Copied youtube comment from Chathuranga Rajakaruna
@SinhalaWeightLossGuru ඔබතුමා යමක් කියන්න උත්සාහ කරනවා ඒක ඇත්ත ඒ උත්සාහය මමත් අගය කරනවා. නමුත් මේකෙදී මට එකගවෙන්න බැරි වැරදි අදහස් දෙකක් කියවෙනවා.

එකක් total carbohydrates ග්‍රෑම් ගාන පෙන්නලා ඒක සීනී ග්‍රෑම් ගාන කියලා කියන එක.

අනෙක carbohydrates තියෙන ප්රමාණගැන සලකලා ඒඅනුව cracker වලට සාපේක්ෂව chocolate biscuits හොදවිය හැකියි කියන මතය.(ඒක සෑහෙන්න වැරදි කතාවක්)
මෙහෙමයි සීනි වල තියෙන සුක්රෝස් , අල වර්ග ධාන්‍ය වර්ග...... වල තියෙන පිශ්ඨය , ශාක කෙදි වල තියෙන සෙලියුලෝස් , කිරිවල තියෙන ලැක්ටෝස් ඔය ඔක්කොම පොදුවේ හදුන්වන්නේ කාබොහයිඩ්රේට් (carbohydrates ) කියලා. ඒ කියන්නේ සීනි කියන දේ කාබොහයිඩ්‍රේටයක් මිසක් කාබොහයිඩ්රේට් කියන්නේ සීනි නෙවේ කියන එක පැහැදිලි කරගන්න ඕනේ මුලින්ම.
ඊලගට ඔය බිස්කට් ජාති ගත්තම ඕවාගේ ප්‍රධානම අමුද්‍රව්‍ය වෙන්නේ කුමන හෝ ධාන්‍ය වර්ගයක පිටි. එතකොට ඔය පිටි වල බහුතරය තියෙන්නේ පිශ්ඨය ( අල ,බතල, මුං, කුරක්කන් , හාල් ..... ඕවගෙත් ඔය පිශ්ඨයම අන්තර්ගයි.) ඒක නිසා බිස්කට් වල් පිශ්ඨය එහෙමත් නැත්නම් කාබොහයිඩ්රේට් ( පිශ්ඨය කියන්නෙත් කාබොහයිඩ්‍රේටයක් නිසා) තිබීම සාමාන්‍ය දෙයක්.
එතකොට මේ පිශ්ඨය අපේ ඇග ඇතුලෙදි ජීර්ණය වෙලා ග්ලූකෝස් බවට හැරෙනවා ඒ ග්ලූකෝස් රුධිරයට එකතුවෙලා ඒ හරහා ගිහින් තමයි සෛලවලට එකතු වෙන්නේ. රුධිරය ට එන ග්ලූකෝස්, සෛල වලට නොයා රුධිරයේම එක්රැස් උනොත් ඒක ලොකු ප්‍රශ්ණයක් ඒකනිසා ඒ ග්ලූකෝස්, සෛල වලට ඇතුල් කරන්න ඉන්සියුලින් කියලා එන්සයිමයක් තියෙනවා ඒ එන්සයිමය හරියට ක්‍රියාත්මක වෙන තාක් කල් රුධිරයේ අධිකව ග්ලූකෝස් එක්රැස් වෙන එක වලක්වනවා. අපි ඔය කියන සීනි බලන ටෙස්ට් එක කියන එකේදි කරන්නේ මේ රුධිරයේ එම අවස්තාවේදී පවතින ග්ලූකෝස් ප්‍රමාණය ගැන අදහසක් ලබා ගැනීම. එතකොට සීනි ගත්තහමත් ඒකත් අපේ ඇග ඇතුලේදී ජීර්ණය වෙලා ග්ලූකෝස් හැදෙනවා. සීනි වල ( සුක්රෝස් ) මූලික ව්‍යුහය හැදිල තියෙන්නේ අණු දෙකක් එකට එකතු වෙලා. නමුත් පිශ්ඨයේ මූලික ව්‍යුහය හැදෙන්නේ අනුරාශියක් එකට එකතුවෙලා. ඒකනිසා ශරීරය ඇතුලේදී පිශ්ඨය ජීර්ණය කරනවාට වඩා සෑහෙන්න වේගයකින් සීනි ජීර්ණය වෙලා ග්ලූකෝස් රුධිරයට එනවා ඒ එන වේගයට ඉන්සියුලින් හෝමෝනයට ප්‍රතිචාර දක්වන්න බැරි වෙලා රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය තාවකාලිකව ඉහල යනවා. සීනි අඩංගු ආහාර නිතර ගන්නකොට ඕක නිතරම වෙනවා. එකියන්නේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම නිතරම වැඩි අගයක තියෙන්න ගන්නවා. ඕක කාලයක් තිස්සේ වෙනකොට ඔය හෝර්මෝන ක්‍රියාවලිය අඩපන වෙලා දියවැඩියාව වගේ ලොකු සෞඛ්‍ය ගැටලු ඇතිවෙන්න පුලුවන්. ඔය තත්වයම අධිකව පිශ්ඨය අඩංගු ආහාර නිතරම ගන්න ක්රියාශීලීබවින් අඩු අයටත් ඇතිවෙන්න පුලුවන්. නමුත් පිශ්ඨයට සාපේක්ෂව සීනි පරිබෝජනය දියවැඩියාව වැනි තත්ව ඇතිවීමට ඉතාමත් වැඩි බලපෑමක් කරන බව පැහැදිලියි.
එතකොට තේරුම් යන්න ඕනේ සීනි අඩු එහෙමත් නැත්නම් සීනි එක් නොකල ( මේ අදහස් කරන්නේ සීනි වෙනුවට කෘතීම රසකාරක මගින් සීනි රස ගැනිවූ ආහාර නොවේ) cracker biscuits වලට වඩා සීනි එක්කල chocolate biscuits හොදයි දෝ කියා සිතීම අනුවන දෙයක් බව. තව එකක් ඔය කිසිම බිස්කට් එකක් හෝ කෘතිම කෑමක් කිසිවිටෙක රෝගීන්ට, වයෝවෘද්ධ පුද්ගලයන්ට , ප්‍රතිශක්තිය හීන අයට හා කුඩා ළමයින්ට සුදුසු නැතිබව හැමෝම දැනගන්න ඕනේ. මොකද ඔය සියලු නිශ්පාදන කරන්නේ බහුතරයක් වූ සාමාන්‍ය නිරෝගී පුද්ගලයන් ගේ පරිබෝජනයට මිසක් රොගීන් ඉලක්ක කරගෙන නොවෙන බවයි අපි තේරුම්ගන්න ඕනේ. එතෙන්දී ඔවුන්ට මේ කරුණ මුල් කරගෙන නම් නඩු දැමීමට සාධාරණ සාක්ශිත් නැති බවයි මට නම් හැගෙන්නේ..