කෆීර්~යානා

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.


    අපේ ගුවනේ වේගයෙන් සැරිසරන කෆීර් යානා නොදුටු කෙනෙකු අප අතර නැති තරම්ය.
    ශබ්දයේ වේගය ඉක්මවා යා හැකි මේ ජෙට් ප‍්‍රහාරක යානාවකට මිනිත්තු කීපයක් ඇතුළත ශී‍්‍ර ලංකාව තුළ ඇති ත‍්‍රස්තවාදී ඉලක්කයකට ප‍්‍රහාරයක් එල්ල කොට ඇසිල්ලකින් ආපසු පැමිණිය හැකි විය.
    විවිධ වර්ගයේ හා ප‍්‍රමාණයේ බෝම්බ දමන්නටත්, මිසයිල ප‍්‍රහාර එල්ල කරන්නත්, මි.මී. 30 කාල තුවක්කුවකින් වෙඩි මුර 140ක් තියන්නත් පුළුවන.
    ඒ සඳහා යන්නේ එකම එක නියමුවෙකි.


    1.jpg


    කෆීර් යන හීබ්රූ වදනෙහි අරුත ‘සිංහ පැටියා’ යන්නය.
    මෙය ඊශ‍්‍රායල් ගුවන් යානා නිෂ්පාදන සමාගම විසින් නිපදවන ඕනෑම කාලගුණයක දී එකසේ කි‍්‍රයාකළ හැකි, කාර්යයන් රැසක් එක විට කළ හැකි නවීන ප‍්‍රහාරක යානයකි.

    කෆීර් ප‍්‍රහාරක යානා ඊශ‍්‍රායල ගුවන් හමුදාවේ සේවයට ආවේ 1975 දීය. පළමු ප‍්‍රහාරක බල ඇණියට ඉන් යානා කීපයක් එක් විය.
    ඊළඟ වසර කීපය තුළ තවත් අලූත් කෆීර් ප‍්‍රහාරක යානා රැසක් බල ඇණි කීපයකට ම එක් විය. මේ යානාව ඊශ‍්‍රායලයේ ‘ගුවනේ බලවතා’ වී වැඩි කාලයක් ගත වූයේ නැත.
    1976 දී ඊශ‍්‍රායලයට එෆ්-15 ඊගල් ප‍්‍රහාරක යානා ලබා දීමට ඇමෙරිකා එක්සත් ජනපදය කි‍්‍රයා කළේය.
    ඉන්පසු ඊශ‍්‍රායල හමුදා ගුවන් යානා අතර මුල් තැන එම යානයට හිමි විය.
    දැන් යළිත් වැඩි දියුණු කිරීම නිසා දැන් කෆීර් යානය නැවතත් අහසේ වීරයා බවට පත් වී තිබේ.


    2.jpg


    වාර්තා ගත ව ඇති පරිදි කෆීර් යානයේ ප‍්‍රථම ගුවන් ප‍්‍රහාරය සිදු කර ඇත්තේ 1977 නොවැම්බර් 9 වැනිදාය.
    ඒ ලෙබනනයේ ටෙල් ආසියාහී ත‍්‍රස්තවාදී පුහුණු කඳවුරකටය.
    කෆීර් යානයක් අහස් සටන්වල දී ලත් ලොකු ම ජයග‍්‍රහණය ලෙස සැලකෙන්නේ 1979 ජූනි 27 වැනි දා සිරියාවට අයත් රුසියාවේ තැනූ මිග්-21 යානයක් වෙඩි තබා බිම හෙළීමය.
    ඒ හපන්කම කළේ කෆීර් සී-2 ප‍්‍රහාරක යානයකි.

    ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව 1995-1996 කාලය තුළ කෆීර් සී 2 යානා 6ක් ද කෆීර් ටීසී 2 එක් යානයක් ද මිල දී ගත් බව අන්තර් ජාලයේ සඳහන් වී තිබේ.
    2000 දී මිල දී ගත් කෆීර් සී 2 යානා හතරත් සී 7 යානා හතරත් සමග 2005 වන විට තවත් කෆීර් ගුවන් ප‍්‍රහාරන යානා 9ක් ගුවන් හමුදාව විසින් මිල දී ගෙන ඇත.
    දැනට ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව කෆීර් ටීසී 2 යානා දෙකක් ද සී 7 යානා දෙකක් ද සී 2 යානා අටක් ද මෙහෙයුම්වලට යොදා ගනියි.
    ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව විසින් අද මෙම කෆීර් යානා කොටි ත‍්‍රස්තවාදීන්ගේ විශේෂයෙන් තෝරා ගත් ඉලක්කවලට පහර දීමට යොදා ගන්නා බව කෆීර් යානා පිළිබඳ ව අන්තර්ජාල තොරතුරුවල සඳහන් කොට ඇත.


    3.jpg


    විවිධ වැඩට තැනූ කෆීර් යානා

    විවිධ කාර්යයන් සඳහා විශේෂයෙන් සැකසුණු කෆීර් යානා ගණනාවක් ම ඇත. එම යානා බොහොමයක් ම කෆීර් සී 1 නම් වූ මූලික යානය පදනම් කොට ගෙන තැනූ ඒවාය. ඇමෙරිකානු හමුදාව යොදා ගන්නා ‘එෆ්-21 ඒ ලයන්’ නම් වූ යානය ද කෆීර් සී 1 යානයේ ප‍්‍රහාරක හැකියාව වැඩි දියුණු කළ එකකි. ඊශ‍්‍රායාලය විසින් මේ වර්ගයේ යානා 25ක් මුලින් ම වැඩි දියුණු කොට ඇමෙරිකානු හමුදාවට ලබා දී ඇත. මේ යානාවල වායු චූෂණය සඳහා විශේෂ පියාපතින් ඔබ්බට විහිදුණු කුඩා තටු බඳු කොටස් සවි කර තිබේ. ඒවා නිසා යානයේ හැසිරවීමේ හැකියාව වැඩි වී ඇති අතර පියසැරියේ දී වේග පාලනය ද තමන්ට අවශ්‍ය ආකාරයට සිදු කර ගැනීමට නියමුවාට පහසු වී ඇත.

    කෆීර්-සී 2 යානය යනු සී 1 යානයේ ම තවත් වැඩි දියුණු කළ එකකි. වායුගතික හැකියාව වැඩි කරන වෙනස්කම් රැුසක් එහි දැකිය හැකිය. මහ තටුවලින් පිටතට විහිදුණු කුඩා උල් හැඩැති තුඩා තටුවලින්, නැහැය යටින් ඇති දාරයෙන් හා එහා මෙහා කළ හැකි පියසැරි පාලක උප තටුවලින් මේ වෙනස්කම් කර තිබේ.

    කෆීර්-ටීසී 2 යානය යනු සී 2 යානය නියමුවන් පුහුණුවට අවශ්‍ය පරිදි ආසන දෙකක් සහිත ව වැඩි දියුණු කළ එකකි. එහි නැහැය උලට, දිගට හා පහතට නැඹුරු වන සේ නිපදවා ඇත්තේ නියමුවාට අවට හොඳින් පෙනෙන ආකාරයටය.

    කෆීර්-සී 7 යානය විශාල වෙනස්කම් සහිතව වැඩි දියුණු කළ එකකි. දැන් බොහොමයක් සී 2 යානාත් මේ මට්ටමට වෙනස් කර තිබේ. එය වැඩි වේගයක් හා බලයක් ජනිත කළ හැකි ආකාරයට දියුණු කර ඇත. එහි උඩුකුරු තෙරපුම සියලූ ජෙට් දැල් වූ පසු රාත්තල් 1000කින් වැඩි කර තිබේ. මේ නිසා ගෙන යා හැකි උපරිම බර රාත්තල් 3,395කින් වැඩි වී ඇත. නැහැය ඉදිරියෙන් වායු චූෂණය සඳහා විශේෂ කවුළු දෙකක් ද ඇත. හදිසි ආපදාවක දී නියමුවා යානයෙන් ඉවතට විසි කළ හැකි වන පරිදි මෙහි නියමු අසුන සකසා ඇත. නියමුවාට එහි ඇති පරචූටයේ ආධාරයෙන් දිවි ගලවා ගත හැකිය. නියමු කුටියට ද නව රේඩාර් පද්ධතිය සමග නව ඉලෙක්ට්‍රොනික හැසුරුම් උපාංග එක් කර තිබේ.

    කෆීර්-ටීසී 7 යානය සී 7 යානය නියමුවන් පුහුණුවට අවශ්‍ය පරිදි ආසන දෙකක් සහිත ව වැඩි දියුණු කළ එකකි.

    කෆීර්-සී 10 යානය විදේශ රටවල අලෙවිය සඳහා ම විශේෂයෙන් නිපදවන්නකි. මෙහි අති නවීන රේඩාර උපකරණ සවි කර ඇත. නවීන යුද අවි ද නියමුවාගේ කටයුතු පහසු කිරීම පිණිස වෙනත් ආම්පන්න ද මෙයට එක් කර ඇත. කෆීර් සීඊ හා කෆීර් 2000 කියා ද මෙම යානය හඳුන්වනු ලැබේ.

    දැනට මෙම කෆීර් යානා ඇමෙරිකා එක්සත් ජනපදය, ඊශ‍්‍රායලය, ශී‍්‍ර ලංකාව, කොලම්බියාව, පිලිපීනය, එක්වදෝරය යන රටවල භාවිතයට යොදවා ඇත.


    4.jpg


    කෆීර් සී 2 යානයක තතු

    පොදු තොරතුරු

    • යා හැකි මගීන් ගණන: එකයි
    • දිග: මීටර 15.65 (අඩි 51 අඟල් 4.25)
    • පියාපත් විදැහීම: මීටර 8.21 (අඩි 26 අඟල් 11.5)
    • උස: මීටර 4.55 (අඩි 14 අඟල් 11.5)
    • පියාපත් පරාසය: වර්ග මීටර 34.80 (වර්ග අඩි 374.60)
    • යානයේ සාමාන්‍ය බර: කිලෝග‍්‍රෑම් 7,285 (රා. 16,060)
    • පැටවුම් බර: කිලෝග‍්‍රෑම් 10,415 (රා. 22,961)
    • උපරිම එසවුම් බර:කිලෝග‍්‍රෑම් 14,670 (රා. 32,340)
    • බල සැපයුම් පිරියත: අයිඒඑල් බෙඩෙක් (ජෙනරල් ඉලෙක්ටි‍්‍රක් ජේ-79-ජේඑල්ඊ ටර්බෝජෙට් සහිත) එංජිම.

    කාර්ය සාධනය

    • උපරිම වේගය: පැ.කි.මී 2,440 (පැ.සැ.1,516)
    • යා හැකි දුර: කි.මී. 770 (සැ. 480)
    • පියසර මට්ටම: මී 17,700 (අඩි 58,000)
    • නැග්මේ වේගය: තත්පරයට/මී. 233.3 (මිනි/අඩි45,930)

    රැගෙන යා හැකි අවි

    • ගිනි අවි: මිමි 30 කාල තුවක්කු 2යි.
    • ගෙන යා හැකි උපරිම බර: කි.ග‍්‍රෑ. 6085 (රා. 13,415)
    • බෝම්බ: Mk-82, GBU-13 සහ ග‍්‍රිෆින් LGB වර්ග, TAL-1 සහ TAL -2 CBU වර්ග, BLU-107 ඩියුරැන්ඩල්,HOBOS
    • එල්ල කළ යුතු රොකට් විදින
    • මිසයිල: ෂරයික් ARM වර්ග, මෙවරික් ASM වර්ග, සයිඞ්වයින්ඩර්, ෂෆීර් හා පයිතන් ශ්‍රේණියේ AAM වර්ග
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පට්ට එත් දැන් ඕව අයින් කරලා ඉන්දියන් හුචක්කු ගන්න නේද හදන්නේ ? කොහේ පත්බැවෙයිද මන්ද එතකොට:dull:

    රේප් +9