කළුවර_අඳුන
නිර්වස්ත්‍රව ඉඳගෙන කළුවර අඳුන බෙහෙත් ටිකක් නළලේ මැද්දෙ ගෑවම නොපෙනී ඉන්න පුළුවන්
"බෞද්ධ භික්ෂුවක් උපාධ්‍යාචාර්යයන් වහන්සේ දෙනමක් යටතේ මහණකම් ලබන්නේ ඇබිත්තයෙක් විදියට හිටියට පස්සෙ. ඇබිත්තයා කියන්නෙ මහණ වෙන්න බණ පොත්, පිරිත් පොත් පාඩම් කරන, පන්සලේ වැඩකටයුතු කරන, සාමණේර බණ දහම් පොත පාඩම් කරන කෙනෙක්. ඒ ටික හරියට කළාට පස්සෙ තමයි ඇබිත්තයා මහණකමට සුදුසුයි කියන්නේ.

ගිහියෙක්ගෙ හිස මුඩු ගාන්නෙ පැවිද්දෙක් කරන්න. හිස මුඩු ගෑවට පස්සෙ කහ, ගොම, මැටි මිශ්‍ර කරපු වතුරෙන් ඒ පුද්ගලයා නාවනවා. එහෙම නාවන එකේ සාමාන්‍ය තේරුම ගිහි ගඳ යවන එක. ගිහි ගඳ ගියාට පස්සෙ එන්නෙ සාසනේට සුදුසු සුවඳ. ඒ තමයි සාසනේට ඇතුළු කරගැනීමේ පළමු පියවර. ඊට පස්සෙ පූජා කරන අටපිරිකර තමයි පැවිදි ජීවිතයේ පළමුවැනි ඇඳුම වෙන්නේ. ඒ තමයි සිවුර. මේ සියල්ල කරන්නෙ ගුරු හාමුදුරුවන් වහන්සේනමක් යටතේ. උපාධ්‍යාචාර්යයන් වහන්සේ නමක් හා ආචාර්යවරයාණන් වහන්සේ නමක් යටතේ.
මේ බුද්ධ සාසනයේ භික්ෂුවක් බවට පත්වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ විදිය. මේ අතරට ඉන්නවා චීවරධාරියා කියලා හඳුන්වන කොටසකුත්. මේ චීවරධාරියා කියලා කියන්නේ නිකම්ම සිවුරක් පොරවගත්තු පුද්ගලයෙක්. ඒක හරියට කිව්වොත් නාට්‍යයක, චිත්‍රපටයකට සිවුරක් ඇන්දා හා සමානයි.
මට මේ ටික මෙහෙම කියන්න සිද්ධ වුණේ ගිය පාර 'මව්බිම' පත්තරේ කහ ඉර විශේෂාංගය ඇතුළෙ අරවින්දයාය තුළ තිබුණු සටහනක් හින්ද. ඒ සටහන ලියලා තිබුණෙ මධුමාධව අරවින්ද කියලා මහත්මයෙක්. ඒ මහත්මයා මාව ප්‍රසිද්ධියේම හඳුන්වලා තිබුණෙ චීවරධාරියෙක් විදියට.
කියන්න කනගාටුයි බුද්ධ සාසනයේ බුදුන්ගේ නියමයන් උල්ලංඝනය නොකර මහණ වෙච්ච බුද්ධ පුත්‍රයෙක් වුණු මාවත් මධුමාධව අරවින්ද මහත්මයා හඳුන්වලා තිබුණෙ චීවරධාරියෙක් විදියට. ඒ කරපු කතාවට මට මධුමාධව මහත්මයාට කියන්න තියෙන්නෙ චීවරධාරියා කියන හැඳින්වීම මට වඩා සුදුසු ඔබතුමාට කියන එක. ඒ එක්කම ඔබතුමාලා වගේ අයට කියන තවත් නමක් තියෙනවා. ඒ නම තමයි නිගණ්ඨයා කියන එක.
ගුරුකම් ශාස්ත්‍රය බෞද්ධ භික්ෂුවකට අකැපයි කියන එක මහා විහිළුවක්. මේ බුද්ධ සාසනයේ දහ අට හැවිරිදි මම විතරක් නොවෙයි මේ ගුරුකම් ශාස්ත්‍රයේ යෙදෙන්නෙ. මට වඩා උගත්, විනයධර, ධර්මධර භික්ෂුන් වහන්සේ මේ ගුරුකම් බලෙන් ජනතාවට සෙත සැලසුවා. නම් වශයෙන් මතක් කළොත් තොටගමුවේ ශ්‍රී රාහුල, වීදාගම මෛත්‍රි හාමුදුරුවෝ, කොණ්ඩදෙණියෙ හාමුදුරුවෝ, කුංකුණාවේ හාමුදුරුවෝ ඉන් කිහිප නමක්. මේ විදියට බැලුවාම ගුරුකම් ශාස්ත්‍රය භික්ෂුන් වහන්සේට අකැප නම් උන්වහන්සේ මේ දේවල් කරයිද?
උන්වහන්සේ ඒ දේවල් කළා විතරක් නොවෙයි මතු පරපුරේ ගුරුකම් ශාස්ත්‍රයේ යෙදෙන භික්ෂුන් වහන්සේ වෙනුවෙන් මුඛ පරම්පරාගතව පැවැති යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ග්‍රන්ථාරූඪ කළා. අපි මේ ප්‍රයෝජන ගන්නේ උන්වහන්සේ කරපු කියපු දේවලින්.
උන්වහන්සේ මේ දේවල් කළේ රටට ජාතියට ආරක්ෂාව සඳහා. විපතක්, දුකක්, කරදරයක් ආපු ගමන් උන්වහන්සේ ක්‍රියාත්මක වුණා.
මේකෙන් අපිට මෙන්න මේ දේ ඉතා හොඳින් පැහැදිලි කරගන්න පුළුවන්. අෑත අතීතයේ සිටම බණ භාවනා කරමින් බුද්ධ ධර්මය රකිමින්ම, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලත් යෙදුණු බව. මම වුණත් අදටත් ගුරුකම්වලින් මිනිස්සුන්ට සෙත සලසන්නෙ මගේ සාසනික කටයුතුවලට අවහිර නොවෙන විදියට. ඒකට ඕනම සාක්ෂියක් සපයාවි මගේ නායක ගුරු හාමුදුරුවන්, පණ්ඩිත හාමුදුරුවනුත් යන දෙනම. මේ ශාස්ත්‍රය මම පාවිච්චි කරන්නෙ අපේ මේ මුතුන් මිත්තන් ජීවිත පූජාවෙන් ආරක්ෂා කරලා මතු පරපුරටත් දායාද කරන්න කියලා දුන්නු මේ මාතෘභූමියේ හිතසුව පිණිස. ඒ කටයුත්තට අමතරව මේ මාතෘභූමියේ ජීවත්වන මිනිස්සුන්ට අපි පිහිට ලබා දෙනවා. මොන වර්ගයේ බාධක ආවත් සංවරව, විනීතව, සීලයේ පිහිටමින් අපි බෞද්ධ භික්ෂුන් වහන්සේ විදියට කටයුතු කරනවා. ඉදිරියට යනවා.
බුදුන් වහන්සේ අපිට වදාළේ මේ විදියට. මහණෙනි, ජනයාගේ හිතසුව පිණිස සැරිසරන්න. වැඩ කරන්න. අපි පිළිගන්නෙ මුළු තුන්ලොවටම අග්‍ර වූ ඒ බුද්ධ වචනය. ඒ බුද්ධ වචනයට පිටින් ගිහින් අපිට කාටවත් වින කරන්නවත්, පරිභව කරන්නවත් අවශ්‍ය නෑ. ඒ හින්දා මම මෙහෙම කියන්න කැමැතියි.
මධුමාධව අරවින්ද මහත්මයා ඉතාම අයහපත්, පහත් වචන භාවිත කළාට, අපි තරහ නෑ. වෛර නෑ. අපි ඒ මහතාට කරුණාවන්ත වෙනවා. මෛත්‍රි කරනවා. මෙත් වඩනවා. බුද්ධ සාසනයට අගෞරව කරමින් කරපු අභියෝගය සමාව අරගෙන ඉල්ලා අස්කරගෙන ඉතා වැදගත් භාෂාවෙන්, වැදගත් විදියට ආපසු අභියෝග කරන්න. එතකොට මධුමාධව අරවින්ද මහත්මයාට තේරේවි ගුරුකම් සක්විති පොඩි හාමුදුරුවෝ අභියෝගවලට බයේ පැනලා දුවන්නෙ නෑ කියලා.
මධුමාධව මහත්මයා මේ අභියෝග කළේ පෞද්ගලිකව මට නොවෙයි. සම්බුද්ධ සාසනයට. මේ අගෞරව කිරීම මහා බරපතළයි. ඒකට හේතුව වන්නේ බුද්ධ සාසනයට යමක් කැප කළොත් ඒ තෛ්‍රකාලික වීම. ඒ කියන්නේ අතීත, වර්තමාන, අනාගත කාලය. ඒක බුද්ධ සාසනය තුළ සඳහන් වෙන්නෙ මේ විදියට.
අතීතයේ වැඩ සිටි රහතන් වහන්සේගේ සිට වර්තමානයේ වැඩ සිටින භික්ෂුන් වහන්සේ දක්වා සහ එතැනින් අනාගතයේ පහළ වන භික්ෂුන් වහන්සේ දක්වාම අයිතියි කියන එක.
භික්ෂුන් වහන්සේ නමකට පිරිනමන දානයක් සාංඝික වෙන්නේ ඒ විදියට. ඒ කරන සාංඝික දානය වගේම මේ කරපු සාංඝික අපහාසය, අවනම්බුව මධුමාධව අරවින්ද මහත්තයාට පල දෙන්නේ ඒ විදියට. ඒකට කියන්නෙ සාංඝික පාපය කියලා.
බුද්ධ සාසනයේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මාතෘත්වයට, පීතෘත්වයට සලකන්න, ගරු කරන්න, පිළිගන්න කියලා. නමුත් මධුමාධව මහත්මයාගෙ තනිකඩ ජීවිතය, විවාහ ජීවිතය සහ දික්කසාද ජීවිතය තුළ අපි ඒක දකින්නෙ නෑ. ඉතින් මාතෘත්වය, පීතෘත්වය හඳුනන්නෙ නැති මහත්මයකුගෙන් සංඝ සමාජයට ගෞරවයක් කොහෙත්ම බලාපොරොත්තු වෙන්න බෑ. එතුමා කොහොමද එතකොට චීවරයට අහිමි බැමි ලිහමි කියලා ලියන්නෙ.
මන්ත්‍ර ගුරුකම් ශාස්ත්‍රයේ තියෙනවා ඉතාමත් දරුණු අන්දමට දඬුවම් දෙන්න පුළුවන් ක්‍රම කිහිපයක්. ඉන් එකක් වෙන්නෙ ඉදිරෙට්ටු කියන එක. මේ ඉදිරෙට්ටු කියන මන්ත්‍ර පාවිච්චි කරන්නෙ ඉතාම නරක දෙයකට. ඒකට කියන්නෙ මිනිසුන්ට වින කරනවා කියලා. මේ විනය වෙන්නෙ මරණයට පත් කිරීම. මේ ගැන මන්ත්‍ර පොතේ මේ විදියට ලියලා තියෙනවා.
ගිනි සේ සත්තයි. පව් බලා කරනු. මිනිසුන් නොමරනු.
මේ ඉදිරෙට්ටුවෙන් බුලත් කොළේට මතුරලා දෙන්න පුළුවන්. වැල වරකාවලට මතුරලා දෙන්න පුළුවන්. බොන බීඩියට, සිගරැට් එකට, සුරුට්ටුවට මතුරලා දෙන්න පුළුවන්. ඒක කෑවම, බීවම කැස්සක් හැදෙනවා. ඒක තමයි මරණීය කැස්ස. ඒ කැස්ස හැදුණාම කැහැලම මැරෙනවා. සත්තයි.
මේ ඉදිරෙට්ටුවේම තියෙනවා නාග ඉදිරෙට්ටුව කියලා මන්ත්‍රයක්. ඒ වගේ ඉදිරෙට්ටු දහඅටක් තියෙනවා. ඒ දහ අටෙන්ම වැඩියම භයානක නාග ඉදිරෙට්ටුව. ඒකෙ තියෙන්නෙ නයි විෂ.
නාග ඉදිරෙට්ටුව කියන්නෙ ඉරට්ටට මතුරලා ඇන්නහම නඟින්නෙ නයි විෂ. නයා නැතුව නයි විෂ නග්ගන්නෙ ඒ විදියට. ඒ ඇරුණම කාලි ඉදිරෙට්ටුව, දෙබර ඉදිරෙට්ටුව, කඩවර ඉදිරෙට්ටුව, ඉදිරෙට්ටු හත් කට්ටුව විදියට තවත් තියෙනවා.
මේ ඉදිරෙට්ටු දහ අටම දීලා තියෙන්නේ කෙළින්ම හතුරට පහර දෙන්න. මේ ඉදිරෙට්ටු අයහපත, මරණය පිණිසමයි. මේ ඉදිරෙට්ටු මන්ත්‍ර සියල්ල මම දන්නවා.
වැල වරකාවලට මතුරලා දුන්නොත් කන්නෙ වැල වරකා. නමුත් කැවෙන්නෙ වස. මේ ඉදිරෙට්ටු මන්තර කොච්චර භයානකද කියලා කිව්වොත් මේ මන්තර පාඩම් කරන්නෙ, කියවන්නෙ කොහොඹ කොළ ගුළියක් විකලා කටේ තියාගෙන. හේතුව කොහොඹ තිත්ත හින්දා. කෙළ ගිලෙන්නෙ නෑ. ගිලුණොත් තමන්ටම විසයි.
මේ ඉදිරෙට්ටු මන්තර කාල, දින, වකවානු නියම කරලා කරන්න පුළුවන්. ඒ කියන්නෙ සැට පැයට, දින තුනට, හතට වගේම මේ ඉදිරෙට්ටු මන්තරවල තියෙන විශේෂය මේකයි. තටු, පිදේනි මොනවත් ඕන නෑ. අතට ගත්ත ගමන් මතුරලා දෙන්න පුළුවන්. මේ ඉදිරෙට්ටුවෙ බලය කොහොමද කියලා බලන්නත් පුළුවන් මේ ක්‍රමයට.
සුදු හරකෙකුට ඉරට්ටෙන් අනින්න ඕන. හරකා නසී. අත්දුටුයි. සත්තයි.
අතීතේ සිටි ගුරුන්නාන්සේ මේ ඉදිරෙට්ටුව පාවිච්චි කළා. ඒ තමන්ගෙ සතුරගෙ පණ නැසීමට. ඒ වගේම කොඩිවිනවලදීත්. අද වගේ නොවෙයි. ඒ කාලෙ තරහ මරහා පිරිමැහුවෙ තනිකරම ගුරුකම්වලින්. ඒවාවලට නඩුත් නෑ, බඩුත් නෑ.
ඉදිරෙට්ටුව පාවිච්චි කරපු ආදි මුතුන් මිත්තො ඊළඟට කළේ කළුවර අඳුන ප්‍රයෝජනයට ගැනීම. මේ නම විශේෂිත නමක්. මේ අඳුන පාවිච්චි කරන්නෙ නොපෙනී යන්න.
මේක බෙහෙත් වර්ග එකසිය ගණනක් හොයාගෙන හරියටම කරන්න ඕන අඳුනක්. මේ බෙහෙත් වර්ගවලින් බෙහෙත් වර්ග තුනයි ලංකාවෙ නැත්තෙ. ඒ තුන් වර්ගය තියෙන්නේ හිමාල කඳුවැටියේ.
ඉදිරෙට්ටු මන්තරයක් ක්‍රියාත්මක කරලා මිනිහෙක් මරපු මන්ත්‍ර සාස්ත්‍රය දන්න කෙනෙක් තමන් ඇඳගෙන ඉන්න ඇඳුම් ඔක්කොම ගලවලා නිර්වස්ත්‍රව ඉඳගෙන කළුවර අඳුන බෙහෙතෙන් බෙහෙත් ටිකක් නළලෙ මැද්දෙ ගාපු ගමන් නොපෙනෙන්න පටන් ගන්නවා. නමුත් ඔහු එතන ඉන්නවා. ඔහුට හැමෝම පේනවා. නමුත් කාටවත් ඔහුව පේන්නෙ නෑ.
මේක බොහෝ වෙලාවට යොදාගන්නෙ නොපෙනී ඉන්න. පහරදීමකට පස්සෙ පලායන්න, එහෙමත් නැතිනම් නොපෙනී ඉන්න. හොරකම් වගේ දේවල් අල්ලන්න තමයි භාවිත කරන්නෙ. මේකෙ යන්ත්‍ර, මන්ත්‍ර සේරම මම ළඟ තියෙනවා. දැනට නැති ඔෟෂධ හිමාලයෙන් හොයාගන්නත් පුළුවන්. එහෙම කරලා කළුවර අඳුන හදා ගන්නත් පුළුවන්. නමුත් ඒ කටයුත්ත හිතන තරම් ලෙහෙසි නැහැ. හොඳ ඉවසීම, වත් පිළිවෙත් රැකීම, කිලි නොවැදී සිටීම, මිනිස් ආශ්‍රයෙන් අෑත්ව සිටීම වගේ කරුණු ගොඩක් කළ යුතුව තිබෙනවා.
යන්ත්‍ර, මන්ත්‍ර කොටස් දෙකයි. එකක් යහපතට. අනික අයහපතට. මේ යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් හැමදාමත් තියෙනවා. නමුත් ඒවා ක්‍රියාත්මක වෙනවාද නැද්ද කියන එක තීරණය වෙන්නෙ මිනිසුන්ගේ හැසිරීම් රටාව උඩ. ඒක තමයි ගුරුකම් ශාස්ත්‍රයේ ඇත්ත.
source internet
මේකේ සත්‍ය අසත්‍ය බාවය නොදනිමි

Last edited: