කළුබෝවිල මිනී කාක්කෝ ⚰️🐦‍⬛

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මගෙ බිරිඳ ගේ මව දැනට තෙමසකට පමන පෙර මියගියේය..!!

    ඒ කාන්තාවක් සමග යතුරු පැදියකින් පැමිණි අවුරුදු 55ක පමන පුද්ගලයකු අතින් නිවස අසලදී සිදුවූ අනතුරකිනි...,

    මව මුලින්ම ලුනාව රෝහලට රැගෙන යන විටත් ඇය හොද සිහියෙන් සිටි අතර බාහිර තුවාල වශයෙන් කකුලේ සිදු වූ සාමාන්‍ය ප්‍රමානයෙ තුවාලයක් හා නළල ඉදිමී තිබුණි..

    වෙලාව උදේ 8.00 පමන..මාගෙ දුවව පාසල් ඇරලවා ඇය ගෙදර එමින් සිටියදීය...

    ඇයව වැඩිදුර ප්‍රතිකාර සදහා එවලේම කළුබෝව්ල ශීක්ෂන රෝහලට ගිලන් රථයක් මගින් රැගෙන යන ගිය අතර ..එහිදී කරනු ලැබූ පරීක්ෂණ වලින් ඇයගෙ මොළයේ අභ්‍යන්තර ලේ වහනයක් වන බව ප්‍රකාශ කලා...

    නමුන් එම වෙලාවේ ඇයව ශල්‍යකර්මයකට භාජනය කරන්න ට නිර්වින්ධන වෛද්‍යවරයකු සේවයේ නොසිටි අතර..ඔහු වෙනුවට රාජකාරි භාර අයෙක්ද සිටියේ ද නැත...

    පසුව ඇයව කොලඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමට අවශ්‍ය වූවත්, කළුබෝවිල රෝහලෙන් යවන ස්කෑන් පරික්ශන විමසා බලා පුළුවන් නම් පමනක් ගන්නා බව ප්‍රකාශ කලා.....

    මේ වන විට දහවල් දොලහත් පසුවී තිබූනි..මුලින් ඇය සාමාන්‍ය ආකාරයෙන් සිටියත් පසුව සිහි මද ගතියෙන් සිටි අතර කතා කිරීමට පවා නොහැකි විය...

    අනතුරුව කෙසේ හෝ හවස තුනට පමන ඇයව කොළඹ ජාතික රෝහලට ගිළන් රථ මගින් රැගෙන ගිය අතර මමත් මගෙ බිරිදත්(ඇය ගිලන් රථයේම ගියා) ඒ සමගම කොළඹ ජාතික රෝහල වෙත ගියේය...

    ඇයව හදිසි ශ්‍යල්‍ය කර්ම සිදුකරන තැනට ඇතුලත් කිරීමෙන් පසුව හොදියක් පැමින අනතුර සිදු වූ වෙලාව අසා උදේ අටට පමන කියූ විට ඔළුවෙ අත ගසා නැවත ශල්‍යා ගාරය වෙත දිව ගියාය...

    පැය දෙකකට පමන පසු මව ශල්‍යාගාරයෙන් එලියට රැගෙන වාට්ටුව වෙත රැගෙන යන විට මාද බිරිඳ සමග ඒ පසුපස ගියෙමි...

    එහිදී මට සීටී ස්කෑන් ප්‍රතිඵල පරිඝණක මගින් පෙන්නූ වෛද්‍යවරුන් පවසා සිටියේ ශල්‍යකර්ම කිරීමෙන් කිසි ප්‍රතිඵල යක් නොමැති බවත් මොළයේ රුධිරවහනය ඉතා විශාල ලෙස පැතිරී ඇති බවයි...

    මව වාට්ටුවට ඇතුලත් කල අතර, ඇය ස්පර්ශයට පමනක් ප්‍රතිචාර දැක් වූවා...
    හෙදියක් පවසා සිටියේ ඇයට අප කතා කරන දේ ඇසෙන බවත් ඇස් පිය ගැසීමට හෝ මුවින් ප්‍රතිචාර දැක්වීමට නොහැකි බවයි...

    එම වාට්ටුවෙහි කිසිවෙකුට නතර වීමට ඉඩ නොදීම නිසා අප නැවත නිවසට පැමිනීමෙන් පැයකට පමන පසුව ඇය මිය ගිය බව රෝහලෙන් කතා කර පැවසුවා.....!!

    පසු දින උදයේ අපි රෝහලට ගිය අතර ඇයගෙ මෘත දේහය හදුනා ගැනීමට මම පවුලේ උදවිය හා ‍රථ වාහන සේවයේ නියතු පොලිස් නිළදාරියෙකු සමග මෘත ශරිරාගරය වෙත ගියෙමි...!!

    ආ ...එන්න ඔය කට්ටිය ඔය සේරම එන්න බෑ එක්කෙනෙක් එන්න, මටත් මොකක් හරි කරන්න ..!!?

    ආ බලන්න මෙයා නේද..??

    ඔවු ...!!

    ආ හරි එහෙනම්..නැවතත් මටත් මොකක් හරි කරන්න ... කෝ මේ පොලිසියේ මහත්තයා ආ බලන්න මේ ඔලුව..මේක ඇදුම.. මේන් පාට.. ආ හරි මටත් මොකක් හරි කරන්න ...

    මෝචරියේ රෝහල් සේවකගේ ඒ අප්‍රබ්‍රන්ස කතා විලාසයට මම පොළිස් නිළදාරියාගෙ මුහුණ දෙස බැලුවා.

    (.එම පොලිස් නිළදාරි මහතා රාජකාරිය අකුරටම කල ඉතා සුහදසීලී නිළදාරියෙක් බව අනිවාර්යයෙන් කිවයුතුය..තේ උගුරක් වත් අපෙන් ලබාගත්තේ නැත.. )

    ඔහුත් මාදෙස බලා ඇගිලි වලින් කීයක් හරි දෙන්න යැයි පැවසුවේ වචනයක් ගානේ මටත් මොකක් හරි කරන්න යනුවෙන් පැවසූ වදයෙන් බේරීම සදහාය...

    මා රුපියල් 500ක් රෝහල් සේවකයාගෙ අතෙහි තැබූ විට ඔවු ඉතා සුහද සීලී වූ අතර අනෙකුත් අයටත් ඉන් අනතුරුව මවගේ දේහය බැලීමට ඉඩත් සලසා දුනී...!!

    අනතුරුව හදිසි මරණ පරීක්ෂණය සදහා මවගේ දේහය කොළඹ පොලිස් මෘත ශාරීරාගාරයට රැගෙන ආ අතර එහිදී මෘත දේහ කපා වෛද්‍යවරයාට පෙන්නන සහයදෙන රෝහල් මෘතශරීරාගාර සේවකයන් තිදෙනෙක් මා අසලට පැමින ,....

    "මල්ලි අම්මගෙ මිනිය ලස්සනට කපලා කරලා දෙන්නම් පිළිවෙලට දාලා දෙන්නම් අපි ගැන බලන්න හොදේ "

    "ඔවු ඔවු මෙයාලට මොකක් හරි කරන්න මල්ලි" (ගිලන් රථයේ පැමිනි රෝහල් සේවකයා)

    කිය කිය මුදල් ඉල්ලා පෙරැත්ත කලේය..

    දාහක් දේවල් කීමට ඔලුවේ පුපුරු ගසමින් අමාරුවෙන් හිරකරගෙන මා ඔවුන්ට රුපියල් දාහක් දික්කලෙමි...

    "අයියෝ අපි තුන් දෙනෙක් ඉන්නවා .. දාහක් මක්කරන්නද අනේ"

    මා ඔවුන් ගෙ මූන දිහා බලන් දත්මිටි කාගෙන සිටියේ ඉවසීමේ උපරිමය ඔන්නමෙන්න කියා තිබියෙදී බව දුටු බිරිදගේ ඥාති අයියා කෙනෙකු විගසම තවත් රුපියල් දාහක් ඔවුන්ට දික් කර මාව රැගෙන එලියට එන විට ..

    මුන්ට නම් හෙන ගහන්න ඕනේ කියා පමනක් මගෙ මුවින් පිට විය...

    මුදල් ඉල්ලුවොත් මේ අංක වලට අමතන්න කියා හැමතැනම A4 කොලවල ප්‍රින්ට් කර පොලිස් හදිස්සි මරණපරික්ශන ඒකකයේ හැම තැනම ලොකුවට අලවා තිබෙනු මට මතකය...!!

    අවසානයේ මෙම කතා සාරංශයේ වරද ...

    යතුරු පැදි කරුවාගෙද..?

    රාජකාරිය ට වාර්තා නොකර සිටි නිර්වින්ධන වෛද්‍යවරයා ගේද...??

    මුදල් ඉල්ලු රෝහල් සේවකයන්ගේද...??

    අවස්ථානෝචිතව කරන්නට දෙයක් නොමැති වු මාගේද ...??

    කියා ....

    තෙමසකට පසුත් මා තවම සිතමි...!!

    තරිඳු ....✍


     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,937
    2,126
    113
    colombo
    Hodama de Pawle hamotama Life Insurance ekak dala thiyana eka. Government hospital ohoma thamai. Eth kalinma General Hospital aran giya nam beraganna thibba. Eth Kalubovila kiyanneth Leddu godak berana Hospital ekak. Welawa thamai. Paw wade. Owa Tiken tika hadenna one. Lankawe minissu thamanta deyak wenakal witharai podi deth ganan ganne. Nattan adala na wage innawa. Hariyata dn ratata kela wenakal balan inna un wage
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,786
    1
    58,035
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සාරාංශය: රජයේ ආයතනයකට ගියාම බලාපොරොත්තු වුන සේවය ලැබුනෙ නෑ කියන එක.

    මගේ අදහස: රටේ රජයේ සේවකයෝ ලක්ෂ 15+ ඉන්නවා. ඒ කියන්නෙ හැම පවුලකම එකෙක්. එයාගෙන් අහල බලන්න තමන්ගෙ ජොබ් එක හරියට කරනවද කියල.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    මේ වගේ එවා තමා වෙන්ස් වෙන්න ඔනේ පොන්න ආන්ඩුවට පගා කාක්කො ටික තවම අල්ල්ලා ගන්න බෑරි උනා🤮🤮
     
    • Like
    Reactions: NRTG and ntayya

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    963
    1,152
    93
    මේ වගේ එවා තමා වෙන්ස් වෙන්න ඔනේ පොන්න ආන්ඩුවට පගා කාක්කො ටික තවම අල්ල්ලා ගන්න බෑරි උනා🤮🤮
    ආණ්ඩුව ආණ්ඩුව ආණ්ඩුව ආණ්ඩුව ආණ්ඩුව ආණ්ඩුව ආණ්ඩුව ආණ්ඩුව ආණ්ඩුව ආණ්ඩුව ආණ්ඩුව ආණ්ඩුව ආණ්ඩුව ආණ්ඩුව ආණ්ඩුව ආණ්ඩුව
    බෙට්ටක් ගියත් මුට ආණ්ඩුව , තොගේ ගෑනිට ළමයෙක් හම්බවෙන්න ආවොත් ඒකටත් ආණ්ඩුව කියපන්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,194
    1
    101,004
    113
    34
    Kalutara
    රජයේ ඉස්‍පිරිතාලයක් නිසා ඩොකෙක්ගෙ වැරදීමකින් මනුස්සයෙක් මැරුනත් නඩු දාන්න බැරුව ඇතිනේ නිකන් දෙන සර්විස් එකක් නිසා? ප්‍රයිවට් වලට නඩු දාන්න පුලුවන් ඇතිනේ?
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    ආණ්ඩුව ආණ්ඩුව ආණ්ඩුව ආණ්ඩුව ආණ්ඩුව ආණ්ඩුව ආණ්ඩුව ආණ්ඩුව ආණ්ඩුව ආණ්ඩුව ආණ්ඩුව ආණ්ඩුව ආණ්ඩුව ආණ්ඩුව ආණ්ඩුව ආණ්ඩුව
    බෙට්ටක් ගියත් මුට ආණ්ඩුව , තොගේ ගෑනිට ළමයෙක් හම්බවෙන්න ආවොත් ඒකටත් ආණ්ඩුව කියපන්.
    ඈ හුට්තිගේ පුතො පගාව ගන්න එවුන් අපි ද අල්ලන්න ඔනේ ආන්ඩුව නෙවෙයි ද?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,059
    34,582
    113
    මේක වෙනම කතාවක්,
    ලංකාවේ සිදුවෙන රිය අනතුරු සහ අනෙකුත් හදිසි අනතුරු වලින් 80%ක්ම වළක්වා ගන්න පුලුවන් ඒවා. සිරිලංකන් පීපල්ස් ලා හරිම නොසැළකිලිමත් තමුන්ගේ ජීවිතේ ගැන. මොකක්දෝ මවා ගත්තු කලබලේකිින් වැඩකරන්නේ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේක වෙනම කතාවක්,
    ලංකාවේ සිදුවෙන රිය අනතුරු සහ අනෙකුත් හදිසි අනතුරු වලින් 80%ක්ම වළක්වා ගන්න පුලුවන් ඒවා. සිරිලංකන් පීපල්ස් ලා හරිම නොසැළකිලිමත් තමුන්ගේ ජීවිතේ ගැන.
    මොකක්දෝ මවා ගත්තු කලබලේකිින් වැඩකරන්නේ.

    ඒකනේ බං, මුන් පුදුම කලබලේ පාරේ දුවන්නේ. හැබැයි කරගත්ත මගුලකුත් නෑ. හොයලා බැලුවොත් සේරම ෆේල් ජීවිත. මොකක් හරි anxiety ලෙඩක් වගේ.
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    මේක වෙනම කතාවක්,
    ලංකාවේ සිදුවෙන රිය අනතුරු සහ අනෙකුත් හදිසි අනතුරු වලින් 80%ක්ම වළක්වා ගන්න පුලුවන් ඒවා. සිරිලංකන් පීපල්ස් ලා හරිම නොසැළකිලිමත් තමුන්ගේ ජීවිතේ ගැන. මොකක්දෝ මවා ගත්තු කලබලේකිින් වැඩකරන්නේ.

    තරඟෙ හුත්තො තරඟෙ, ඉස්කෝලෙ කාලෙ ඉඳන් හැදිච්චි මෙන්ටැලිටි එක. ළමයින්ට නිදහසේ හැදෙන්න දීපන්, ප්‍රයිවෙට් ස්කූල් දාපන්, උන්ට වෙනම ගෙයක් වාහනයක් දීපන්, එදා වේල පොඩි ජොබ් එකකින් හරි හොයා ගන්න කියල දීපන්. පඩිය බලන්නෙ නැතුව ආස රස්සවක් කරන්න ඉඩ දීපන්. ඕව බැරි පොන්නයො ලංකාවෙ හැදුනම ළමයි හැදුවම හැම එකාටම වදයක්
     
    • Like
    Reactions: Fiona Dabare

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    මේක වෙනම කතාවක්,
    ලංකාවේ සිදුවෙන රිය අනතුරු සහ අනෙකුත් හදිසි අනතුරු වලින් 80%ක්ම වළක්වා ගන්න පුලුවන් ඒවා. සිරිලංකන් පීපල්ස් ලා හරිම නොසැළකිලිමත් තමුන්ගේ ජීවිතේ ගැන. මොකක්දෝ මවා ගත්තු කලබලේකිින් වැඩකරන්නේ.
    Kaalakanni ponnayo innee...ohe ude wadata yanawa raaa enewa mahansiyata ehemma nida gannawa wash ekak daan dawas 6k witara wada.. Niwadu dawase sathiyema kara ganna bari wada karanawa.. Tawa bara wadi pawule un wadi nm lamai innawanm... loan daala gewal hadanawa,leasing daala vehicles gannawa.eewa gewanna kaburannama wenewa..Ohe marila yanawa jeewithema kaburala..