ක්ලයිමට්‍රොනික් එයාර්ක්න්ඩිෂන් කොන්ට්&#8

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ක්ලයිමට්‍රොනික් එයාර්ක්න්ඩිෂන් කොන්ට්&#8



    ක්ලයිමට්‍රොනික් එයාර්ක්න්ඩිෂන් කොන්ට්‍රෝල් සිස්ටම්

    ක්ලයිමට්‍රොනික් එයාර්ක්න්ඩිෂන් කොන්ට්‍රෝල් සිස්ටම් කියන්නේ මොකක්ද?

    ක්ලයිමට්‍රොනික් එයාර් ක්ඩිෂන් කොන්ට්‍රෝල් සිස්ටම් එක මගින් එයාර් ඩිස්ට්‍රිබියුෂන් ෆ්ලැප් මෝටර් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කිරීම මගින් වාතය ගැලීමේ වේගය සහ කලින් සකස්කරන ලද තමන් කැමති උෂ්ණත්වයට සමගාමීව වාහනයේ අභ්‍යන්තර උෂ්ණත්වය ස්වයංක්‍රීය ලෙස පාලනය කර මගී මැදිරි හරහා සියලුම කාලගුණ තත්ත්වයන් යටතේ වඩා හොඳ ප්‍රසන්න වාතාශ්‍රයක් ලැබීමට සලස්වනවා.

    කලයිමට්‍රොනික් එයාර්කන්ඩිෂන් කොන්ට්‍රෝල් සිස්ටම් එකෙන් ඉලෙක්ට්‍රොනික් පාලන නිරීක්ෂක භාවිතා කරලා හිරු එළිය වැටන දීශාව,කිරණවල ත්‍රීර්වතාවය සහ පිටත උෂ්ණත්වය වැනි ප්‍රධාන බලපෑම් ඇ‌ති කරන සියලුම විචල්‍යයන් හා මූලාශ්‍ර අනුව වාහනයේ ඇ‌තලත වාතයේ සිසිල් බව අඩු හෝ වැඩි කිරීම සිදුකරනවා.මේ ක්ලයිමට්‍රොනික් කොන්ට්‍රෝල් යුනිට් එක කන්වීනියන්ස් කැන් ඩාටා බස් හරහා දත්ත හුවමාරැ කරගෙන ක්‍රියාත්මක වෙන එයාර් කොලිටි සෙන්සර් උපයෝගී කරගෙන වාහනයේ වීන්ස්ක්‍රීන් වොෂර් ක්‍රියාත්මක කිරීමේ දී ඇ‌තිවෙන වොෂර් ෆ්ලුයිඩ් ගඳ/සුවඳ,වාහනය රිවස් කිරීමේ දී සහ පිටත වාතයේ සමග පැමිණෙන අප්‍රසන්න ගඳ/සුවද හඳුනාගනගෙන ඉන්සයිඩ් එයාර් රීසරකියුලේෂන් සිස්ටම් එක ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කරලා ඇ‌තුලත වාත සැපයුම ආ‌රක්ෂා කිරීම සිදුකරනවා.ඒ‌ වගේම වාහනේ වේගය මත පාලනය රඳාපවතින වර්ගයේ බ්ලෝවර් ෆෑන්(Speed-dependent control blower fan)එක මගින් අඩු වේග වලදී බ්ලෝවර් ෆෑන් වේගය ස්වයංක්‍රීයව පලනය කරලා බ්ලෝවර් ෆෑන් වේගය නිසා ඇ‌තිවන අනවශ්‍ය ශබ්ද මට්ටම් අඩු කරන අතර ක්ලයිමට්‍රොනික් එයාර්කන්ඩිෂන් කොන්ට්‍රෝල් සිස්ටම් එක මගින් වීදුරැ මත ෆොග් හෝ අයිස් තැන්පත්වීම වැලැක්වීමට ඩී ෆ්‍රොස්ට් පුෂ් බටන් එකක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ද තියෙනවා.මෙහිදී ඉහල බ්ලෝවර් වේගය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙලා වීදුරු මතට පූර්ණ වායු ගැලීමක් යොමු කරන අතර පිටත උෂ්ණත්වය 2.5 ° C වඩා වැඩි නම් එයාර්කන්ඩිෂන් වායුව වියලි එකක් බවට පත් කරනවා.මේ ආකාරයට ක්ලයිමට්‍රොනික් එයාර්කන්ඩිෂන් කොන්ට්‍රෝල් සිස්ටම් එක මගින් මගීන්ට වැඩි දියුණු වැඩි සැප පහසුවක් සහ ආරක්ෂාවක් සපයමින් වාහනය තුල ප්‍රසන්න දේශගුණික තත්වයක් පවත්වා ගනිමින් ආරක්ෂිත රථ වාහන ධානය කිරීම සඳහා උදව් වෙනවා.

    ක්ලයිමට්‍රොනික් එයාර්කන්ඩිෂන් කොන්ට්‍රෝල් සිස්ටම් මාදිලි අනුව විවිධ විශේෂාංග සහිතව ලබාන්න පුලුවන්.

    • 1-සෝන් ටෙම්පරේචර් කොන්ට්‍රෝල් සිස්ටම්.

    මෙහිදී වාහනයේ ඇ‌තලත සම්පූර්ණයෙන්ම තනි එක් දේශගුණික කලාපයක් ලෙස ක්‍රියාත්මක වෙනවා.

    • 2-සෝන් ටෙම්පරේචර් කොන්ටෝල් සිස්ටම්.

    මේ මාදලි සහිත වාහනයේ කැබින් එක දේශගුණික කලාප දෙකකට බෙදාගෙන ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙනවා.ඒ‌ අනුව මෙහිදී වාහනයේ රියදුරු සහ ඉදිරිපස මගීන් සඳහා ස්වාධීනව එකිනෙකට වෙනස් උෂ්ණත්ව සැකසීම් සකකස් කිරීම් තෝරා ගැනීමේ හැකියාව තියෙනවා.ඒ‌ වගේම තනි උෂ්ණත්ව කලාපයක් ලෙසට මේ දේශගුණික කලාප දෙකම එක දේශගුණික කලාපයක් ලෙස සින්ක්‍රොනයිස් කිරීමේ හැකියාව ද තියෙනවා.

    • 3-සෝන් ටෙම්පරේචර් කොන්ට්‍රෝල් සිස්ටම්.

    මෙහිදී වාහනයේ රියදුරු, ඉදිරිපස මගීයා සහ පසුපස මගීන් ට ස්වාධීනව තම තමන්ට කැමති ආ‌කාරයට වෙනස් උෂ්ණත්වය සැකසුම් සැකසා ගැනීමේ හැකියාව සහ සම්පූර්ණ වාහනයම තනි දේශගුණික කලාපයක් ලෙසට සින්ක්‍රොනයිස් කිරීමේ හැකියාවද තියෙනවා.

    • 4-සෝන් ටෙම්පරේචර් කොන්ට්‍රෝල් සිස්ටම්.

    මෙහිදී දේශගුණික කලාප හතරකට තනි තනි ලෙස කැබින් උෂ්ණත්වය පාලනය බෙදාගැනීමේ හැකියාව තියෙනවා.ඒ‌ කියන්නේ රියදුරැ,ඉදිරිපස මගියා සහ පිටුපස මගීන් සඳහා ඒ‌ ඒ‌ අය කැමති ආ‌කාරයට උෂ්ණත්වය පාලනය කර සකස් කරගැනීමේ හැකියාව තියෙන අතර මෙහි දී ද සම්පූර්ණ වාහනයම තනි එක් දේශගුණික කලාපයක් ලෙසට සින්ක්‍රොනයිස් කිරීමේ හැකියාවද තියෙනවා.

    (චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

    21/03/2017