කළු මකර බළ ඇණිය
මනස අවියක් කොටගෙන යුද කිරීමට ගොඩනැගූ චීන විශේෂ බලකායේ කළු මකර බළ ඇණිය
මනස අවියක් කොටගෙන, මනස, ආධ්‍යාත්මය සමඟ සාමය ඇතිකොටගෙන, එහි ආධාරයෙන් යුද කරන ක්‍රම වේදයන් ගැන චීන විශේෂ බළකාය මේ වනවිට පරීක්ෂණ පවත්වමින් සිටිති… ඒ සඳහා පත් කරන ලද සුවිශේෂී ඒකකයට “කළු මකර බළ ඇණිය” ලෙස නම් තබා තිබේ…
වසර දහස් ගණනක් අතීතයට දිව යන චීන සටන් ක්‍රමවේදයන් අතුරින් අති විශිෂ්ඨතම ලෙස සැළකෙන “දාඕ” රහස් සහිත ( හු – ආ – ලාඕ සටනේදී සටන් කරුවන්ගේ සිරුරේ බර මල් කිණිත්තක තරමට සැහැල්ලු කරන “වායව” භාවනා ක්‍රම ඇතුළත් ) පැරණි පොතපත මේ සඳහා යොදා ගැනෙන අතර, පරීක්ෂණයෙහි මුල් පියවරේදී, සතුරන්ගේ “මනස, සිතීම සහ අභ්‍යන්තර ශක්තිය තේරුම් ගැනීම සහ එයින්ම සතුරන්ගේ දුර්වලතා වටහා ගැනීම” අරමුණු කොට ගෙන තිබේ… නවීනතම අවි පවා අක්‍රීය කරවන මනෝ ප්‍රහාර එම අභ්‍යාසයන්ගේ දෙවැනි ඉළක්ක මාලාවට අයත්ය… චීන හමුදා දෙවනි කාළතුවක්කු රෙජිමේන්තුව යටතේ පවතින කිලෝමීටර් 3600 පමණ ඓක්‍ය දිගකින් යුතු උමං පද්ධති තුළ පවත්වන මෙවැනි පාසැල් ගැන සී.අයි.ඒ සංවිදානය දැඩි භීතියකින් පසුවන බවද වාර්ථා වේ… චීනය පුරා සී.අයි.ඒ ඔත්තු කරුවන් ඉන්නා ස්ථානයන්ද භාවනා මඟින් සහ ලෝකායතනයෙහි චිත්ත පරීක්ෂා මඟින් හඳුනා ගැනීමට සමත් සෙබළු පුහුණු කිරීමටද චීනය බළාපොරොත්තු වේ…
බටහිර තාක්ෂණය පමණක් එකම දැනුම කොටගෙන එය පසුපසින් යෑමෙන්, ඇමරිකාව අබිබවා යන්නට තව වසර ගණනක් ගතවනු ඇතිබව අවබෝධ කරගෙන සිටින චීනය, සිය ආධ්‍යාත්මික ශක්තීන් අවදි කරවා ගතහොත්, නූතන අවි බලය සහ ඔවුන්ගේ ප්‍රතාපවත් ශිෂ්ඨාචාරය එක්වන තැනේදී ඇමරිකාව අන්ද මන්ද වන බලයක් ඔවුන් වෙත ලැබෙනු ඇත… මහළු මකරා සතු දැනුම ගැන යම් අවබෝධයක් ඇති සී.අයි.ඒ සංවිධානය භීතියට පත්ව සිටින්නේ මේ නිසාය… මේ භීෂණය නැපෝලියන් වැනි චීනය හොඳින් තේරුම් ගත් බටහිර සේනාධිනායකයන්ටත් විය…
බටහිර සුද්දා තමන්ගේ මෙන් විකුණන, ලොව පුරාවෙන් කොල්ලකාගත් දැනුමටම ආවඩමින් ඒ එකම ගැලවුම්කරුවානෝ යැයි සිතා ගන්නා කේවට්ටයන්ට සිතන්නට යමක් මෙහි ඇත. පෙරදිග සභ්‍යත්වයත් සමඟ එක්ව ගමන්ගත් මහා දැනුම් සම්භාරය වළලා දැමූ තැන්වලින් ගොඩගෙන ප්‍රාණවායුව පිඹීමට තවමත් ප්‍රමාද නැත. ජාතික චින්තනයක ගමන් මඟ ගැන යම් පමණකින් හෝ උනන්දුවක්, කැපවීමක් දක්වන නලීන් ද සිල්වා වැනි වියතුන්ගේ අදහස් නිකම්ම බැහැර කරනු වෙනුවට වරක් දෙවරක් නොව කීපවාරයක් සිතා බැලීමට කාලයයි මේ…
පසුවදන:
බටහිර නිමවා ගත්තාය කියා බටහිර ඉතිහාසඥයන් සහ විද්‍යාර්ථීන් විසින් අපට අපේ පාසැල් වලදීම උගන්වන්න සකස් කර දෙන විෂය මාලා වල තියෙන දේවල් හුඟ හරියක් උපන්නේ චීනයේ තමයි… “1421” සහ “1434” කියලා තියෙනවා කදිම ඉතිහාස පොත් දෙකක්, මෑතකදී පළවී ලෝක ඉතිහාසය ගැන තිබෙන දැක්ම වෙනස් කරපු… මම හිතන්නේ හැම කෙනෙක්ම ඒ පොත් කියවිය යුතුයි… එවිට තේරෙනවා චීනයෙන් ගිය දැනුම, බටහිර විදුදරයන් විසින් “පරිභෝජනය” තේමාව කරගත් සිය ජීවන රටාවට උචිත පරිදි සකස් කර, වින්දනය, කාම සුඛල්ලිකාමය පමණක් සන්තර්පණය වන තාක්ෂණයක් ඉන් නිපදවා ගත්තා කියන එක… චීනයට එවැනි තාක්ෂණයක මූලාරම්භයක් ලබා ගත හැකි වෙලාත්, ඔවුන් බටහිර අයට පෙර ඒ ගමන නොගියේ, සරල බව තුළ සතුට සහ සහනය ඔවුන්ගේ දැක්මේත් තිබුණු නිසා…
බටහිර අය සහනය සොයන්න හදන්නේ භෞතික දේ තුළ “පමණයි”… (ඔය “පමණයි” කියන වචනයේ තමයි ඔවුන්ගේ සහ අපේ විශාලම වෙනස තිබෙන්නේ) දෙවියෙකු බාහිරයෙන් ගෙනත් දෙන පරමෝත්තම ශාන්තිය සහ සතුට බලාපොරොත්තුව සිටින්නට (පංචේන්ද්‍රියෙන් බාහිරයට නැඹුරු වෙන්න) ඔවුන්ව හුරු කරවා තිබීමේ ප්‍රතිඵලය තමයි ඒ… දැන් නොදැනුවත්වම හෝ ඔවුන්ගේ සිතට සතුට, සැනසීම ලබා ගන්න හැකි වෙන්නේ පංචේන්ද්‍රිය බාහිර දේ හඹා යාමෙන්… ඇස, කණ, නාසය, දිව සහ සම යන පංචේන්ද්‍රියයන්ගෙන් සහ ඔවුන් ඉන්ද්‍රියක් ලෙස නොපිළිගන්නා “මන – කායෙන් (කාය යනුවෙන් පාළියෙහි ඉන්ද්‍රියද හඳුන්වනු ලබනවා)” පිට පවතින දෑ සංවේදනය කොටගෙන, අනුභූති සකස් කරගෙන, ඒ අනුභූති තුළින් වින්දනය, සතුට සහ සැපත සෙවීම තමයි ඔවුන් කරන්නේ… ඒ නිසා අපි “කෙළෙස්” ලෙස හඳුන්වනු ලබන දෑ තර කිරීම, හා එහි ක්ලේශ මූලයන් තව සවිමත් කිරීම ඔවුන් අතින් සිදුවන්නේ… එහි කෙළවර විනාශයක්… පරිසරයත් විනාශ කොට, ඔවුනුත් වැනසී, සෙසු ලෝකයත් එයින්ම වනසා දමනවා….
පෙරදිග අපිට භෞතික දෙයිනුත් සතුට, සැනසීම යම් පමණකට ලැබෙනවා තමයි… නමුත්, ඒ සතුට හා සැනසුම කොතරම් ස්ථාවරද කියන එක ගැන හොඳ අවබෝධයක් පෙරදිග ජාතීන්ගෙන් යම් ප්‍රමාණයකට හොඳින් තියෙනවා… බෞද්ධ අපිට හොඳටම තියෙනවා… වෛදික දහම් ඇසුරේ ඉන්නා අයටත්, ඔය චීනයේ, ජපානයේ, කොරියාවේ පැවති ෂින්ටෝ භාවනා ක්‍රම ඇසුරේ සිටින අයටත් යම් පමණකට තියෙනවා… ඒ අයට අභ්‍යන්තර සතුට, සැනසුම ගැන විශ්වාසයක් තියෙනවා… ඒ නිසා, ඒ අය දන්නවා භෞතික දේ පසුපස දිගින් දිගටම නො එළවා, ඇතුළෙන් සැනසෙන්නට වෙර දැරිය යුතු බවත්… මේකයි වෙනස… මෙතනින් තමයි සියල්ල සකස් වෙන්නේ… ඒ අයට හුරු කරවා ඇත්තේ “බාහිරයෙන්” එන පරමෝත්තම ශාන්තියක් (යමෙක් විසින් ගෙනත් දෙන… උදා: දෙවි කෙනෙක්, පණිවිඩ කරුවෙක්, දේව දූතයෙක්) අපේක්ෂාවෙන් ඉන්න සහ එනයින් බාහිරයට සොයා ඇදෙන්න… අපිට හුරු කරවා ඇත්තේ අභ්‍යන්තරය තුළ ඒ පරමෝත්තම ශාන්තිය අවබෝධ කර ගන්න… ඒ අය දැනුම, විද්‍යාව සහ තාක්ෂණය හදන්නෙත් ඒ විදියටම තමයි…
බටහිර ලෝකය, තම තණ්හාව තෘප්ත කර ගැනීමටම නිමැවූ තාක්ෂණය යොදාගෙන අධිරාජ්‍යවාදය තුළින් ලොවෙන් ලබාගත් සම්පත් පරිහරණය කරමින් පසුගිය දශක පහක පමණ කෙටි කාළයක් කාම-සුඛාන්තික සතුටක්, සැපතක් වින්දා තමයි… ඒ කෙටි කාළය තුල අපි පැරදී ඇති බවත්, ඔවුන් ගව් ගණනකින් දිනා ඇති බවත් මතුපිටින් බැලුවාම පේනවා තමයි… එවිට අපිත් හීන මවනවා ඒ රටවල් වගේ වෙන්න… කරුණු දෙකක් නිසා…
[1] ඔවුන්ගේ පිට ඔපයට රැවටීම,
[2] ඔවුන් විසින් ඉතිරි කර ගිය,
අපට නොගැළපෙන ඔවුන්ගේ ක්‍රමවේදයන් තුළින්, ඔවුන්ගේ චින්තනයේ දියුණුව සොයන්නට ගොස් අපි තවත් අමාරුවේ වැටී සිටින නිසා…
ආර්ථිකව සියල්ල බලන්නෝ ඒ අයුරින් රැවටෙනවා… නමුත්, දිනා ඇත්තේ කවුරුන්දැයි අවබෝධ කර ගන්නට ඒ අයට (ආර්ථික පරිචින්නයට සියල්ල ඌණනය කරමින් ලොව බලන අයට) මේ ගතවී ඇති කාළය මදි… ගෑවෙන්නවත් මදි… අධර්මයෙන් සරු පොහොසතෙකුව පළාතක් හොල්ලමින් ඉන්නා මිනිසෙකු දෙස බලා “ඔහුට හරි ගිහින්” කියා හූල්ලනවා වගේ ඒක… ඉදිරියේදී බොහෝ දේ වැටහෙන තත්වයන් මතුවේවි…
--
තෙරුවන් සරණයි !
මෙය මට ලැබුනු ඊ මේලයකි. කියවල තේරුම්ගන්න උත්සහ කරන්න.