හුස්ම ගන්නා ඕනෑම කෙනකුට ක්ෂය රෝගය වැළඳිය හැකියි
”ඓශ්චර්යා රායිටත් ක්ෂය රෝගය වැළඳිලා. එයාට ටිකක් අමාරු වුණාලු. ඒත් හොඳින් බෙහෙත් කළ නිසා දැන් සුවවේගන එනවලු.” පුවත්පත පෙන්වමින් චමින්තා කිව්වා.
”ක්ෂය රෝගය වගේ ලෙඩක් කොහොමද, ඓශ්චර්යාට හැදුණේ. හරිම පුදුමයි නේද චමින්තා”
මේ කාර්යාලයක සේවය කරන යුවතියන් දෙදෙනෙක් අතර පසුගිය දිනෙක ඇතිවූ කතා බහක්. ලොව පුරා සිටින ලක්‍ෂ සංඛ්‍යාත සිනමා ලෝලීන්ගේ ආදරය දිනාගත් ඓශ්චර්යා රායි පිළිබඳව පළවූ එම පුවත සැළවීමෙන් කා තුළත් ඇති වුණේ තරමක කනගාටුදායක හැඟීමක්. ඉන්දියාවෙන් ලැබෙන නවතම වාර්තාවල දැක්වෙන්නේ ඓශ්චර්යාගේ තත්ත්වය ඉක්මනින් හොඳ අතට හැරෙන බවයි.
මෙම ප්‍රවෘත්තියෙන් ඉතා වැදගත් කරුණක් අනාවරණය වෙනවා. ඒ; ක්ෂය රෝගය, ලස්සන – අවලස්සන, දුප්පත් - පොහොසත්, ගැහැනු - පිරිමි, ජනපි‍්‍රය – ජනපි‍්‍රය නැති, බාල – මහලු ඕනෑම අයෙක් ගොදුරු විය හැකි රෝගයක් වන බවයි. ක්ෂය රෝගය මාරාන්තික දරුණු රෝගයක් වුවත් එයින් සම්පූර්ණයෙන්ම මිදීමේ හැකියාව දැන් තිබෙනවා.