නයනා නිල්මිණිත් ඇයගේ සැමියාත් ජීවිතය පටන්ගන්නේ කහවත්තෙනි. ඇයගේ සැමියා කහවත්තේ ඉපදුන සාමාන්‍ය මැණික් ව්‍යාපාරිකයෙකි. එහෙත් ඔහු ව්‍යාපාරිකයෙක් වශයෙන් සාර්ථක වූවෙක් නොවේ. බීමත් කමත් නොසැලකිල්ලත් නිසා නැත්තටම නැතිවන මේ පවුල ඇඹිලිපිටිය අනුරාධපුර වැනි ප්‍රදේශවල ජීවත් වීමෙන් අනතුරුව කොටකෙතන ගමට පැමිණ පදිංචිවන්නේය.
මේ වනවිට එම පවුලේ දරු දෙදෙනෙක් සිටියේය. ඒ දියණියක් හා පුතනුවෙකි. වැඩිමහළු වු පුතා අධ්‍යාපනය හමාර කර කොළඹ පුද්ගලික ආයතනයක රැකියාවක් කළේය. පියාද අසාර්ථක වූ ව්‍යාපාර ජීවිතයට සමුදී යහපත් ජීවිත පරිසරයක් හදාගැනීමට කොළඹ පැමිණියේය. රත්නපුර පර්ගියුසන් උසස් බාලිකා විද්‍යාලයේ ඉගනුම ලබනා දියණියත් සමග මව කොටකෙතන ගමේ නිවසේ වාසය කළාය. කොළඹ රැකියාව කරනා නයනා නිල්මිණිගේ සැමියා නිවසට පැමිණියේ මසකට වරක් හෝ දෙවරක් පමණය.
නිල්මිණිලාගේ නිවසට ඉදිරිපිට නිවසේ වාසය කළේ රාජු නැමැත්තෙකි. රාජු ගොඩකවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වූ එල්. එම් ධර්මසිරි නැමැත්තාගේ සහෝදරයෙකි. ධර්මසිරි මේ රටේ රාජ්‍ය පරිපාලන ඇමතිවරයා වන ජෝන් සෙනවිරත්නගේ සම්බන්ධීකරණ ලේකම් වරයෙකි.
ධර්මසිරිගේ එක් පුත්‍රයෙක් බන්ධනාගාර නියාමක වරයෙක් ලෙස සේවය කළේය. වැලිකඩ හිරගෙදර තුළදී මත්කුඩු හා රුපියල් ලක්ෂ ගණනාවක මුදල් සමග අත්අඩංගුවට පත්ව දැන් මහඋළුගෙදර ලගිනා මේ ජේලර්ට රැකියාව ලබා දී තිබුණේත් ජෝන් සෙනවිරත්න විසින් බව කියෑවිනි.
ධර්මසිරිගේ සොහොයුරා වන රාජු කොටකෙතන ගමේ ප්‍රසිද්ධව සිටියේ කාලකණ්නි අපතයෙක් ලෙසය. ඔහුට දරුවන් සිව් දෙනෙක් සිටියේය. එහෙත් ඔහුටත් බිරිඳටත් රැකියාවක් තිබුණේ නැත. දේශපාලන බලයද සහිතව කසිප්පු පෙරීම, ගංජා විකිණීම එළිපිටම කරගෙන ගියත් රාජු බොහෝවිට යෑපුනේ සොයුරු පළාත්සභා මන්ත්‍රී වරයාගේ නිවසිනි.
මීට අමතරව දේශපාලන බලපුළුවන්කාරකම් වල හයියෙන් රත්නපුරයේ කුඩු ජාවාරම් කළ ස්වකීය ඥාතිවරුන්ගේ බත්බැලයා ලෙසත් රාජු කටයුතු කළේය. රාජුලාගේ කුඩු කෙරුවාවේ හැටි ස්වභාවය ගමේ උදවියගේ අතේ පත්තුවන්නේ එක් සිද්ධියක් මුල් කරගනිමිනි.
මුලින් කී පරිදි රාජු ජීවත් වන්නේ නිල්මිණීලා ගේ නිවස ඉදිරිපිට නිවසේය. කාවින්ද්‍යා දියණිය පාසල් යන්නට එළියට බට විට බොහෝ දිනවල රාජුගේ බිරිඳ ඇය අතේ බත්මුලක් යවන්නීය. එසේ බත්මුල යවන්නේ රාජුගේ අයියාවන ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්.එම් ධර්මසිරිගේ ජේලර් පුතාටය. ජේලර් පුත්‍රයා කාවින්ද්‍යා හමුවී රත්නපුරේදී බත්මුල අරගන්නේය. අසල්වැසියෙක් විසින් දෙන බත්මුලක් දන්නා අඳුනන කෙනෙක් වෙත ගෙනගොස් දීමේ අරුමයක් නැති නිසා කාවින්ද්‍යා මේ ගැන ස්වකීය මෑණියන්ටවත් අමුතුවෙන් කීවේ නැත.
මෙසේ රාජුගේ බිරිඳ විසින් කාවින්ද්‍යා අතේ ජේලර් පුතා වෙත බත්මුලක් යෑවූ එක් දිනයක අතරමගදී අසනීප වන ඇය පාසල් නොගොස් යළි ගෙදර ආවාය. ගෙදර පැමිණි දියණියගේ පොත් බෑගය ඇර බැලු නයනා නිල්මිණී මෙම බත්මුල දැක ඒ ගැන සිය දියණියගෙන් විමසා තිබිණී. ඇය බත්මුලේ කතාව මවට කීවාය. නිල්මිණී බත්මුල ඇර බැලූවේ නිකමට මෙනි. ඇය ක්ලාන්ත වූවාය. එය බත් මුලක් නොව, බත්මුලක සැ`ගවූ මත්කුඩු මුලකි. මෙපමණ කාලයක් මේ නොදරුවා අත මේ කාලකණ්නින් විසින් ප්‍රවාහනය කර තිබුණේ කුඩුය. බැරිවීමකින් හෝ මේ අසරණ දැරිය පොලීසියට කොටුවී නම් ඉන් පසු නිර්මාණය වන තත්වයට වඩා මේ මරණය යහපත් වන්නට තිබිණි. නිල්මිණී ආවේගයෙන් රාජුලාගේ නිවසට ගියාය. මේ අපරාධය පිළිබඳ විමසමින් ඇය වේදනාව පහවනතුරු උන්ට බැණ වැදී තිබුණේ මේ කාලකණ්නි කුඩු ජාවාරම රටට කියන වග පවසමිනි.
එදා සිට නයනා නිල්මිණීලා රාජුගේ නිවසේ එකෙක් දිහා බැලූවේවත් නැත. කෙසේ වෙතත් මේ සිද්ධියෙන් සතියකට පසුව ධර්මසිරිගේ ජේලර් පුතා වැලිකඩ බන්ධනාගාරය තුළදීම මිලියන ගණනක කුඩු හා තවත් ලක්ෂගණනාවක මුදලක් සමග පොලීසියට කොටුවිනි. මේ
ජේලර් කාරයා කළ මහාපරිමාණ කුඩු ජාවාරමේ සිද්ධි ඉන් අනතුරුව එකින් එක හෙළිවූයේය. ධර්මසිරිත්, රාජු ඇතුළු බත් බැලයනුත් කල්පනා කරනු ලැබුවේ මේ ඔත්තුව පොලීසියට දුන්නේ මේ මව සහ දියණිය විසින් බවය. ජනවාරි 31 වෙනිදා රාජු මුල්වී කාවින්ද්‍යා දියණිය හා ඇයගේ මව වන නයනා නිල්මිණී ඝාතනය කරන්නේ ඒ සැකය පදනම් කරගනිමිනි.
-----------------------------------------------------------------------------------------------------------------
සිද්ධිය වූ ජනවාරි 31 දින කාවින්ද්‍යාත් ඇයගේ මවත් රත්නපුරයට ගොස් ගෙදර පැමිණ ඇත්තේ රාත්‍රී නවයට පමණය. ඔවුන් නිවසට පැමිණෙනතුරු ඝාතකයා මග බලාගෙන සිට ඇත. අනතුරුව මව සහ දියණිය මරා දැමීම සඳහා එම නිවසේ දොර ඇරදෙන්නේ ඝාතකයාගේ බිරිඳය.
"මම රාජුගෙ නෝන. අපි අතරෙ ප්‍රශ්න තියාගන්න ඕන නෑ. අපි කතාකරලා බේරගමු අක්කෙ."
රාජුගේ බිරිඳ එසේ කියා තිබිණි. නයනා නිල්මිණී නිවසේ දොර හරින්නේ ඉන් අනතුරුවය. ඒ සැනින් නිවසට ඇතුළුවන රාජු නිවසේ දොර වසා යතුරු ලාගෙන නයනා නිල්මිණීගේ හිසට අතේ වු මන්නා පිහියෙන් පහර දී ඇත. විලාප නගමින් බිම ඇදවැටුණු ඇයට රාජු විසින් තවත් පහර කීපයක් එල්ලකර තිබිණි.
ඒ හඩත් සමග කාමරයෙන් එළියට පැමිණෙනා කාවින්ද්‍යා තම මව කපා කොටා මරාදමනු දැක තිබේ. ඒ සැනින් කාවින්ද්‍යා වෙතටද පැන ඇයට ද මන්න පිහි පහර කීපයක් එල්ලකළ මේ කාලකණ්නියා නිවසේ දොර වසා දමා ලේ තැවරුණ ඇ`දුම් පිටින් තම නිවසට පැමිණ ඇත. ඔහුගේ විලාශය නිවසේ දරුවන් විසින් දැක තිබිණි. බියපත් වූ ඔවුන් නින්දට ගොස් තිබුණේ කිසිවක් කතා කරගන්නටවත් නොහැකිවය.
මේ මිනීමැරුම් සිදුවූ දිනට පසුදා එනම් පෙබරවාරි 01 වෙනිදා අලූයම 3.00 පමණ හිතවත් ත්‍රී රෝද රථ රියදුරෙක් සමග යළිත් නයනා නිල්මිණිගේ නිවසට යන රාජු කාවින්ද්‍යා දියණියගේ සිරුරේ ඇදුම් ඉවත්කර සිරුර නිවස පිටුපස ලිඳ ළඟට රැගෙන ගොස් සෝදා පිරිසිදු කර තිබිණි. අනතුරුව සිරුර ඇඳ ඇතිරිල්ලක ඔතා කරාබු යුගලද ගලවාගෙන ඕපාතවත්ත කැලෑ ප්‍රදේශයට ගෙනගොස් දමන්නට හේ කටයුතු කළේය. එසේ කරනු ලැබ තිබුණේ "කහවත්තේ ඝාතන රැල්ලට" වසන් වී පොලිස් පරීක්ෂණ නොමග යවනු සඳහාය.
අනතුරුව යළිත් රට කැළඹිනි. ඝාතනය සොයන්නට විශේෂ පොලිස් කණ්ඩායම් පහළොවක් කහවත්තට ආවේය. පුරා සති පහක් පරීක්ෂණ කළේය. පන්සලේ හාමුදුරුවන් ඇතුළු පන්සීයකගෙන් ප්‍රශ්න කෙරිනි. අවසානයේදී පොලිස්පතිවරයා විසින් කොළඹින් තවත් විශේෂ පොලිස් කණ්ඩායමක් කහවත්තට යවනු ලැබුවේය. කෙසේ වෙතත් රාජුවත් ඔහුගේ බිරිඳවත් පොලීසිය විසින් පැහැදිලි ලෙස අත්අඩංගුවට ගන්නේ ඔවුන්ගේ දරුවන් විසින් සිද්ධිය වූ දින සිය පියා ලේ පෙරාගෙන නිවසට පැමිණ සිටි ආකාරය පිළිබඳ තොරතුරු කීමත් සමගය.
මිනී මැරුවේ කවුද යන්න කොටකෙතන ගමේ අය දැනසිටියහ. පොලීසිය දැන සිටියේය. විටින්විට පොලීසියට මුන් අත්අඩංගුවට ගන්නට සිද්ධවූයේ හතර විලි ලැඡ්ජාවෙන් බේරීම සඳහා රටට පෙනෙන්නටය. එසේ අත්අඩංගුවට ගන්නා මේ මිනීමරුවන්ගෙන් ප්‍රශ්න කිරීමටවත් පොලීසියට ඉඩ නොලැබුණ ආකාරය ගැන මේ පරීක්ෂණයට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන්ම විටෙක කියා සිටියේය. නියපිටින් පහරක් නොගසා කළ සුමට විමසීම් වලින් හෙළි කරගත හැක්කක් නොමැති තැන මේ අපරාධකරුවන්ගේ සුලමුල අනාවරණය කර ගැනීම සඳහා උන්ගේ අසරණ නොදරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට පොලීසියට සිද්ධවුනේය. නොදරුවෝ බොරු නොකියති. උන්ගේ ප්‍රකාශ අනුව කළ මෙහෙයුම් වලදී බඩුත් සමග අපරාධකරුවන් කොටුවී අපරාධයේ සුලමුල ද හෙළිවූයේය.
මේ නෙලාගන්නේ තම තමන් වැපිරූ අස්වැන්නේ තරමය.
ජානක ලියනආරච්චි
හේමන්ත රන්දුනු
Source - දිවයින

ලංකාවේ මිනීමැරුම් කොතනද.... එතන දේශපාලකයෙක් ඉන්නවාමයි....