කහවත්තෙදි වෙඩි කෑ එජාප අධාරකරු මරුට

neonz

Member
Mar 31, 2008
1,349
55
0
කහවත්තෙදි වෙඩි කෑ එජාප අධාරකරු මරුට

කහවත්තේ දී පසුගිය පස් වැනි දා අළුයම වෙඩි පහරට ලක් වූ ශාන්ත දොඩංගොඩ එක්සත් ජාතික පාක්ෂිකයා රත්නපුර මහ රොහලේ දැඩි සත්කාර ඒකකයේ දී අද මරුමුවට පත් විය.
කහවත්තේ ඡන්ද රැලියක් සරසමින් සිටිය දී ඔහුට වෙඩි වැදිනි.
ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර (චෙකා මල්ලි) සබරගමුව පළාත් සභා මන්ත්‍රී අරුණ නිලන්ත ජයසිංහ සහ කහවත්ත ප්‍රාදේශීය සභා සභාපති වජිර අත්අඩංගුවට ගන්නැයි දිනේශ් ලක්මාල් ද සිල්වා සහතා පෙරේදා (05) පොලිසියට නියෝග කළේය.
එහෙත් පොලිසිය ඔවුන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.
 

neonz

Member
Mar 31, 2008
1,349
55
0
10917844_852873348110067_607697385701172115_n.jpg
 

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    චොක ඉන්නව කියල පෙනන්න්න මොකක් හරි ගොන්පාට් එකක් දානව මේ පාරනම් බඩු බනිස් වෙනව
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113




    එකම වරදට දෙපාරක් නඩු දාන්න බැරි බව ඇත්ත..!
    ඒත් ශාන්ත දොඩංගොඩට වෙඩි තිබ්බේ කවුද?

    මහින්ද රාජපක්ෂ තුන්වෙනි පාරටත් ජනාධිපති වෙන්න නටපු නැටිල්ල අවසන් උනේ මැදමුලනේ ජනේලයේ එල්ලිලා කියලා අපි දන්නවානේ. අඩියෙන් අඩිය කටවුට් ගස ගසා චන්ඩි පාට් දම දමා තමයි රාජපක්ෂ අපරාධ රාජ්‍යයේ සාමාජිකයෝ මේ ඡන්දය කළේ. මේ අපරාධ කල්ලිය උපරීමව මැර බලය භාවිතා කරලා තමයි මේ ඡන්දෙට බැස්සේ. මොකද මේ අපරාධකරුවන් දැනගෙන හිටියා මිනී මැරුවත් මහින්ද තමන්ව බේරගන්නවා කියලා.

    රාජපක්ෂ අපරාධ රාජ්‍යයේ රත්නපුර නායකයා උන චොකා මල්ලී එහෙම නැත්තං ප්‍රේමලාල් ජයසේකර හැමදාම ජනාධිපති මහින්ද තමයි කියලා හිතාගෙන වැඩකරපු හාදයෙක්. මිනිහටම සෙට් උන නියම පාතාල බඩු ටිකක් නිවිතිගල හිටියා. අතකොටාගේ නූරිය වගේ තමයි නිවිතිගල චොකා යටතේ තිබුණේ. එදා ගාමිණී අතුකෝරලගේ නංගී තලතා අතුකෝරළටවත් නිවිතිගල දේශපාලනය කරන්න දුන්නේ නෑ. එහෙම තත්ත්වයක් අස්සේ තමයි මෛත්‍රීපාල එන්න නියමිතව තිබුණ කහවත්තේ රැලිය වෙනුවෙන් සැරසිලි කර කර හිටිය පිරිසට චෝකා මල්ලී ඇතුළු පිරිස ඇවිත් වෙඩි තියන්නේ. මේ වෙඩි තැබිල්ලත් හරියට දුමින්දගේ වෙඩි තැබීම වගේ තමයි. මේක ඇත්තටම නිවිතිගල ඉදලා කහවත්තට ගිහිං සංවිධානාත්මකව කරපු අපරාධයක්.

    මේ වෙඩි වරුෂාවට බඩ දෙන ශාන්ත දොඩංගොඩ රත්නපුර මහරෝහලේදි මරණයට පත් වෙනවා. මට මතකයි මම මේ මරණය ගැන ආරංචිය ආවාම රත්නපුරේ රෝහලට යනවා. මුළු රත්නපුර නගරයම යුද්ධ පිට්ටනියක් වගේ එස්ටීඑෆ් දාලා තිබුණේ. ඡන්දයට බලපෑමක් වෙයි කියලා මරණය ප්‍රකාශ කිරීම රත්නපුර රෝහලේ එවක පාලනාධිකාරිය කල් දැම්මා. මැෂින්වල ඉන්නවා කොළඹ ගෙනියන්න හදනවා වගේ කතා සුළඟේ පා උනා. එහෙම තමයි මහින්ද රාජපක්ෂ අපරාධ රාජ්‍යය ඒ කාලේ ක්‍රියාත්මක උනේ.

    මහින්දලා ළඟම හිටිය චොකා මල්ලිලා වගේ අපරාධ සහායකයෝ වත් දැනගෙන හිටියේ නෑ මේ ඇවිත් තියෙන්නේ අවසාන හෝරාව කියලා. අන්තිමට යුද්ධය දිනපු නායකයාට, පාතාල රාජ්‍යක් හදාගෙන බලය අභ්‍යාස කරමින් හිටිය නායකයාට මැදමුලනට ගිහිං සුප්‍රකට ජනෙල් පඩියේ කතාව කරන්න උනා. වැඩේ වැරදුන බව දැනගත්ත ප්‍රේමලාල් ජයසේකර ඇතුළු මැරයෝ සැඟවුණා. අන්තිමට මට මතක විදිහට බේරුවලදි තමයි සීඅයිඩීය චොකා මල්ලී අත්අඩංගුවට ගන්නේ. මේ විමර්ෂනය කරපු සීඅයිඩීයේ විමර්ෂන නිළධාරියෙක් මට මේ විමර්ෂනය කරගෙන යන්න තිබුණ බාධා ගැන කියලා තියෙනවා. මිනිස්සු මේක ඇහින් දැක්කත් සාක්ෂි දෙන්න එන්න අදිමදි කරලා තිබෙනවා මොකද රත්නපුරේ මිනිස්සු දන්නවා චොකා මල්ලිගේ අපරාධ රාජ්‍ය කොයිතරම් දරුණුයි ද කියලා. ඒත් අන්තිමට සීඅයිඩීය මේ විමර්ෂන සාර්ථකව අවසන් කරනවා. සීඅයිඩීය කියන විදිහට නම් තමන් මේ විමර්ෂනය නියම විදිහට ටක්කෙටම කරලා තිබෙනවා. මේ නඩුවට අදාළව රත්නපුර මහාධිකරණයේ අධිචෝදනා විභාගයට ගන්නවා. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් මේ නඩුවට කතා කළේ නියම දක්ෂයෙක් වගේම හොඳ මනුස්සයෙක්. අවසානයේ චෝකා මල්ලී ඇතුළු තුන් දෙනෙක්ට මරණ දඬුවම ලැබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු මේ නඩුව කතා කරපු නීතිඥ මහත්තයා අකාලේ මියැදෙනවා. ඒ අස්සේ ආණ්ඩු මාරුවෙනවා ඇපිල් කරනවා වගේ දේවල් වෙනවා.

    අභියාචනාව සලකා බලන්නේ නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර් ගුරුසිංහ කියන අභියාචනාධිකරණ විනිසුරන් දෙදෙනා. මේ කාලේ ජනාධිපති වෙන්නේ ඝාතන චෝදනා රැසක් තිබෙන ගෝඨාභය රාජපක්ෂ. අවසානයේ විත්තිකරුවන් නිදොස්කර නිදහස් කරන්න අභියාචනාධිකරණය තීන්දු කරනවා. නීතිපතිවරයා මේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ නෑ. ඒ ඇයි කියන්න දන්නේ එවක හිටපු නීතිපතිවරයාම තමයි. සමහර වෙලාවට ගෝඨාභය රාජපක්ෂ අර ෆෙඩ්‍රිකා ජෑන්ස් නෝනට කතා කළා වගේ නීතිපතිට කතා කරලා හොඳ සිංහලෙන් දෙකක් කියලා අභියාචනා කරන්නෙහෙම නෑ කියලා කිව්වද දන්නෙත් නෑ....! සමහර විට ඔහු හිතන්න ඇති ශාන්ත දොඩංගොඩ තමන්ටම වෙඩි තියාගත්තා කියලා. සීසීටීවී දර්ශන වලත් එහෙම තිබුණා ද කියන්න අපි දන්නේ නෑ. කොහොම හරි ප්‍රේමලාල් ජයසේකර තමන්ගේ ප්‍රශ්නය නියම ක්‍රමයට බේරගත්තා කියලා හිතෙනවා. ආයෙත් නඩු දාන්නත් බෑ. විමර්ෂන කරන්නත් බැරිද දන්නේ නෑ.

    ඒත් මේ නොවිසඳුන අපරාධ වලට මොකක් හරි කරන්න ඕනෑ නේද? රාජ්‍ය මේ මැරුණ මිනිසුන්ගේ පවුල්වලට තමන්ගේ සමීපතමයා මැරුණේ මෙන්න මෙහෙමයි කියලා කියන්න අවශ්‍ය නැද්ද? මම දන්න විදිහට ශාන්ත දොඩංගොඩ පවුලට මේ ඝාතනයෙන් පස්සේ ගමේ ඉන්නත් බැරි වෙනවා. ඔවුන් ගම අතෑරලා වෙනත් පැත්තකට සංක්‍රමනය වෙන්න ඇති. රාජපක්ෂ මැර දේශපාලනය ඒකාලේ ක්‍රියාත්මක වුණේ එහෙම තමයි. අවසානයේ ඝාතකයෙක් නැති ඝාතනයක්. මම නම් කියන්නේ මේවගේ දේශපාලනය එක්ක බැඳුන ඝාතන ගැන හොයන්න පූර්ණ බලය සහිත ජනාධිපති කොමිසමක් පත් කරන්න ඕනෑ. කරලා ඒ හරහා මේ දේශපාලන ඝාතකයන් සොයාගෙන ඔවුන්ට දඬුවම් ලබාදෙන්න ඕනෑ.

    zkjd8XW.png

    ------ Post added on May 31, 2025 at 9:09 AM