ක්වෙන්ටම්_පරිගණක_සිහිනය

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ක්වෙන්ටම්_පරිගණක_සිහිනය

    ක්වෙන්ටම් පරිගණක සිහිනය.



    quantum-computing-human-level.jpg


    වසර ගණනාවක් පුරා විද්‍යාඥයන්ගේ පර්යේෂණයන්ට ලක් වුවත් තවමත් සැබෑවක් නොවි පර්යේෂණ මට්ටමේම පවතින ක්වෙන්ටම් පරිගණක සිහිනය, නුදුරු දිනෙකදී සැබෑ වෙන ලකුණු දැන්පහළ වෙලා.ක්වන්ටම් පරිගණක යනු අධි වේගවත් කි‍්‍රයාකාරිත්වයක් ඇති පරිගණක වැඩසටහන් තුළට අනවසරයෙන් ඇතුළු වීමේ හැකියාව නොමැති( hack proof) පරිගණකයක්. මෙවන් පරිගණකයක් නිර්මාණය කිරීමට නම් දත්ත අදාළ තැනට ගෙන යාමටත් ඒවා ගබඩා කර තැබීම හා දත්ත සැකසුම් කිරීමටත් ( process) යම් ක‍්‍රමයක් තිබිය යුතුයි.එහෙත් මෙතෙක් ගැටලුවක්ව තිබුණේ මේ කි‍්‍රයාදාමය සිදු කරන ආකාරය ගැනයි. ගමන් කරන ආලෝක කිරණයක් ක්‍ෂණිකව මොහොතක් නවත්වා ගත හැකි නම් මේ ගැටලුවටත් පිළිතුරු ලැබෙනු ඇතැයි හාවර්ඩ් සරසවියේ භෞතික විද්‍යාඥ ලිනේ හෝ විශ්වාස කළා.

    1999 වසරේ දී ආලෝක කිරණයක්, අධිශීත පරමාණු මත දී ක්‍ෂණිකව මොහොතක් නවතා ගැනීමට හැකි ක‍්‍රමයක් සොයා ගැනීමට ලිනේ හෝ සමත් වූ බවයි ඇය පවසන්නේ.අලෝක කිරණ අධික මන්දනයකට ලක් කොට ක්‍ෂණිකව නවත්වා ගැනීමට හැකි ක‍්‍රම ප‍්‍රායෝගිකව නිර්මාණය කිරීමට ද ඇය දැන් සමත් වී තිබෙනවා. 1999 දී ආලෝක කිරණයක වේගය පාපැදියක වේගය බවට පත් කිරීමට හැකි වූ ලිනේ අද ආලෝක කිරණයක් සම්පූර්ණයෙන් නවත්වා ගැනීමටත් සමත්.මේ පර්යේෂණයේදී රිද්මයානුකූලව විටින් විට නිකුත් වන ලේසර් ආලෝක කිරණ, සෝඩියම් පරමාණු වළාවක් තුළට යැවීමට ඇය සැලැස්වූවා.

    මෙම සෝඩියම් පරමාණු ඉතා සිසිල් මට්ටමක, එනම් නිරපේක්ෂ ශූන්‍යයට වඩා අංශකයකින් බිලියනයකින් එකක් පමණ ඉහළ වූ උෂ්ණත්වයකයි පැවතුනේ.දෙවැනි ලේසර් කිරණයේ තිබූ ෆෝටෝන, සොඩියම් වළාව තුළ සිරකර ගැනීමට එම වළාව සමත්වූ අතර, ෆෝටෝනවල ගබඩා වී තිබූ දත්ත සියල්ල ම සෝඩියම් පරමාණු වලට නිකුත්වූ බව හො පවසනවා. ලේසර් කිරණ ප‍්‍රභවයෙන් ඊළඟ කිරණය නිකුත් වන විට පරමාණු වළාවේ සිර වී තිබූ කිරණය නිදහස් වෙන නිසා ප‍්‍රභවයෙන් කිරණ නිකුත් වෙන රිද්මයේ සංඛ්‍යාතය ද එලෙස ම පවත්වා ගන්නට හැකි වුණා.කෙසේ නමුත්මේ පර්යේෂණයෙන් ලොවට හෙළිවුණේ ක්වන්ටම් පරිගණකයක්් නිපදවීමට අවශ්‍ය සරලම පදනමයි.

    මෙහිදී දත්ත පරිවහනය කරන රැහැන් ලෙස ආලෝක කිරණයේ ෆෝටෝන කි‍්‍රයා කරන අතර, දත්ත ගබඩා කිරීමේ හා දත්ත සැකසුම් කිරීමේ කාර්යය කරන්නේ පරමාණු වළාවේ ඇති පරමාණු බවයි. මේරිලන්ඩ් හි ජාතික තාක්ෂණ විද්‍යායතනයේ සැකරි ඩට්න් පවසන්නේ.ආලෝක කිරණය සිසිල් පරමාණු වළාව තුළ තබඩා වන අවස්ථාවේදී මේ පරමාණු සුළු වශයෙන් අන්තර් කි‍්‍රයා පවත්වන්නට පටන්ගන්නවා. මේ අන්තර් කි‍්‍රයා අපට පාලනය කළ හැකි නම් එමඟින් දත්ත විශ්ලේෂණය සිදුකර කිරණය වළාවෙන් නිදහස් වන විටම ප‍්‍රථිඵලයද ලබා ගත හැකි බවද ඔහු පවසනවා.මේ පර්යේෂණ අනුව ලබන විට සුපිරි ක්වන්ටම් පරිගණක පිළිබඳ සිහිනය සැබෑ කර ගත හැකි යැයි සිතුනත් ලිනේ පවසන්නේ තවමත් අඩි 5ය8 තරම් විශාල ප‍්‍රදේශයක් අවශ්‍ය වන මේ කි‍්‍රයවලිය, පරිගණකයකට යොදා වෙළෙඳ පොළට නිකුත්්කිරීම ගැන ඇයට විශ්වාසයක් නැති බවයි. එබැවින් මේ ක්වන්ටම් පරිගණක සංකල්පය තව බොහෝ කාලයක් යනතුරු පර්යේෂණාගාර තුළට පමණක් සීමා වූ පර්යේෂණ මට්ටමේ සංකල්පයක් පමණක් වනු ඇති බව බොහෝ විචාරකයන්ගේ අදහසයි.

    ඩිස්කවර් ඇසුරිනි