කළ පින් මදි වුනිද යන්නට මහ නුවර..
පුන්සඳ සපිරි පෝදා මට නොමැත................. සිහී
සුපුරුදු විලස දිග ඇදුනා නිදන..................... රිසී
ඒ මේ අතට පෙරලුන මා හිසද.................... කැසී
නිදිමත වුවද නිදි දෙව්දුව ඉවත.................... බැලී
හේවිසි දවුල් ගැටබෙර වැයෙනා.................. තාලේ
ඇසුණ සේ දැනුණි සිටියද අඩ................... නින්දේ
ඇත් රජ ගමන පෑ තේජස රතු................... පලසේ
මින් පෙර දිනෙක මට මේලෙස නැහැ.......... දැනුනේ
පෙරහැර ඇරඹුනා සෙංකඩගල නුවර.............. පුරා
අම්මා කීව හැටි මතකයි සවන්.................... පුරා
යන්නත් හිතෙනවා අපිටත් නුවර................. බලා
යම්දෝ නොයම්දෝ සිතනව දවස................. පුරා
කළ පින් මදි වුනිද යන්නට මහ................ නුවර
අම්මේ! ටිකක් ඉවසන් ඉමු මේ................. වසර
ලැබුණොත් නිවාඩුව පුතු හට එන............... වසර
පෙරහැර බලන්නට යමු අපි මහ................ නුවර
-RICH LIFE-