ක්‍රිකට් තරඟයක් තිබ්බොත් ඒකේ මුවාවෙන් ජන

getitfree

Member
Nov 25, 2011
271
108
0
ක්‍රිකට් තරඟයක් තිබ්බොත් ඒකේ මුවාවෙන් ජන

ක්‍රිකට් තරඟයක් තිබ්බොත් ඒකේ මුවාවෙන් ජනතාවට බර පටවනවා. - සරත් ෆොන්සේකා මහතා.

580905_10151072528396960_166970872_n.jpg


රජය සූක්ෂම ලෙස ජනතාව මත බර පටවමින් සිටින බව සරත් ෆොන්සේකා මහතා අද (14.10.2012) මොරටුවේ පැවති පිළිගැනීමේ උත්සවයක දී ප්‍රකාශ කළේය.

'' බඩු මිල ඉහළ යාම ,ඉන්ධන මිල,ප්‍රවාහන ගාස්තු මේ හැම දේම ඉහළ යනව මේවා ඉතාම සූක්ෂම අන්දමින් ක්‍රිකට් තරඟයක් තිබ්බොත් එදාට ඒකේ මුවාවෙන් ජනතාවට වැඩියෙන් බර පටවනවා.ඒ ආකාරයට දිගටම මේ රජය මේක කරගෙන යනවා රජයට කිසිම ආර්ථික සැලැස්මක් නෑ.බොරුවට ජනතාව රටට්ටනවා ආශ්චර්යයක් කියලා කරන්නේ කොමිස් ගැහිල්ල අල්ලස් ගැනීම. කාපට් දම දමා රටේ සල්ලි විනාශ කරනවා.තව ඉස්සරහට යනකොට දවසට එක කෑම වේලක් කාලා රටේ ජනතාවට ජීවත් වෙන්න වෙයි.මේ රජය ගෙනි යන දූෂිත ක්‍රියාමාර්ගයට එරෙහිව ජනතාව නැගිට්ටෙ නැත්නම්. ''


එහි දී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා ද අදහස් දැක්වීය.

'' මේ අශිලාචාර පාලනය තවදුරටත් පවත්වාගෙන යන්න ඕනෑ උදවිය මේ මහා සංඝරත්නය කරන වැඩ සටහන බාධා පමුණුවන එක සාමාන්‍ය දෙයක්. ඒ නිසා අපි ඒ බාධා පමුණුවන තහංචි යොදවන ඒ අශීලාචාර පාලනය පවත්වාගෙන අදහස මතය පරාජයට පත් කරමින් 18 වෙනිදාට රොද බැඳගෙන හයිඩ් පාක් පිටියට එන්න කියලා රටේ ජනතාවට අපි ආරාධනය කරනවා.''

© SF Online Media Unit.