කළුවරට බයද ?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොනවා වෙයිද?

    ’ඊයෙ රෑ හන්දියෙ පික්චර් හෝල් එකේ ඉංග්‍රීසි චිත්‍රපටයක් බලන්න ගිහින් අපේ ගෑනිට සිහිනැති වුණා මචං’ රමේෂ් කාර්යාලයේ විදුලි සෝපානයේදී තමා සමඟ සේවය කරන කොට කරූ සමඟ කීවේය.
    ’තමුසෙට ඕක හොඳ පාඩමක්. ගෑනු උදවියව ඕනෙ නැති විගඩම් බලන්ඩ එක්ක යනවට.’ සාම්ප්‍රදායික මිනිසකු වූ කරූගේ පණ්ඩිත කතාවට රමේෂ්ට යකා නැග්ගේය.
    ’උඹ මේ බම්බුවක් කියවනවා. මම හිතා ඉන්නෙ අද රෑ ෂෝ එකට අපේ නැන්දම්මව එක්ක යන්න.’ රමේෂ් කීවේ තරහිනි.



    බේරුණේ අනූනමයෙන්


    ’ඊයෙ මහ රෑ මගේ ජීවිතේ බේරුණේ අනූනමයෙන්.’
    අරුණ උදේ කාර්යාලයට පැමිණි සැණෙකින් ඉදිරි මේසය අසල වාඩිවී සිටි චම්පා හට කීවේය.
    ’ඇයි මොකද වුණේ?’ චම්පා තමා සකස් කරමින් සිටි වැටුප් ලේඛනය පසෙක දමා විමසුවේ කුතුහලයෙනි.
    ’ඊයෙ මහ රෑ නිශාන්ති පයින් ඇනලා මට හදිසියෙම ඇහැරුණා. බලනකොට දොර මුල්ලෙ මොකක්දෝ සුදුපාටට වැනෙනවා. මම කොට්ටේ යට තිබුණු පිස්තෝලෙ අරගෙන කළුවරේම ඒ දිහාට වෙඩි තිබ්බා. ලයිට් එක දාලා බලන කොට ඒක දොරේ එල්ලලා තිබුණු මගෙ කමිසයක්’ අරුණ කතාව හමාර කළේ සිනාසෙමිනි.
    ’ඉතින් ඇයි ඔයා බේරුණේ අනූනවයෙන් කියල කිව්වේ?’ චම්පා නොසිඳුනු කුතුහලයෙන් විමසුවාය.
    ’ඇයි හලෝ ඒ වෙලේ මම ඒ කමිසෙ ඇඳගෙන එහෙම හිටියනං වෙඩිල්ල වදින්නෙ මට නෙ’ අරුණ කීවේ ඇස් හකුලමිනි.



    වැඩිය ආදරේ කාටද?


    ඔයාගෙ හස්බන්ඩ් ඔයාට කොච්චර ආදරේද? මාලා අල්ලපු ගෙදර සෝමා ගෙන් ඇසුවේ මිදුලේ කතා කරමින් සිටියදීය.
    ’ඇයි ඔයා එහෙම ඇහැව්වේ?’ සෝමා එම පැනයට තම නොකැමැත්ත මුහුණෙන් පෙන්වමින් මාලාගෙන් ඇසුවාය.
    ’නෑ මට හිතුණා එයා මට වඩා ඔයාට ආදරේ ද කියල දැනගන්ඩ. ඒ මිසක් මම වැරදි දෙයක් ඇහුවා නෙමෙයි අනේ’ මාලා කීවේ සිනාසෙමිනි.



    කරුවලට බයද?


    ’තාත්ති ඔයා කරුවලට ගොඩක් බයයි නේද?’ කුඩා තිළිණි තම පියා වූ නවරත්න ගෙන් ඇසුවේ නිවෙසේ ආලින්දයේ සෙල්ලම් කරමින් සිටියදීය.
    ’නැහැ දුව. ඇයි ඔයා එහෙම ඇහැව්වේ?’ නවරත්න ඇසුවේ, බලමින් සිටි පුවත්පත ඈත් කරමිනි.
    ’එහෙනං තාත්ති හැමදාම අම්මි ළඟ තුරුල්වෙලා නිදාගන්නෙ’ කුඩා තිළිණි කට උල්කොට කීවාය.



    -silumina-
     
    • Like
    Reactions: Silver bird

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    කරුවලට බයද?

    ’තාත්ති ඔයා කරුවලට ගොඩක් බයයි නේද?’ කුඩා තිළිණි තම පියා වූ නවරත්න ගෙන් ඇසුවේ නිවෙසේ ආලින්දයේ සෙල්ලම් කරමින් සිටියදීය.
    ’නැහැ දුව. ඇයි ඔයා එහෙම ඇහැව්වේ?’ නවරත්න ඇසුවේ, බලමින් සිටි පුවත්පත ඈත් කරමිනි.
    ’එහෙනං තාත්ති හැමදාම අම්මි ළඟ තුරුල්වෙලා නිදාගන්නෙ’ කුඩා තිළිණි කට උල්කොට කීවාය.

    -silumina-

    :lol::lol: