මිතුරන් කිහිප දෙනෙකු සමඟ එක්වී ලෝක ළමා දිනය සැමරීම සඳහා කසිප්පු බෝතලයක් පාසලට ගෙනා බව කියන හය වැනි වසරේ ඉගෙනුම ලබන11 හැවිරිදි සිසුවකු එම කසිප්පු බෝතලයද සමග ඊයේ (1) තිස්සමහාරාම පොලිසිය භාරයට ගනු ලැබීය.මෙසේ පොලිස් භාරයට ගත් සිසුවා තිස්සමහාරාම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන එම ප්‍රදේශයේම පදිංචි අයෙකි.
මෙම සිසුවා පෙරේදා ඔහුගේ පන්තියේම ඉගෙනුම ලබන සම වයසේ පසුවන සිසුන් දෙදෙනකුට තමා ළමා දිනය සැමරීම සඳහා කසිප්පු ගෙන එන බවත් ඒ සඳහා අවශ්‍ය බයිට් මිලදී ගැනීම සඳහා මුදල් රැගෙන එන ලෙස එම සිසුන් දෙදෙනාට දැනුම් දී ඇති බවත් තිස්සමහාරාම පොලිසිය සඳහන් කරයි. පෙර දින සවස් කාලයේ බෝතලයක කසිප්පු බාගයක් දමාගෙන පාසල් වත්තට හොර රහසේ රිංගා එම බෝතලය පාසල් වත්තේ වළක් හාරා වළ දැමූ බව සිසුවා විදුහල්පතිවරයා සමග හෙළිකර ඇතැයි පොලිසිය කියයි.
සහකාර පොලිස් අධිකාරී ගයාන් ප්‍රසන්න මහතා මේ බව තිස්සමහාරාම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට දැනුම් දී එහි නිලධාරීන් දෙදෙනෙකු සහ නිලධාරිනියක් එම විදුහලට යවා එම බාල වයස්කාර දරුවා කසිප්පු බාගයක් අඩංගු බෝතලයද සමග පොලිස් භාරයට ගනු ලැබීය.
ලෝක ළමා දිනය වෙනුවෙන් පන්තියේ මිතුරන් දෙතුන් දෙනෙකු සමග එක් වී මත්පැන් සාදයක් පැවැත්වීම සඳහා කසිප්පු රැගෙන ආ බව පොලිස් භාරයට ගත් එකොළොස් හැවිරිදි දරුවා ප්‍රශ්න කිරිම්වලදී හෙළිකර ඇත.තමාගේ බාප්පා කසිප්පු පානය කරන අයකු බවත් කසිප්පු බෝතලයක් නිවසට රැගෙන ඇවිත් තිබියදී එයින් භාගයක් ඔහුට හොරෙන් බෝතලයකට හලාගෙන එය රැගෙන ඇවිත් පාසල් වත්තේ සැඟවූ බව සිසුවා පවසන්නේ යැයි පොලිසිය කියයි.
සහකාර පොලිස් අධිකාරි ගයාන් ප්‍රසන්න මහතා ලබාදුන් උපදෙස් අනුව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වා සැකකාර සිසුවාගේ බාප්පාගෙන් කසිප්පු බෝතලය මිලදී ගත් අය ගැන තොරතුරු අනාවරණය කරගෙන ඊයේ කසිප්පු ජාවාරම් කරුවකු බව කියන එම පුද්ගලයාද සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.මෙම කසිප්පු ජාවාරම්කරුගේ නිවසේ තිබී කසිප්පු පෙරීමට පදම් කරන ලද ගෝඩා බැරල් දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
ලෝක ළමා දිනය සැමරීම සඳහා පාසලට කසිප්පු ගෙනා බව කියන සිසුවාගේ මව ඔහු අතහැර ගොස් සිටින අතර පියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින අයෙකි. ආච්චි සහ සීයා ළඟ සිටිමින් මොහු පාසල් යන බව පොලිසිය සඳහන් කරයි.
ශ්‍රීනාත් පුසන්න ජයසූරිය
meka dakala mage wadakut matak una, kollekta kiyala unge ayyage botalekin bagayak genna gena 3k ekka gahuwa 10 wasare panthiya athulema
badu wadi wela kollekge munata hunukotten gahala smell awith nondi una office eka issarahama class ekat tibbe
principle gahuwe na ammala genna meeting ekak tiyala letter ekak liyawala ekata sign gatta case godakata hamada mattu nisa gahala wadak na kiyala tamay ehema kale
principleta tama mawa matakay lu lagadith insurance eke man ekka kiyala tibba godak wayasay dan
adiyak gahanna set wenna ona sir ekka dawasaka
මෙම සිසුවා පෙරේදා ඔහුගේ පන්තියේම ඉගෙනුම ලබන සම වයසේ පසුවන සිසුන් දෙදෙනකුට තමා ළමා දිනය සැමරීම සඳහා කසිප්පු ගෙන එන බවත් ඒ සඳහා අවශ්‍ය බයිට් මිලදී ගැනීම සඳහා මුදල් රැගෙන එන ලෙස එම සිසුන් දෙදෙනාට දැනුම් දී ඇති බවත් තිස්සමහාරාම පොලිසිය සඳහන් කරයි. පෙර දින සවස් කාලයේ බෝතලයක කසිප්පු බාගයක් දමාගෙන පාසල් වත්තට හොර රහසේ රිංගා එම බෝතලය පාසල් වත්තේ වළක් හාරා වළ දැමූ බව සිසුවා විදුහල්පතිවරයා සමග හෙළිකර ඇතැයි පොලිසිය කියයි.
සහකාර පොලිස් අධිකාරී ගයාන් ප්‍රසන්න මහතා මේ බව තිස්සමහාරාම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට දැනුම් දී එහි නිලධාරීන් දෙදෙනෙකු සහ නිලධාරිනියක් එම විදුහලට යවා එම බාල වයස්කාර දරුවා කසිප්පු බාගයක් අඩංගු බෝතලයද සමග පොලිස් භාරයට ගනු ලැබීය.
ලෝක ළමා දිනය වෙනුවෙන් පන්තියේ මිතුරන් දෙතුන් දෙනෙකු සමග එක් වී මත්පැන් සාදයක් පැවැත්වීම සඳහා කසිප්පු රැගෙන ආ බව පොලිස් භාරයට ගත් එකොළොස් හැවිරිදි දරුවා ප්‍රශ්න කිරිම්වලදී හෙළිකර ඇත.තමාගේ බාප්පා කසිප්පු පානය කරන අයකු බවත් කසිප්පු බෝතලයක් නිවසට රැගෙන ඇවිත් තිබියදී එයින් භාගයක් ඔහුට හොරෙන් බෝතලයකට හලාගෙන එය රැගෙන ඇවිත් පාසල් වත්තේ සැඟවූ බව සිසුවා පවසන්නේ යැයි පොලිසිය කියයි.
සිසුවා පොලිසියට හෙළි කළ තොරතුරු අනුව එම සිසුවාගේ 19 හැවිරිදි බාප්පාද පොලිස් භාරයට ගනු ලැබීය.සහකාර පොලිස් අධිකාරි ගයාන් ප්‍රසන්න මහතා ලබාදුන් උපදෙස් අනුව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වා සැකකාර සිසුවාගේ බාප්පාගෙන් කසිප්පු බෝතලය මිලදී ගත් අය ගැන තොරතුරු අනාවරණය කරගෙන ඊයේ කසිප්පු ජාවාරම් කරුවකු බව කියන එම පුද්ගලයාද සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.මෙම කසිප්පු ජාවාරම්කරුගේ නිවසේ තිබී කසිප්පු පෙරීමට පදම් කරන ලද ගෝඩා බැරල් දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබේ.