'කසිප්පු වඩියකට' ඉඩ අපේක්ෂකයෝ ඉල්ලති

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    'කසිප්පු වඩියකට' ඉඩ අපේක්ෂකයෝ ඉල්ලති

    [FONT=&quot]ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

    [/FONT]

    [FONT=&quot]
    gooda.jpg


    තමන් කිසිදා කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක් කාර්යාලය පිටුපස දින දෙක තුනකට වරක් කසිප්පු වඩියක් දමා ගැනීමට අවසරයක් දෙන්නේ නම් එය තම මැතිවරණ කටයුතුවලට මහත් රුකුලක් බව ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් වැටලීම සඳහා ගිය අවස්ථාවක ප්‍රධාන පෙළේ පක්ෂයක අපේක්ෂකයෙකු පොලිසියට පවසා තිබේ.
    පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පවත්වාගෙන යන නීත්‍යනුකූල මැතිවරණ අපේක්ෂක කාර්යාලයක් පිටුපස නීතිවිරෝධී මත්පැන් පෙරීමක් වන බවට ‍පොලීසියට ලැබුණු තොරතුරක් මත ‍පොලිසිය අදාළ කාර්යාලයට ගොස් පරීක්ෂා කර තිබේ.
    එහි ගිය ‍පොලිස් නිලධාරීන් මැතිවරණයට තරග වදින අපේක්ෂකයා හමුවී ඔහුට එරෙහිව කසිප්පු පෙරන බවට පැමිණිල්ලක් තිබෙන බව පවසා ඇත.
    එම අපේක්ෂකයා ඉහත සඳහන් ඉල්ලීම කොට ඇත්තේ එම අවස්ථාවේ දීය.
    රැය පහන්වන තුරුම ආධාරකරුවන් තම පක්ෂ කාර්යාලයේ රැඳී සිටිමින් උදව් උපකාර කරන්නේ මත්පැන් සංග්‍රහ පවත්වන්නේ නම් පමණක් බව එවිට එම අපේක්ෂකයා ‍පොලීසියට පවසා තිබේ. කසිප්පු වැටලීම් සඳහා ගිය අවස්ථා කිහිපයක දී මීට පෙරද එවැනි ඉල්ලීම් ඉදිරිපත් වූ බව පැවැසූ නිලධාරීහු මේ දිනවල කසිප්පුවලට තිබෙන ඉහළ ඉල්ලුම නිසා ජාවාරම්කරුවන් කසිප්පු පෙරීම හා බෙදාහැරීම ජයටම සිදුකරන බවද කීහ.
    ඊට අමතරව අපේක්ෂකයන් කුලී කරුවන් යොදවා කසිප්පු පෙරන අවස්ථා ඇති බවද ඔවුහු කීහ.
    ආධාරකරුවන්ට පානය කිරීම සඳහා රජයේ මත්පැන් ලබාදීම සඳහා අධික මිලක් වැය වන බැවින් විවිධ අපේක්ෂකයන් කුලීකරුවන් යොදාගෙන තම මැතිවරණ කාර්යාල ආසන්නයේ නීති විරෝධී මත්පැන් පෙරා ගැනීම සිදුකරන බවද ‍පොලිස් නිලධාරීහු පැවැසූහ.
    එම පොලිස් නිලධාරීන් වැඩුදුරටත් පවසනුයේ පවතින තත්ත්වය යටතේ මෙබඳු කසිප්පු සංග්‍රහ නොපවත්වන්නේ නම් මෙවර මැතිවරණයෙන් දිනීමට අපහසු බැවින් ප්‍රධාන පක්ෂවල අපේෂකයන් අවශ්‍ය බඩුබාහිරාදිය සහ උපකරණ ලබා දී විවිධ පුද්ගලයන් ලව‍ා එසේ කසිප්පු පෙරීම සිදුකරන බවය.

    එමෙන්ම මැතිවරණ දිනය තෙක් පමණක් ඒ සඳහා අවසර ලබා දුනහොත් මැතිවරණයෙන් බලයට පත් වූ පසු පොලිස් නිලධාරීන්ට ද හොඳින් සලකන බව ඔවුන් පැවසූ බව පොලිස් නිලධාරීහු කියති.

    බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර

    [/FONT]
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,819
    113
    අඩෝ පක්ශේ මොකක්ද කියලා දාපන්කෝ බං. මට නම් හිතෙන්නේ පොහොට්ටුව කියලා. පොහොට්ටු කාරයින්ගේ නිළ පානයනේ