නීති විරෝධී මත්පැන් ලීටර් 90,750ක් අල්ලයි


නීති විරෝධී ලෙස මත්පැන් පෙරීමේ නිරතව සිටි පුද්ගලයෙකු රිදීගම කෝවිලමලේ, කැප්පෙටිගල ප්රදේශයේදී පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අඹකොටේ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.
එහිදී සැකකරු සතුව තිබී නීති විරෝධී මත්පැන් ලීටර් 90,750ක් සහ මත්පැන් පෙරීම සඳහා යොදා ගන්නා තවත් උපකරණ කිහිපයක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා රිදීගම පොලීසියට බාරදුන් බව පොලීසිය පැවසුවේය.
ආනයනය කරානම් කෝමද සල්ලි
බලපන්කො ලිටර් 90,000ක් කියන්නේ පොඩ්ඩක්ද ගගක් බොලව්. අපේ ගෙදර තියෙන වතුර ටැන්කියත් ලිටර් 1000යි
මෙන්න ලින්ක් එක

...