ක්ෂය රෝගය

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හුස්ම ගන්නා ඕනෑම කෙනකුට ක්ෂය රෝගය වැළඳිය හැකියි



    ”ඓශ්චර්යා රායිටත් ක්ෂය රෝගය වැළඳිලා. එයාට ටිකක් අමාරු වුණාලු. ඒත් හොඳින් බෙහෙත් කළ නිසා දැන් සුවවේගන එනවලු.” පුවත්පත පෙන්වමින් චමින්තා කිව්වා.
    ”ක්ෂය රෝගය වගේ ලෙඩක් කොහොමද, ඓශ්චර්යාට හැදුණේ. හරිම පුදුමයි නේද චමින්තා”
    මේ කාර්යාලයක සේවය කරන යුවතියන් දෙදෙනෙක් අතර පසුගිය දිනෙක ඇතිවූ කතා බහක්. ලොව පුරා සිටින ලක්‍ෂ සංඛ්‍යාත සිනමා ලෝලීන්ගේ ආදරය දිනාගත් ඓශ්චර්යා රායි පිළිබඳව පළවූ එම පුවත සැළවීමෙන් කා තුළත් ඇති වුණේ තරමක කනගාටුදායක හැඟීමක්. ඉන්දියාවෙන් ලැබෙන නවතම වාර්තාවල දැක්වෙන්නේ ඓශ්චර්යාගේ තත්ත්වය ඉක්මනින් හොඳ අතට හැරෙන බවයි.
    මෙම ප්‍රවෘත්තියෙන් ඉතා වැදගත් කරුණක් අනාවරණය වෙනවා. ඒ; ක්ෂය රෝගය, ලස්සන – අවලස්සන, දුප්පත් - පොහොසත්, ගැහැනු - පිරිමි, ජනපි‍්‍රය – ජනපි‍්‍රය නැති, බාල – මහලු ඕනෑම අයෙක් ගොදුරු විය හැකි රෝගයක් වන බවයි. ක්ෂය රෝගය මාරාන්තික දරුණු රෝගයක් වුවත් එයින් සම්පූර්ණයෙන්ම මිදීමේ හැකියාව දැන් තිබෙනවා.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ක්ෂය රෝගය කුමන අන්දමේ රෝගයක් ද?

    ක්ෂය රෝගය කුමන අන්දමේ රෝගයක් ද?

    ක්ෂය රෝගය, අප සැමටම වැළඳෙන කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව වැනිම රෝගයක්. එය පරම්පරාවෙන් එන රෝගයක්වත් දුප්පතුන්ට පමණක් වැළඳෙන රෝගයක්වත් නොවේ. ලෝකය පුරාම ජීවත්වන හුස්ම ගන්නා ඕනෑම අයකුට වැළඳිය හැකි රෝගයක් තමයි ක්ෂය රෝගය. ක්ෂය රෝගය ඇතිවීමට හේතුවන්නේ mycobacterum tuberculosis නම් බැසිලය ස්වසන මාර්ගය ඔස්සේ ශරීරගත වීමයි.
    රෝගී පුද්ගලයකු කිවිසන විට, කහින විට, හයියෙන් කතාකරන විට, හයියෙන් සිනාසෙන විට එම පුද්ගලයාගේ මුඛයේ තිබෙන ක්ෂය රෝග විෂබීජ කෙළ අංශු සමඟ වාතයට මුසුවී අසල සිටින නිරෝගී පුද්ගලයකුගේ ස්වසන මාර්ගයට යාමෙන් නිරෝගී පුද්ගලයා ක්ෂය රෝග ආසාදිතයකු විය හැකියි.
    ක්ෂය රෝග විෂ බීජය ශරීරගතවූ සෑම අයකුගෙන්ම ක්ෂය රෝග ලක්‍ෂණ මතුවන්නේ නෑ. ඒ; ශරීරයේ ස්වභාවයෙන්ම පිහිටන රෝග මර්දනය කිරීමේ හැකියාව මඟින් , ශරීරගතවූ විෂබීජ මර්දනය කිරීම නිසයි. එය අප නොදැනුවත්වම සිදුවන්නක්.
    ලංකාවේ ජනගහනයෙන් සියයට හතළිහකට පමණ මේ වන විට ක්ෂය රෝග විෂබීජය ශරීරගතවී තිබෙනවා.
    එහෙත් ඔවුන් සියලු දෙනා ක්ෂය රෝගීන් නොවේ. ලෝක ජනගහනයෙන් 1/3 කට පමණ ක්ෂය රෝගය වැළඳී ඇති බව නවතම පර්යේෂණ වාර්තා පෙන්වා දෙනවා. ක්ෂය රෝග විෂ බීජයට නිදහස් පරිසරයේ වැඩි වේලාවක් පැවතීමේ හැකියාව නැහැ.
    ඒ; හිරු එළිය මෙම ක්ෂය රෝග විෂ බීජය විනාශ කරන නිසයි. එහෙත් දුම්රියේ, බස් රියේ, ගුවන් යානයේ ඔබට ඉතා සමීපව ක්ෂය රෝගය වැළඳුණු අයකු ගමන් කළහොත් එම පුද්ගලයාගෙන් ඔබට රෝගය බෝවිය හැකියි.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ක්ෂය රෝගයේ රෝග ලක්‍ෂණ මොනවාද?

    ක්ෂය රෝගයේ රෝග ලක්‍ෂණ මොනවාද?

    ක්ෂය රෝගය ඇති වන්නේ පෙනහළුවලට පමණක් නොවේ. එය ශරීරය පුරා ඇති විවිධ අවයවයන්ට වැළඳීමේ හැකියාව ඇති රෝගයක්. බොහෝවිට මෙය වැළඳෙන්නේ පෙනහළුවලටයි. එහෙත් මොළය, වකුගඩු, හෘදය, වසාගැටිති, වකුගඩු, වැනි අවයව ක්ෂය රෝගයට ගොදුරු වෙනවා. රෝගය වැළඳී ඇති අවයවය අනුව පෙන්නුම් කරන රෝග ලක්‍ෂණ වෙනස් වෙනවා. පෙනහළු වලට වැළඳෙන ක්ෂය රෝගයෙන් (PTB) කැස්ස, ශරීය කෙට්ටුවීම, උණ, කෑම අරුචිය, රාත්‍රී කාලයේ අධික ලෙස දහදිය දැමීම වැනි රෝග ලක්‍ෂණ පෙන්නුම් කරනවා.
    (මේ දිනවල රාත්‍රියට අධික ලෙස දහදිය දමන්නේ පරිසරයේ ඇති අධික උණුසුම නිසයි.) ක්ෂය රෝගය වැළඳුණු අයකු කහින විට ඇතැම් විට සෙම සමඟ රුධිර පිටවිය හැකියි. ඇතැම්විට එසේ නොවිය හැකියි. දීර්ඝකාලීනව පවතින කැස්ස, කෑම අරුචිය වැනි මූලික රෝග ලක්‍ෂණ පෙන්නුම් කළද බොහෝ දෙනෙක් තමන්ට කිසියම් රෝගයක් වැළඳී ඇතැයි සිතන්නේ නෑ.
    බොහෝ දෙනෙකු වෛද්‍යවරයකු වෙත යන්නේ අධික ලෙස ශරීරය කෙට්ටුවීමට පටන්ගත් විටයි. ක්ෂය රෝගය නිශ්චිතවම හඳුනාගත හැකි වන්නේ සෙම සාම්පලයක් පරීක්‍ෂා කිරීමෙන්ම පමණයි. X කිරණ ඡායාරූපයකින්වත් වෙනත් පරීක්‍ෂණයකින්වත් මෙම රෝගය හඳුනාගත හැකි වන්නේ නෑ. මෙම විෂබීජය අන්වීක්ෂයක් තුළින් මුලින්ම දුටුවේ රොබට් කොක් නම් විද්‍යාඥයා. ඒ මීට වසර සීයකට පමණ ඉහතදී.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ක්ෂය රෝගය වැළඳෙන වෙනත් අවයව මොනවාද?

    ක්ෂය රෝගය වැළඳෙන වෙනත් අවයව මොනවාද?

    ක්ෂය රෝග විෂබීජය ශරීරයට ඇතුළු වී නොදැනීම සුව වූ පුද්ගලයින්ගේ ශරීරය තුළ ඇති විවිධ අවයව තුළ මෙම විෂබීජය තැන්පත් විය හැකියි. ඒ; රුධිරය මඟින්. වසා ගැටිති, වකුගඩු, මොළය, හෘදය, ආහාර මාර්ග පද්ධතිය සහ තවත් ශරීරයේ නොයෙකුත් අවයවවල ක්ෂය රෝග විෂබීජ තැන්පත්ව තිබී ශරීරයේ ප්‍රතිශක්තිකරණ හැකියාව දුර්වල වූ අවස්ථාවකදී විෂබීජය ක්‍රියාකාරී වී රෝගය මතු විය හැකියි. පෙනහළුවලට ක්ෂය රෝගය වැළඳුණුවිට ඉක්මනින්ම රෝග ලක්‍ෂණ මතු වන නිසා එය වැළඳුණේ කාගෙන්දැයි අනුමාන කළ හැකියි.
    එහෙත් වසා ගැටිත්තක, වකුගඩුවල, මොළයේ තිබී ක්ෂය රෝග විෂබීජය හමුවූ විට එම විෂබීජය ශරීරගත වූයේ කාගෙන්දැයි සෙවීම එතරම් පහසු නෑ. එවැනි අවයවලින් රෝගය මතු වන්නේ විෂබීජය ශරීරයට ඇතුළු වී වසර ගණනාවක් ගතවීමෙන් පසුව විය හැකියි. එසේ වන්නේ ඉහත කී පරිදි ශරීරයේ ප්‍රතිශක්තිකරණ හැකියාව දුර්වල වූ විටයි.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ශරීරයේ ප්‍රතිශක්තිකරණ හැකියාව දුර්වල කර&

    ශරීරයේ ප්‍රතිශක්තිකරණ හැකියාව දුර්වල කරන හේතු මොනවාද?

    මත්පැන් පානය, ස්ටීරොයිඩ හෝමෝන ඖෂධ දීර්ඝ කාලයක් ගැනීම(Prednisolone වැනි ඖෂධ), පිළිකාවක් වැළඳී තිබීම, විශේෂයෙන් ම HIV ආසාදිතයකු වීම ශරීරයේ ප්‍රතිශක්තිකරණ හැකියාව හීන කරනවා. මිය යන HIV ආසාදිතයින්ගෙන් බහුතරයකට ක්ෂය රෝගය වැළඳී ඇති බව හෙළිවී තිබෙනවා.
    පෙනහළුවලට හැර ශරීරයේ වෙනත් අවයවවලට ක්ෂය රෝගය වැළඳී ඇති විට එම තත්ත්වය සෙම පරීක්‍ෂාවකින් හඳුනාගත හැකි වන්නේ නෑ. ඒ සඳහා එම අවයවයේ පටක පරීක්‍ෂා කළ යුතුයි. ව්‍යාධිවේද පරීක්‍ෂාවකින් මෙය කළ හැකියි. ශරීරයේ අවයවයකට ක්ෂය රෝගය වැළඳුණු විට එම අවයවය ඉතා ඉක්මනින් හානියට පත් වෙනවා. මොළයට ක්ෂය රෝග විෂබීජයේ බලපෑම් එල්ලවී ඇත්නම්, ඇස් පෙනීම දුර්වලවීම, කටහඬ වෙනස්වීම, ආහාර ගිලීමට අපහසු වීම, අපස්මාරය (වලිප්පුව) වැනි රෝග ලක්‍ෂණ මතු විය හැකියි. හෘදයට ක්ෂය රෝග විෂබීජය ඇතුළු වුවහොත් හෘදයේ විවිධ ආබාධ ඇතිවීමේ හැකියාව තිබෙනවා.
    ක්ෂය රෝග විෂබීජය හඳුනා ගැනීමට “මාන්ටෝ” පරීක්‍ෂාව යොදා ගන්නවා. මෙම සුවිශේෂ පරීක්‍ෂණය මඟින් මෑත කාලයේදී එම පුද්ගලයාට ක්ෂය රෝග විෂබීජය ශරීරගතවී ඇත්දැයි සොයාගත හැකි වෙනවා. මෙම පරීක්‍ෂණයෙන් නිවැරදි තීරණයකට එළඹීමට පරීක්‍ෂණයේ ප්‍රතිඵල සමඟ රෝගියාගේ රෝග ලක්‍ෂණ සසඳා බැලිය යුතුයි.
    මෙම රෝගය බෝවීම වැළැක්වීම සඳහා ඇති හොඳම ක්‍රමය වන්නේ පරිසරයට ක්ෂය රෝග විෂබීජ එක්වීම වැළැක්වීමයි. ඒ සඳහා රෝගීන් හඳුනා ගැනීම වැදගත්. කුඩා කාලයේ දරුවනට ලබාදෙනBCGඑන්තන මඟින් වැළකෙන්නේ කුඩා කාලයේ ඇතිවන ක්ෂය රෝගයේ සංකූලතා පමණයි. ශරීරය පුරා පැතිරී යන ක්ෂය රෝගයට BCGඑන්නතෙන් ආරක්ෂාවක් නෑ.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ රෝගය සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?

    මේ රෝගය සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?

    ප්‍රතිකාර ලෙස ප්‍රතිජීවක ඖෂධ වර්ග 4 ක් හෝ 5 ක් මාස 6 ක් පුරා දිනපතා ලබාගත යුතුයි. ලොව පුරාම ක්ෂය රෝගය මර්දනයට ඖෂධ භාවිතා කරන්නේ මේ ආකාරයෙන්. මෙහිදී සඳහන් කළ යුතු විශේෂ කරුණක් තිබෙනවා. ඒ; වෛද්‍ය උපදෙස් අනුව එක් ඖෂධයක් හෝ අතපසු නොකොට ඉතා නිවැරදි ලෙස ඖෂධ ලබා ගත යුතු බවයි. එක් ඖෂධයක් හෝ ඖෂධ කීපයක් නොගතහොත්, නියමිත කාලසීමාවට ඖෂධ නොගතහොත් පසුකාලීනව එම ඖෂධවලට ප්‍රතිරෝදී තත්ත්වයක් ශරීරය තුළ ගොඩ නැගෙනවා.
    එහි අවසන් ප්‍රතිඵලය වන්නේ අධි ඖෂධ ප්‍රතිරෝධී ක්ෂය රෝගය(Multi drugs Resistance tuberculosis) නම් තත්ත්වයට ගොදුරු වීමයි. මෙම රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීම ඉතා අපහසුයි. එම රෝගයෙන් මිදීමට නේවාසිකව වසර කීපයක් ප්‍රතිකාර ගත යුතුයි.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    DOTs ප්‍රතිකාරය යනු කුමක් ද?

    DOTs ප්‍රතිකාරය යනු කුමක් ද?

    Direct observation Treatment ඍජු ප්‍රතිකාර ක්‍රමය DOTs ප්‍රතිකාර ක්‍රමය ලෙස හඳුන්වනවා.
    මෙය ක්ෂය රෝගය වැළැක්වීම සඳහා ලොව පුරා ආරම්භ කර ඇති විශේෂ ප්‍රතිකාර ක්‍රමයක්. මෙහිදී ක්ෂය රෝගයට ගොදුරු වූ පුද්ගලයා සුවපත් කිරීමේ වගකීම පැවරෙන්නේ රටේ සෞඛ්‍ය අංශයටයි. මෙහිදී පුහුණු සෞඛ්‍ය නිලධාරියකු දිනපතා රෝගියාට ඖෂධ ලබා දෙනවා. මේ සඳහා සෞඛ්‍ය මධ්‍යස්ථානයක් වෙත දිනපතා රෝගියා පැමිණිය යුතුයි. එක් දිනයක් හෝ නොපැමිණියහොත් සෞඛ්‍ය සේවකයා රෝගියා පිළිබඳව සොයා බලනවා. මෙම ක්‍රමයේදී රෝගියාට පහසු වේලාවක් ඖෂධ ගැනීම සඳහා තෝරා ගැනීමේ හැකියාව තිබෙනවා. මෙම ප්‍රතිකාරය ලබාදෙන අතරතුර සෙම පටල කීප අවස්ථාවකදීම පරීක්‍ෂා කරනවා. ඒ; විෂබීජ ක්‍රමයෙන් ශරීරයෙන් අඩුවේදැයි පරීක්‍ෂා කිරීමට. ඖෂධීය ප්‍රතිකාර අවසානයේ කෙරෙන සෙම පටල පරීක්‍ෂාව මඟින් රෝගියාගේ ශරීරයෙන් විෂබීජය තුරන් වී ඇතිදැයි පරීක්‍ෂා කරගත හැකියි.
    ක්ෂය රෝගයට ගොදුරු වූ අයකුට එම රෝගයෙන් මිදීම සඳහා නිසි ප්‍රතිකාරය මෙන්ම නිසි සත්කාරය ද අවශ්‍යයි. රෝගියාගේ ඥාතීන් රෝගියාව නිසි පරිදි රැක බලා ගැනීම වැදගත්. රෝගියකු හට පළමු ඖෂධ වේල් දෙක තුන ලබාදෙන විට ඔහුගෙන් වෙනත් අයකුට රෝගය බෝ කිරීමේ හැකියාව ඉතා පහත් මට්ටමකට වැටෙනවා. ඒ නිසා නිසි පරිදි ඖෂධ ලබාගන්න අයකු පිළිබඳව අන් අය බිය විය යුතු නෑ.
    රාගම වැලිසර ළය රෝහල ක්ෂය රෝගය සඳහා විශේෂ සායනයක් පවත්වනවා. අති නවීන පහසුකම්වලින් මෙම රෝහල දැන් සමන්විතයි. ඒ නිසා දැන් ක්ෂය රෝගයට බිය විය යුතු නෑ. ඉහතින් දැක්වූ රෝග ලක්‍ෂණ ඔබ තුළත් ඇත්නම් වෛද්‍යවරයකු හමුවී ඒ බව පවසන්න. වෛද්‍යවරයා නිසි ප්‍රතිකාර සඳහා ඔබව යොමු කරනු ඇති. ඔබට ක්ෂය රෝගය වැළඳී ඇති බව පරීක්‍ෂණ මඟින් ඔප්පු වුවහොත් එයින් මිදීමට සිතට ගන්න. එය ඔබේ ජීවිතයට ආලෝකයක් මෙන්ම එය ඔබේ සමාජ වගකීමක්.