මේකත් හරිම ලස්සන වලවුවක්. අපිට කිට්ටුව තියන. මම මේකට ඉස්සර ගිහින් තියනව. මේකේ ඉස්සර වෙඩින් වලට දුන්න.. දැන් මේකත් අයිති සුද්දේකට
මේ දැන් පාරට පෙන විදිය.
මේකට කියන්නෙ ගාල්ලෙ අරඹේවෙල වලව්ව කියල. මේ වලව්ව ගැන පෝස්ට් එකක් ලගදි FB එකේ දාල තිබ්බ. ඒ පෝස්ට් එක දැකල ඒ වලව්ව අන්තිමට අයිතිව සිටි මේ අරඹේවෙල පරම්පරාවෙ හිමිකරු ඒ පෝස්ට් එකට කමෙන්ට් කරල තිබුන. ඔහුගේ සීයා තමයි මේ වලව්ව හදල තියෙන්නෙ. පියාගෙන් ලද උරුමය අවුරුදු 30ක් විතර ඔහු සතුව තිබිල තවදුරටත් මේ විශාල වලව්වෙ නඩත්තු කටයුතු කිරීමේ අපහසුව නිසා දැනට අවුරුදු 20කට පමණ පෙර ඇමරිකන් ජාතිකයෙකුට මෙය විකුණල. ඒ වලව්වෙ පසුකාලීන ගැහුනු අය ගොඩක් ගුරුවරු විදිහට රැකියාව කරල තියෙන්නෙ. ඉතින් ඒ වලව්වෙ සමහර ළමයින්ට නවාතැන් පවා දීල තිබිල තියෙනව. එහෙම නැවතිල හිටපු අය, ඒ ගූරුවරුන්ගෙන් ඉගෙන ගත් අය ගොඩක් ඒ පෝස්ට් එක දැකල කමෙන්ට් කරල තිබුන.
සැ.යු : පහල කියන කතාව උඩ කතාවට කිසිසේත්ම අදාල නැත.
අති ප්රබලවු හා මහාධනස්කන්ධයකට හිමිකම් කියු මඩුවන්වෙල පරපුර පරම්පරා 07ක් එක දිගට තමන්ගෙ පරම්පරාව යටතේ තියාගෙන හිටිය අතිවිශාල මඩුවන්වෙල වලව්ව සහ අවසානය වනවිට ඊට ඉතිරිව තිබු ඉඩම් ප්රමාණය අන්තිමට එම වලව්ව අයිතිව සිටි අය විසින් නඩත්තු කරගන්න බැරිකම නිසාම මහාබාරකාර දෙපාර්තමේන්තුවට පැවරුව. අක්කර දාස් ගානක් අයිතිව සිටි මඩුවන්වෙල දිසාවගෙ නිදන්ගමෙන් වැඩි ප්රමාණයක අවට සිටි පිරිස් විසින් පදිංචි වුනා.
ගොඩදෙනෙක් තේරුම් නොගන්න හා මේ මගින් තේරුම් ගතයුතු කාරණය :
කලෙක තණ්හාවෙන් නොයෙකුත් හොරවැඩවලින්, පව්කාරකම්වලින් සමහර මිනිස්සු සහ දේශපාලකයො මුදල් උපයාගෙන ඔවුන් විසින් රැස් කරන දේවල් තවත් කලෙක ඔවුන්ගෙන් පසු අයිතිකරුවන්ටම එපාවී නිසැකයෙන්ම හා සමහරවිට නිකන්ම අත්හැරීමට සිදුවනු ඇත. සොබාදහමේ මේ නීතිය වත්මනේ ඒ ආකාරයෙන් මුදල් උපයන මිනිස්සුන්ට හා දේශපාලකයන්ටත් අදාලයි.