කළු කුමාරයා

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    යහනට කඩා වැදුණු කළු කුමාරයාගෙන් අමාට අතවර

    ප‍්‍රසිද්ධ දුරකතන සමාගමක උසස් තනතුරක් දැරූ අමා කොළඹ නාගරික සමාජ පරිසරය තුළ හැදී වැඩුණු සාම්ප‍්‍රදායික මතවාදයන් නොපිළිගත් තරුණියකි. ඇය වැඩිවියට පත්වූ දා ඇයගේ පවුලේ හිතමිතුරන් කැඳවා සාදයක් දුන්නා මිස මල්වර චාරිත‍්‍ර පිළිපදිමින් ඇය නෑවීම හෝ තනිකර තැබීම ආදී චාරිත‍්‍ර ඉටු කළේ නැත. උසස් අධ්‍යාපනය නිමවන සමය වනවිට ආදර සබඳතා කිහිපයකම අත්දැකීම් ඇයට තිබුණි. සෙල්ලක්කාරී හැසිරීම් රටාවක මෙන්ම බරපතළක් නැති ජීවිතයද ඇයව තවතවත් සාම්ප‍්‍රදායික බැමිවලින් ඔබ්බට රැුගෙන ගියේය.

    නිමේෂ් ඇයගේ ආයතනයේම තරුණයෙකි. ඔවුන් දෙදෙනා අතර ආදර සබඳතාවක් ගොඩනැගෙන්නට එතරම් කාලයක් ගතවූයේ නැත. පාසල් ජීවිතයේ ආදර සබඳතාවලට වඩා අලූත් සබඳතාව දුරදිග ගියේය. ඔවුන්ගේ සති අන්තය බොහෝ දුරට ගෙවුණේ මුහුදු වෙරළේ හෝ සිනමා ශාලාවක් තුළය. අලූත් පෙම් සබඳතාව ඇතිවී ටික දිනක් ගෙවී යද්දී ඇයට ඒකාකාරී සිහිනයක් දිගින් දිගටම පෙනෙන්නට විය. මුලදි මුලදි ඇය එම සිහිනය දකින්නට ආසා කළත් ටික දිනක් ගතවන විට එය ඇයට මානසික වදයක් බවට පත්වන්නට විය.

    ඇය දුටු සිහිනයේදී ඉතා කඩවසම් පෙනුමැති තරුණයකු ඇය සමග ආදරයෙන් වෙලෙන අතර, අවසානයේ ඔහු ඇය සමග යහන්ගත වෙයි. මෙම සිහිනය දැකීමෙන් පසු ඇය නින්දෙන් ඇහැරෙන අතර ශරීරයට අධික වෙහෙසක්ද දැනෙයි. මුලදී මෙසේ සිදුවන්නේ ඇයගේ යටි සිතේ ඇතිවන සිතුවිලි කියා ඇය එම සිදුවීම ගණනකට ගත්තේ නැත. මේ අතරතුර දිනක් නිමේෂ් හා ඇය තානායමක තනිවූහ. ඒ ඇය පළමු වරට පිරිමියකු සමග කායික සබඳතාවක් පැවැත් වූ දිනයයි.

    එදින නිවසට පැමිණි ඇය රාත‍්‍රී නින්දට වැටුණි. පෙරදා මෙන්ම එදින රැුයේද කඩවසම් තරුණයා ඇය අසලට පැමිණියේය. එදින ඇය දකින සිහිනය වෙනස් බව ඇයට හැඟිණි. ඇය නිදාගෙන සිටින අයුරු ඇය විසින්ම දකින අතර, පැමිණි තරුණයා ඇඳ අසල සිටගෙන ඇය දෙස බලා සිටියි. අනතුරුව සෙමෙන් සෙමෙන් ඇය අසලට ළං වූ තරුණයා වෙනදා මෙන්ම ඇය හා යහන්ගත වීමට සැරසුණේය. එක්වනම තරුණයා කළු පැහැ යකෙක් බවට පත් වූ අතර, ඇය ඉමහත් බියවී කෑගසමින් නැගිටීමට උත්සහ කළද එම සිහිනයෙන් මිදීමට ඇයට අපහසුය. රතු පැහැති අත් සතරක් ඇති කළු රෙද්දක් පොරවාගෙන ලේ පෙරෙන යක් මුහුණක් ඇති බියකරු යකෙකු ඇය ඉදිරියේ සිටියි. යකුගේ ගෙලෙහි කළු පැහැ මල් මාලයකි. එක් අතක මුගුරකි. අනෙක් අතේ ලේ පෙරෙන කුකුළෙකි. එක්වරම එම යක් රුව ඇයට පහර දෙන්නට පටන්ගත්තේය. ඇයගේ ශරීරයට වේදනා දෙන තෙක්ම එම පහරදීම නොනැවතුණි.

    අමාගේ කාමරය දෙසින් ඇසුණු කෑගැසීමේ හඬට නිවසේ සියල්ලෝ බියවී දිව ආහ. නිවැසියන් කාමරයට පැමිණියද ඇය සිහිනයෙන් කෑගැසීම නැවතුණේ නැත. ඔවුන් ඇයව නින්දෙන් ඇහැරවාගන්නා විට ඇයට දැඩි ලෙස උණ ගැනී තිබුණි. එදින රාත‍්‍රියේම අමා නවලෝක රෝහලට ඇතුළත් කෙරිණි. වෛද්‍ය ප‍්‍රතිකාරවලින් පසු ඇයගේ උණ ක‍්‍රමයෙන් බැස ගිය අතර, ඉන්පසු ඇය දුටු සිහිනය උණගත් පෙර දිනයේදී මෙන් ප‍්‍රචණ්ඩ නොවුණද ලිංගික අඩන්තේට්ටම් සහිත සිහිනයක් බවට පත්විය. අසනීපවීමත් සමගම ඇයගේ ප‍්‍රියතම ආහාරය වූයේ තම්බන ලද බිත්තරයි. උණ ගැනුණු පළමු දිනයේ දහවලදී ඇය කෑමට බිත්තර ඉල්ලා සිටි අතර, කෑම පිඟාන මැද තබාගෙන ආ බිත්තරය දුටු සැණින් ඇඳෙන් පැනගත් ඇය එය රැුගෙන පෙරේත ලෙස ගිල දැමුවාය. දියණියගේ මෙම හැසිරීම ඇයගේ මවට මහත් ප‍්‍රහේළිකාවක් විය.

    කාලය කෙමෙන් කෙමෙන් ගෙවුණු අතර, මේ අතරතුර අමා හා නිමේෂ්ගේ විවාහය සිදු විය. ඔවුන්ගේ පළමු දින මංගල රාත‍්‍රියේ සිදුවූයේ නොසිතූ විරූ සිදු වීමකි. එදිනත් ඇයට කලින් සිහිනයම පෙනෙන්නට වූ අතර, එදින ඒ රුව වෙනදාටත් වඩා දරුණු වී තිබුණි. එම රුවේ බලකිරීමට අනුව ඇය තම සැමියාව ඇඳෙන් බිමට තල්ලූ කර දැමුවේ සත්‍ය ලෙසටමය. රාත‍්‍රී එළිවන විට කිහිපවරක්ම ඇඳෙන් බිමට වැටෙන්නට නිමේෂ්ට සිදුවිය. මෙම සිදුවීම ඔවුනට මහත් ගැටලූවක් වූ අතර විවාහයෙන් පසු ගෙවීගිය දින දෙකතුනේදීම මෙය එකම ආකාරයට සිදු විය. හතර වැනි රාත‍්‍රියේදී ඇය යළිත් බිය වී අධික ලෙස උණ ගැනුණි. එදිනම ඇය රෝහල්ගත කළද ඇයට සිහියක් ලැබුණේ නැත. දිනයක් දෙකක් ගත වුවද ඇයට වැළදුණු රෝගය නිශ්චය කරගැනීමට වෛද්‍යවරුන්ට හෝ නොහැකි වූ අතර, ඇයගේ මොළයට විෂබීජයක් ඇතුළුවී ඇතැයි අනුමානයෙන් යම් යම් ප‍්‍රතිකර්ම සිදුකෙරුණද ඒවායෙන් ඇයට ගුණයක් නොලැබුණි.

    මේ අතරතුර නිමේෂ්ගේ මව තම ලේලියගේ කේන්ද්‍රය බැලීමට ගියේ ඔවුන් දැඩි ලෙස කේන්ද්‍රය විශ්වාස කළ බැවිනි. ඇයගේ කේන්ද්‍රය පරීක්ෂා කළ ජ්‍යොතිෂ්‍යවේදියා ඇයට වැළදී ඇත්තේ කළුකුමාර දෝෂයකැයි පැවසීමත් සමග මව යකැදුරකු සොයා ගියාය. යකැදුරා කාරණය භාරගත්තේය. ඔහු කළයුතු පිළියම් දැනගැනීම උදෙසා ආරූඪවිය. යකැදුරා පැවසූ දෙයින් නිමේෂ්ගේ මව මොහොතකට ගල්ගැසුණි.

    ”දැන්නම් ගොඩදාන එක බොහොම අමාරුයි. කළු කුමාරයා තමන්ගේ බිල්ල දෑතින්ම අල්ලාගෙන ඉන්නේ. අද සවස හය පහුවුණොත් කෙල්ල බේරගන්න බැරිවෙයි. මේ දොසේ බොහොම තදට තිබිලා තියෙනවා. කලිනුත් මෙහෙම වෙලා ඇති. දැරිවිට වෙන පිරිමියෙක් එක්ක පවුල් කන්න කළුකුමාරයා ඉඩදෙන්නේ නෑ. ගෙටවෙච්ච දවසේ මේකිට කළුකුමාරයගේ බැල්ම වැටිලා. මම බිත්තරයක් මතුරලා දෙන්නම්, පුළුවන් තරම් ඉක්මනට ගිහින් ඒක ලෙඩාගේ ඔළුව වටේ තුන් පාරක් කරකවලා අලූත් මිනීවළක, මිනියක හිස කෙළින් වියත් තුනක් විතර ගැඹුරු වළක් හාරලා වළලන්න. හවස හය පැන්නොත් ඒකෙනුත් වැඩක් නෑ. ලෙඩා හොඳවුණු ගමන්ම තොවිලයක් නටන්නත් වෙයි”

    යකැදුරා මතුරා දුන් බිත්තරය ඔහු පැවසූ ලෙසම ලෙඩාගේ හිස වටා කරකවා අලූත් සොහොනේ යට කළේය. කිසිවකුත් නොසිතූ ලෙස පසුදා උදෑසන වනවිට අමාගේ රෝගී තත්ත්වය යහපත් අතට හැරෙන්නට විය. මරණාසන්නව සිටි අමා සතියක් ඉක්මෙන්නටත් පෙර සිය දෙපයින්ම නිවසට පැමිණියේ, අනතුරුව සූදානම් කරන තොවිලය තෙක් පමණක් නිමේෂ්ගෙන් වෙන්ව ජීවත්වීමේ තීරණයද සමගිනි.

    Source :

    1782145_735125793178524_1771337045_n.jpg

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය කේ.කේ සමන් කුමාරව මම නම් විශ්වාස කරන්නෙ නෑ බං......
    මම හිතන්නෙ ඔය දකින්නේ ගෑනුන් ගේ හිත් ඇතුලෙ තියන පහ නොවූ රාගී සිතිවිළි. පිරිමින්ට ඕකම පේන්නෙ මෝහිණි විදියට............
     

    johnd82

    Member
    Oct 3, 2013
    128
    10
    0
    apitath ohoma gihin kello fuck karanna puluvannam. aduma gane apivath fuck karanna lassana baduvak heenen enavanam .:growl:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය කේ.කේ සමන් කුමාරව මම නම් විශ්වාස කරන්නෙ නෑ බං......
    මම හිතන්නෙ ඔය දකින්නේ ගෑනුන් ගේ හිත් ඇතුලෙ තියන පහ නොවූ රාගී සිතිවිළි. පිරිමින්ට ඕකම පේන්නෙ මෝහිණි විදියට............
    ඒ පාර උබ මනොචිකිත්සාව පටන් ගත්තද? ඔය කතා ගැන මට නම් විශ්වාසයක් නැ, ඔය මිනිස්සු බය වෙන තරමක් බය වෙන්නේ, අදුරන උන්ට, මැරුන ආච්චිට, සීයට, අම්මට, තාත්තට, ඒ ඇයි කියලා හිතාගන්න බැ, ඒත් කාටවත් ඇයි සුද්දෙක්, පිට ජාතිකයෙක් වැහුනේ නැත්තේ, ඒ හින්දා මාත් හිතන්නේ ඔවා හිතේ මැවෙන දේවල්, තමන් ආදරේ කරන අය මැරුනම තමන් ලගට එනවා කියලා දෙගිඩියාවෙන් ඉන්න අයට තමා ඔවා වෙන්නේ. එහෙම නැත්තම් ඔය කලු කුමාරයො වගේ චරිත තදට හිතට වැදුනම පෙර ඉදන් විශ්වාස නොකරපු අයට බලපැම වැඩියි, ඒ හින්දා වෙන්නැති මේ ලමයට වෙන්න ඇත්තේ,
     

    Ex SL

    Junior member
  • Feb 14, 2014
    83
    9
    8
    ඒත් කාටවත් ඇයි සුද්දෙක්, පිට ජාතිකයෙක් වැහුනේ නැත්තේ.......!!!!:lol::lol::lol:

    මාත් එක්ක මෙහේ වෑඩ කරනවා කොරියන් කෙල්ලෙක්. ඒකිත් මට ඔහොම කතාවක් කියලා තියන්වා සිරාවට. කවුද එකිව සමහර වෙලවට නිදාගෙන ඉන්නකොට rape කරලා වගේ දෑනෙනවා කියලා . මම හිතන්නෙ මොනවා හරි ඈත්තක් ඈති.:no:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔය කේ.කේ සමන් කුමාරව මම නම් විශ්වාස කරන්නෙ නෑ බං......
    මම හිතන්නෙ ඔය දකින්නේ ගෑනුන් ගේ හිත් ඇතුලෙ තියන පහ නොවූ රාගී සිතිවිළි. පිරිමින්ට ඕකම පේන්නෙ මෝහිණි විදියට............

    inbox clear karapan
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඒත් කාටවත් ඇයි සුද්දෙක්, පිට ජාතිකයෙක් වැහුනේ නැත්තේ.......!!!!:lol::lol::lol:

    මාත් එක්ක මෙහේ වෑඩ කරනවා කොරියන් කෙල්ලෙක්. ඒකිත් මට ඔහොම කතාවක් කියලා තියන්වා සිරාවට. කවුද එකිව සමහර වෙලවට නිදාගෙන ඉන්නකොට rape කරලා වගේ දෑනෙනවා කියලා . මම හිතන්නෙ මොනවා හරි ඈත්තක් ඈති.:no:

    :):):)