ක්‍රස්තො සමුගනී
සෞඛ්‍ය හේතු මත ෆිදෙල් කැස්ත්‍රෝ සියලු තනතුරුවලින් සමුගනී
2011 අප්‍රේල් 19 වෙනි අඟහරුවාදා, 22:09
0 Comments
කියුබානු විප්ලවයේ නියමුවා වූ කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ නායක ෆිදෙල් කැස්ත්‍රෝ ඊයේ (18) තමන් පක්ෂයේ සහ කියුබානු රජයේ දරන සියලු තනතුරුවලින් ඉවත් වූ බව වාර්තා වේ.
කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ පළමු මහලේකම්වරයා ලෙස 1965දී තේරී පත් වූ ෆිදෙල් කැස්ත්‍රෝ 1959දී කියුබානු විප්ලවයේ ජයග්‍රහණයත් සමඟින් කියුබාවේ ජනාධිපතිවරයා බවට පත්විය. බටහිර රටවල්වලින් පැමිණි විවිධ අඩන්තේට්ටම් හමුවේ ඔහු නොසැලී සමාජවාදය දක්වා කියුබාව මෙහෙයවීමට කටයුතු කළ අතර කියුබාවේ මෙන්ම ලෝ පුරා සමාජවාදීන්ගේ ආදරයටද ලක්විය. මේ වනවිට ඔහු 84වන වියෙහි පසුවෙයි. 2006 වසරේදී හදිසි ශල්‍ය කර්මයකට මුහුණ දුන් ඔහු 2006 ජුලි 31 වැනිදා කියුබාවේ ජනාධිපති ධූරය රාවුල් කැස්ත්‍රෝ වෙත පැවරීය.
තමාට පෙර මෙන් පක්ෂ නායකත්වයේ කටයුතු කළ නොහැකි බව සිය සොහොයුරු රාවුල් හොඳින්ම දන්නා බවද සිය සමුගැනීම සනිටුහන් කරමින් ෆිදෙල් කැස්ත්‍රෝ සිය Reflections of Fidel නැමැති දේශපාලන විග්‍රහයෙන් පවසා තිබේ. එමෙන්ම අයහපත් සෞඛ්‍ය තත්ත්වය හමුවේ වුවද ඔහු අද පැවැති කියුබානු කොමියුනිස්ට් පක්ෂ සමුළුවේ අවසන් සැසියටද සහභාගී විය.
කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස රාවුල් කැස්ත්‍රෝ පත් කරගත් අතර දෙවන ලේකම්වරයා ලෙස උප ජනාධිපති ජොසේ රාමන් මචාඩෝ දෙවන ලේකම්වරයා ලෙසත් පත් කර ගැනීමට එම පක්ෂයේ 6 වන සමුළුව විසින් අද (19) තීරණය කර ඇති බවද වාර්තා වේ.