කහවත්ත, වැල්ලඳුර ප්‍රදේශයේ නිවසක කාන්තාවක් අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය අත්අඩංගුවට ගත් එම කාන්තාවගේ බාල දියණිය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
සැකකාරිය අද පැල්මඩුල්ල වැඩබලන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.
සැකකාරිය අද (16) අලුයම කහවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ වැල්ලඳුර වෙලේවත්ත පදිංචිව සිටි 71 හැවිරිදි තිදරු මවක්. ඇය නිවසේ පදිංචිව සිට ඇත්තේ සැකකාර බාල දියණිය සමඟයි.
සැකකාරිය පොලිසියට පැමිණිලි කර තිබී ඇත්තේ තමා රැකියාවට ගොස් නැවත නිවසට පැමිණෙන විට මව කැපුම් තුවාල සහිතව වැටී සිටි බවයි.
ඒ අනුව ක්‍රියාත්මක වූ කහවත්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර දුරකතන ඇමතුම ලබාදුන් බාල දියණිය සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකාර දියණිය රජයේ රැකියාවක නිරත 38 හැවිරිදි අවිවාහක තැනත්තියක් බව සඳහන්.
ඇය සිය මවගේ ගෙල කපා ඝාතනය කර පැය කිහිපයකට පසු නිවසේ පිටුපසට ගොස් දමා ඇති අතර අනතුරැව ලේ පැල්ලම් පිරිසිදු කර ඇති බවටත් පොලිසිය සැක කරනවා.
කහවත්ත පොලිසිය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
https://dasathalankanews.com/මව-ඝාතනය-කළ-දියණිය-රිමාන්/
15/12/2023