මගෙ බිරිඳ ගේ මව දැනට තෙමසකට පමන පෙර මියගියේය..!!
ඒ කාන්තාවක් සමග යතුරු පැදියකින් පැමිණි අවුරුදු 55ක පමන පුද්ගලයකු අතින් නිවස අසලදී සිදුවූ අනතුරකිනි...,
මව මුලින්ම ලුනාව රෝහලට රැගෙන යන විටත් ඇය හොද සිහියෙන් සිටි අතර බාහිර තුවාල වශයෙන් කකුලේ සිදු වූ සාමාන්‍ය ප්‍රමානයෙ තුවාලයක් හා නළල ඉදිමී තිබුණි..
වෙලාව උදේ 8.00 පමන..මාගෙ දුවව පාසල් ඇරලවා ඇය ගෙදර එමින් සිටියදීය...
ඇයව වැඩිදුර ප්‍රතිකාර සදහා එවලේම කළුබෝව්ල ශීක්ෂන රෝහලට ගිලන් රථයක් මගින් රැගෙන යන ගිය අතර ..එහිදී කරනු ලැබූ පරීක්ෂණ වලින් ඇයගෙ මොළයේ අභ්‍යන්තර ලේ වහනයක් වන බව ප්‍රකාශ කලා...
නමුන් එම වෙලාවේ ඇයව ශල්‍යකර්මයකට භාජනය කරන්න ට නිර්වින්ධන වෛද්‍යවරයකු සේවයේ නොසිටි අතර..ඔහු වෙනුවට රාජකාරි භාර අයෙක්ද සිටියේ ද නැත...
පසුව ඇයව කොලඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමට අවශ්‍ය වූවත්, කළුබෝවිල රෝහලෙන් යවන ස්කෑන් පරික්ශන විමසා බලා පුළුවන් නම් පමනක් ගන්නා බව ප්‍රකාශ කලා.....
මේ වන විට දහවල් දොලහත් පසුවී තිබූනි..මුලින් ඇය සාමාන්‍ය ආකාරයෙන් සිටියත් පසුව සිහි මද ගතියෙන් සිටි අතර කතා කිරීමට පවා නොහැකි විය...
අනතුරුව කෙසේ හෝ හවස තුනට පමන ඇයව කොළඹ ජාතික රෝහලට ගිළන් රථ මගින් රැගෙන ගිය අතර මමත් මගෙ බිරිදත්(ඇය ගිලන් රථයේම ගියා) ඒ සමගම කොළඹ ජාතික රෝහල වෙත ගියේය...
ඇයව හදිසි ශ්‍යල්‍ය කර්ම සිදුකරන තැනට ඇතුලත් කිරීමෙන් පසුව හොදියක් පැමින අනතුර සිදු වූ වෙලාව අසා උදේ අටට පමන කියූ විට ඔළුවෙ අත ගසා නැවත ශල්‍යා ගාරය වෙත දිව ගියාය...
පැය දෙකකට පමන පසු මව ශල්‍යාගාරයෙන් එලියට රැගෙන වාට්ටුව වෙත රැගෙන යන විට මාද බිරිඳ සමග ඒ පසුපස ගියෙමි...
එහිදී මට සීටී ස්කෑන් ප්‍රතිඵල පරිඝණක මගින් පෙන්නූ වෛද්‍යවරුන් පවසා සිටියේ ශල්‍යකර්ම කිරීමෙන් කිසි ප්‍රතිඵල යක් නොමැති බවත් මොළයේ රුධිරවහනය ඉතා විශාල ලෙස පැතිරී ඇති බවයි...
මව වාට්ටුවට ඇතුලත් කල අතර, ඇය ස්පර්ශයට පමනක් ප්‍රතිචාර දැක් වූවා...
හෙදියක් පවසා සිටියේ ඇයට අප කතා කරන දේ ඇසෙන බවත් ඇස් පිය ගැසීමට හෝ මුවින් ප්‍රතිචාර දැක්වීමට නොහැකි බවයි...
එම වාට්ටුවෙහි කිසිවෙකුට නතර වීමට ඉඩ නොදීම නිසා අප නැවත නිවසට පැමිනීමෙන් පැයකට පමන පසුව ඇය මිය ගිය බව රෝහලෙන් කතා කර පැවසුවා.....!!
පසු දින උදයේ අපි රෝහලට ගිය අතර ඇයගෙ මෘත දේහය හදුනා ගැනීමට මම පවුලේ උදවිය හා රථ වාහන සේවයේ නියතු පොලිස් නිළදාරියෙකු සමග මෘත ශරිරාගරය වෙත ගියෙමි...!!
ආ ...එන්න ඔය කට්ටිය ඔය සේරම එන්න බෑ එක්කෙනෙක් එන්න, මටත් මොකක් හරි කරන්න ..!!?
ආ බලන්න මෙයා නේද..??
ඔවු ...!!
ආ හරි එහෙනම්..නැවතත් මටත් මොකක් හරි කරන්න ... කෝ මේ පොලිසියේ මහත්තයා ආ බලන්න මේ ඔලුව..මේක ඇදුම.. මේන් පාට.. ආ හරි මටත් මොකක් හරි කරන්න ...
මෝචරියේ රෝහල් සේවකගේ ඒ අප්‍රබ්‍රන්ස කතා විලාසයට මම පොළිස් නිළදාරියාගෙ මුහුණ දෙස බැලුවා.
(.එම පොලිස් නිළදාරි මහතා රාජකාරිය අකුරටම කල ඉතා සුහදසීලී නිළදාරියෙක් බව අනිවාර්යයෙන් කිවයුතුය..තේ උගුරක් වත් අපෙන් ලබාගත්තේ නැත.. )
ඔහුත් මාදෙස බලා ඇගිලි වලින් කීයක් හරි දෙන්න යැයි පැවසුවේ වචනයක් ගානේ මටත් මොකක් හරි කරන්න යනුවෙන් පැවසූ වදයෙන් බේරීම සදහාය...
මා රුපියල් 500ක් රෝහල් සේවකයාගෙ අතෙහි තැබූ විට ඔවු ඉතා සුහද සීලී වූ අතර අනෙකුත් අයටත් ඉන් අනතුරුව මවගේ දේහය බැලීමට ඉඩත් සලසා දුනී...!!
අනතුරුව හදිසි මරණ පරීක්ෂණය සදහා මවගේ දේහය කොළඹ පොලිස් මෘත ශාරීරාගාරයට රැගෙන ආ අතර එහිදී මෘත දේහ කපා වෛද්‍යවරයාට පෙන්නන සහයදෙන රෝහල් මෘතශරීරාගාර සේවකයන් තිදෙනෙක් මා අසලට පැමින ,....
"මල්ලි අම්මගෙ මිනිය ලස්සනට කපලා කරලා දෙන්නම් පිළිවෙලට දාලා දෙන්නම් අපි ගැන බලන්න හොදේ "
"ඔවු ඔවු මෙයාලට මොකක් හරි කරන්න මල්ලි" (ගිලන් රථයේ පැමිනි රෝහල් සේවකයා)
කිය කිය මුදල් ඉල්ලා පෙරැත්ත කලේය..
දාහක් දේවල් කීමට ඔලුවේ පුපුරු ගසමින් අමාරුවෙන් හිරකරගෙන මා ඔවුන්ට රුපියල් දාහක් දික්කලෙමි...
"අයියෝ අපි තුන් දෙනෙක් ඉන්නවා .. දාහක් මක්කරන්නද අනේ"
මා ඔවුන් ගෙ මූන දිහා බලන් දත්මිටි කාගෙන සිටියේ ඉවසීමේ උපරිමය ඔන්නමෙන්න කියා තිබියෙදී බව දුටු බිරිදගේ ඥාති අයියා කෙනෙකු විගසම තවත් රුපියල් දාහක් ඔවුන්ට දික් කර මාව රැගෙන එලියට එන විට ..
මුන්ට නම් හෙන ගහන්න ඕනේ කියා පමනක් මගෙ මුවින් පිට විය...
මුදල් ඉල්ලුවොත් මේ අංක වලට අමතන්න කියා හැමතැනම A4 කොලවල ප්‍රින්ට් කර පොලිස් හදිස්සි මරණපරික්ශන ඒකකයේ හැම තැනම ලොකුවට අලවා තිබෙනු මට මතකය...!!
අවසානයේ මෙම කතා සාරංශයේ වරද ...
යතුරු පැදි කරුවාගෙද..?
රාජකාරිය ට වාර්තා නොකර සිටි නිර්වින්ධන වෛද්‍යවරයා ගේද...??
මුදල් ඉල්ලු රෝහල් සේවකයන්ගේද...??
අවස්ථානෝචිතව කරන්නට දෙයක් නොමැති වු මාගේද ...??
කියා ....
තෙමසකට පසුත් මා තවම සිතමි...!!
තරිඳු ....✍

eyageth oluwa waduna parata mole full damage.. 