කළ පින් මදි වුනිද යන්නට මහ නුවර..

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කළ පින් මදි වුනිද යන්නට මහ නුවර..

    පුන්සඳ සපිරි පෝදා මට නොමැත................. සිහී
    සුපුරුදු විලස දිග ඇදුනා නිදන..................... රිසී
    ඒ මේ අතට පෙරලුන මා හිසද.................... කැසී
    නිදිමත වුවද නිදි දෙව්දුව ඉවත.................... බැලී





    හේවිසි දවුල් ගැටබෙර වැයෙනා.................. තාලේ
    ඇසුණ සේ දැනුණි සිටියද අඩ................... නින්දේ
    ඇත් රජ ගමන පෑ තේජස රතු................... පලසේ
    මින් පෙර දිනෙක මට මේලෙස නැහැ.......... දැනුනේ





    පෙරහැර ඇරඹුනා සෙංකඩගල නුවර.............. පුරා
    අම්මා කීව හැටි මතකයි සවන්.................... පුරා
    යන්නත් හිතෙනවා අපිටත් නුවර................. බලා
    යම්දෝ නොයම්දෝ සිතනව දවස................. පුරා





    කළ පින් මදි වුනිද යන්නට මහ................ නුවර
    අම්මේ! ටිකක් ඉවසන් ඉමු මේ................. වසර
    ලැබුණොත් නිවාඩුව පුතු හට එන............... වසර
    පෙරහැර බලන්නට යමු අපි මහ................ නුවර





    kandy-perahera.jpg

    -RICH LIFE-
     

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    මටත් හිතුන දවසක යන්නට නුවර
    මාලිගාව හා දළදා නරබන්න ...........
    ඔය පුතු හටත් අම්මා හා එන වසර
    පතනෙමි පැතුම් නුවරට එන්නට හනික .....
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    එල එල බන් :)

    :):):)

    බම්ප්

    :):)

    මමත් ගිහින් නෑ බං .
    නුවර පෙර හැර බලන්න..දුරයිනෙ

    මමත් ගිහින් නෑ..:(

    mama gihillath na bn (

    මමත් නෑ..:(



    :):)


    :)

    එල එල බන් :)

    ;):)

    මටත් හිතුන දවසක යන්නට නුවර
    මාලිගාව හා දළදා නරබන්න ...........
    ඔය පුතු හටත් අම්මා හා එන වසර
    පතනෙමි පැතුම් නුවරට එන්නට හනික .....

    පිං මචන්..
    ඔන්න මම උඹේ රතු කොටුව නිල් කළා..

    එල මචන් :)

    :):)