජරාවට කුවින්තාන්සි නිකුත් නොකෙරේ. ඒ නිසා වාප්පු ලිපිකරු විසින් තමා මුදල් දෙන නිලධාරියාගේ තනතුරු සහ දෙන ලද මුදල කුඩා කොල කැබැල්ලක ලියා ලයිස්‌තු ගත කරයි. ඒ සවසට තම ආයතන ප්‍රධානියාට වියදම් විස්‌තර පෙන්වනු පිණිසයි. ඒ ඒ භාණ්‌ඩ සහ ප්‍රමාණය සඳහා ගෙවිය යුතු මුදලේ අගය වෙනස්‌ වෙයි. සමහර නිලධාරියෙකු අය කරන අල්ලස රුපියල් සියයකි. තවත් අයෙක්‌ දාහකි, පන්දාහ, දහදාහ, ලක්‍ෂය කෝටිය දක්‌වා ඉහළට යන අල්ලස්‌ ද ඇත.

    අල්ලස්‌ ජෝගියේ දෙවැනි බාගය ඇරඹෙන්නේ බඩු පැටවීමට හෝ එළියට ගැනීමේ ක්‍රියාවලියේදීය. එය කෙරෙන්නේ වරාය ඇතුළේදීය. ගුදම් භාරකරුට, ලිපිකරුට, පරීක්‍ෂකට, ආරක්‍ෂක නිලධාරියාට, තක්‌සේරුකරුට සහ අවසානයේ ගේට්‌ටුවේ සිටින අයට පවා මුදල් දීමට සිදුවෙයි.

    රථ වාහන ගෙන්වන ආනයනකරුවන්ද දස දහස්‌ ගණන් අල්ලස්‌ ගෙවන්නේ තම වාහන වරායෙන් නිරුපද්‍රිතව පිටකර ගනු පිණිසයි. සාමාන්‍යයෙන් අත යට මුදල්, අල්ලස්‌, පගාව වෙනත් වියදම් ආදිය සියල්ල සමගින් අද රේගුව හරහා වරායෙන් වාහනයක්‌ එළියට ගැනීමට බදු මුදලට අමතරව වෝµa ක්‌ලාක්‌ට රුපියල් ලක්‍ෂයකට වඩා මුදලක්‌ දිය යුතුය. ඔවුන් කියන පරිදි ඉන් වැඩි කොටස මහත්තුරුන්ටය. දිගු කාමරය තුළදී ඇන්ටි්‍රය හෙවත් ලිපිගොනුව පාස්‌ කරන්නට මෙන්ම වාහන අංගනයට ගොස්‌ වාහනයේ චැසි අංකය එන්ජින් අංකය ආදිය පරීක්‍ෂා කරන්නටත් එහි ඇති අමතර දේ සහ උපාංග පිළිබඳව සහතික කරන්නටත් මහත්තයාට වෙනම ගාණක්‌ දිය යුතුය.

    ඉන්පසු වාහනය අංගනයෙන් නිදහස්‌ කොට වරායෙන් පිටකරන්නටත් සෑහෙන ගාණක්‌ අල්ලස්‌ දිය යුතුය. කලින් කී පරිදි කී ක්‌ලාක්‌, යාඩ් ක්‌ලාක්‌, ඇප්රේසර්, ස්‌ටෝ කීපර්, සිකියුරිටි ආදී එකී නොකී චරිත වලට දහස්‌ ගඛන් මුදල් ගෙවිය යුතුය.

    "අපි කැමැත්තෙන් නෙමෙයි, අයියෙ ජරාව දෙන්නෙ. මෙයාලව අපේම අය ජරාවට පුරුදු කරලයි තියෙන්නෙ. ඇති වැරැද්දකුත් නැහැ, µයිල් වල. ඒත් සල්ලි දෙන්න ඕනි. අපි දෙන්න බැහැ කිව්වම කියන්නේ. උඹලගේ අතින් පයින් යන්නෙ නැහැනෙ කොල්ලො. කොම්පැණියෙන් ගෙවනවනේ. උඹල පණ්‌ඩිත නොවී මගේ ගාන දීපං, කියලයි."

    එදා රේගු පරීශ්‍රයේදී හමු වූ කල්ප නමැති නවක වාප්පු ලිපිකරුවා මා සමග තම අදහස්‌ බෙදා ගත්තේ එසේය. රැකියාවක්‌ නැතිකමට ඔහු මෙම රස්‌සාවට ආවද ආපු මාස කීපය තුළ ඔහුට ඇත්තේ අපේ රජයේ ආයතනයක්‌ වන රේගුව ගැන මහත් කලකිරීමකි අප්පිරියාවකි.

    "මේ අය හිතන්නෙ නැද්ද අයියෙ ඒ කන ජරාවත් ඇඩ් වෙන්නෙ අසරණ පාරිභෝගිකයට කියල. ඉම්පෝටර් කෙනෙක්‌ වාහනයක්‌ එළියට ගන්න රුපියල් ලක්‍ෂයක්‌ ජරාව දුන්නනං එයා ඒක තමන්ගේ ලාභයෙන් අඩු කර ගන්නෙ නැහැනේ. ඒකත් අල්ලන්නේ අපෙන්නේ. වාහන විතරක්‌ නෙමේ රටට එන ඇල්පෙනෙත්තේ ඉඳල මහ විශාල මැෂිම දක්‌වාත් පරිප්පු ඇටේ ඉඳන් හැමදේකටමත් මුන් ජරාව කනවා ඒව ඔක්‌කොම අල්ලන්නෙ අහිංසක මහජනතාවගෙන්,"

    අපට හමුවූ තරුණ අලුත් පරම්පරාවේ නිදහසේ වැඩ කරන්නට කැමැති කීප දෙනෙක්‌ම කියා සිටියේ ඔවුන් මේ අල්ලස්‌ ක්‍රමයට තරයේම විරුද්ධ බවයි. මේ සඳහා ළඟදීම යමක්‌ කරන්නට කීප දෙනෙක්‌ සැලසුම් කරගෙන සිටිව බවත් ඔහු පැවසීය.

    ආණ්‌ඩුවත් මේව දන්නව, ඇමතියොත් දන්නව, ඒත් කතා කරන්නෙ නැහැ. එකපාරක්‌ ආණ්‌ඩුව හැදුව සී සී ටී වී කැමරා හයිකරන්න. ගොඩක්‌ අය ඒකට විරුද්ධ වුණා. මොකද තමන් කරන වැරදි සහ ජරාව කන හැටි පේන නිසා. අල්ලසට විරුද්ධ අලුත් නීති ගේන්න දැන් කාලෙ හරි අයියෙ,

    රේගුවේ අල්ලස්‌ කෙළිය යන්නෙ අද ඊයේ සිට නොවන බව මම සක්‌සුදක්‌ සේ දනිමි. මෙයට වසර තිහකට පමණ සිට පෙර මා බොහෝ වර රේගුව තුළ සැරිසරා ඒ පිළිබඳව විමර්ශනය කර ඇත්තෙමි. එදා වාහනයක්‌ ආ නැව් ලැයිස්‌තුව (මැනිෙµස්‌ට්‌ එක) පරීක්‍ෂා කරනු පිණිස මා අතින් රුපියල් විස්‌සක ජරාවක්‌ කෑ අයෙක්‌ අද එක්‌තරා පලාත් සභාවක ලොකුම ලොකු නිලයක්‌ දරයි. ඉඳහිට අප මුහුණට මුහුණ හමුවන අතර ඔහු මා නොදැක්‌කා මෙන් අහක බලා ගනී.

    රේගුව සහ අල්ලස යන දෙය අද ගහට පොත්ත සේ ඇලී තිබෙයි. මේ දෙක වෙන් කිරීමට අප රට තුළ පත්වූ කිසිම රජයකටවත් කිසිම දේශපාලන පක්‍ෂයක නායකයෙකුටවත් කිසිදු උවමනාවක්‌ මෙතෙක්‌ ඇති වී නැත.

    අල්ලස්‌ දීම තුළින් මනුෂ්‍ය සාරධර්ම පිරිහෙයි. සොරුන් වංචාකරුවන් බිහිවෙයි. එමෙන්ම රට තුළට නීති විරෝධි සහ භයානක තහනම් දේ ඇතුළුව ඒවා විසින් අපේ ජන ජීවිත අවුල් කරයි.

    මිත්‍ර ශ්‍රී කරුණානායක


     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ඇමතිලා ජනාධිපතිලා හතර අතට කොමිස් ගන්නවා
    අල්ලස් එකේ ලොක්කොත් හතර අතට අල්ලස් ගන්නවා
    ඒවා හොයන්න කවුරුවත්ම නැහැ
    පොඩි පොඩි හොරකම් අල්ලන්න නම් කට්ටියම පෙළ ගැහිලා එන්නේ
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඉතින් ඔය කියන තරම් නම් යකා කළු නෑ පුතී.. මේක ශුවර් එකටම වෝෆ් ක්ලාක් කෙනෙක් ලියපු එකක්. උන් අනික් හොරු. මොනාහරි පගාවක් ඇතුලට දෙනකොට පිටට කියන්නේ තව ඒකට ගාණක් ඇඩ් කරලා. උදාහරණෙට අතෙන්ට පගාව පනස්දාහක් ඉල්ලනව නම් එලියට ඇවිත් අරූ කියන්නේ මාර වැඩේනේ 80ක් වත් ඉල්ලනවා. මම ටෝක දාලා 65කට අඩු කරගත්තා වගේ සක්කිලි කතාවක්. ඔකුනුත් පගා මරුවො. යාදෙනව පුදුමයි එහෙම ගන්න සල්ලි වලින්. කස්ටම් එක නෙවෙයි ආර් එම් වී එක, ග්‍රේලයින් එකේ හැමතැනම ඔහොම තමා. පගාව ගත්තට මොකද රිසිට් දෙනවයෑ වාප්පුවට ගන්න ඌ. ඉතින් වාප්පුවා අපිට කියන ගාන අපි උට දෙන්නම ඕන ගොඩ දාගන්න නම් කේස් එක. ඔක්කොම හැත්ත හොරු ඉන්නේ 90% විතරම ඔව්වගේ.
     
    • Like
    Reactions: amila_perera

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    එකපාරක්‌ ආණ්‌ඩුව හැදුව සී සී ටී වී කැමරා හයිකරන්න. ගොඩක්‌ අය ඒකට විරුද්ධ වුණා. මොකද තමන් කරන වැරදි සහ ජරාව කන හැටි පේන නිසා.

    :lol:

    Hamuda Anduwak enna ona me wage dewal hadanna nan
     
    Last edited:

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink

    Hamuda Anduwak enna ona me wage dewal hadanna nan

    හමුදා ආණ්ඩුවක් ආවොත් නම් පොඩි පොඩි නිළ තියෙන කොල්ලන්ට ලස්සන කෙල්ලෝ තමා බඳින්න වෙන්නෙ
    නැත්තම් උසස්වීම් ලැබෙන එකක් නැහැ :rofl::baffled:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    hmm eka aththa..

    mage yaluwek ge wahaneka awlak una.. chassis number eke custom eken eka akurak waraddala liyala 1 wenuwata I gahala.. antimata loku case ekak awa.. wahane inspectors la inspect karala awlak na kiyala tibba.. hoyagena yaddi thama custom eken waraddala tibbe..

    hemadema hariyata tibilath wede masa ganak yanakan karaganna beri una..
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    FOOLISH COUSTOMS OFFICER

    Sometime in mid eighties AUTOMATIC TRANSMISSION cars became popular among rich people.

    One customs officer bought such car, and had a flat battery, so he try to push start it.

    When he could not push it, he tow it with another vehicle and try to start it, and trash the whole car.

    I had a really hard time explaining him about his foolish actions.
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    Sometime in mid eighties AUTOMATIC TRANSMISSION cars became popular among rich people.

    One customs officer bought such car, and had a flat battery, so he try to push start it.

    When he could not push it, he tow it with another vehicle and try to start it, and trash the whole car.

    I had a really hard time explaining him about his foolish actions.
    so that mean all officers are stupid? :)
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    කස්ටම් එකේ වේස බල්ලෝ... 01-22-2017 11:37 AM danna pukak kiyapan pons

    :( කස්ටම් එකේ පගාවෙන් බඩවියත රැකගන්න වසලයෙක් රෙප් උඩ රීල ගිහින්. ලෙන්සුවක් එලන් හිඟපන් ඔයිට හොඳා. යාදෙන් නෑ තොපිට අසාධාරනෙන් ගන්න සල්ලි පුතී. කෙලවෙනකොට මේ රිප්ලයි එක සිහියට පැමිනේවා. :yes:
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    කස්ටම් එකේ වේස බල්ලෝ... 01-22-2017 11:37 AM danna pukak kiyapan pons

    :( කස්ටම් එකේ පගාවෙන් බඩවියත රැකගන්න වසලයෙක් රෙප් උඩ රීල ගිහින්. ලෙන්සුවක් එලන් හිඟපන් ඔයිට හොඳා. යාදෙන් නෑ තොපිට අසාධාරනෙන් ගන්න සල්ලි පුතී. කෙලවෙනකොට මේ රිප්ලයි එක සිහියට පැමිනේවා. :yes:

    True men
     
    • Like
    Reactions: pradeeplk1025