ක්‍රිකට් පාලක මණ්ඩලේ.....

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    ක්‍රිකට් පාලක මණ්ඩලේ.....

    ක්‍රිකට් පාලක මණ්ඩලේ සභාපතියි එයාගෙ නෝනයි තමන්ගෙ කසාද ජීවිතේ අවුරුදු 50 සමරන්න ලොකු පාටියක් දැම්මලු. එදා දවසෙ රාත්‍රිය මාර රොමෑන්ටික්ලු.

    "මාලා... ඩාලිං... මට මේක දවස් කීපයක ඉඳන් හිතට වද දෙන එකක්... මට දැනගන්න ඕන ඔයා කී වතාවක් වෙන පිරිමි එක්ක ඉඳල තියෙනවද කියලා?"


    "අනේ එඩී... ඇයි ඔයා එහෙම ප්‍රශ්ණයක් ඇහුවේ? මේ රාත්‍රිය විනාස කරන්නද ඔයා හදන්නේ? එහෙම අහන්න එපා..."


    "නෑ රත්තරං මං වරදක් හිතන්නෙ නෑ... තරහ ගන්නෙත් නෑ... අනේ කියන්නකො මට"

    "තරහ ගන්නෙ නැත්තං කියන්නං... තුන් වතාවයි"


    "තුන් පාරයි? කොයි කාලෙද ඒව උනේ?"


    "හ්ම්... මතකද ඔයාට අවුරුදු 35දි අපේ බිස්නස් එක පටන්ගන්න සල්ලි නැතුව හිටියා. ලෝන් එකක් පාස් කරගන්න බැරුව ගොඩක් දුකෙන් ඔයා හිටියෙ. මතකද එතකොට බැංකුවෙ මැනේජර් ගෙදරටම ඇවිත් ඔයාට ලක්ෂ 50ක ලෝන් එක පාස් කරල දුන්නා?"


    "හානේ... ඔයා නිසාද ඒ ලෝන් එක පාස් උනේ? ෂහ්... මම ඔයාට ගරු කරනව මදි රත්තරං. ඔයා මම වෙනුවෙන් කොයි තරම් දේවල් කරලද? ඒක එහෙම නොවුණනං අද අපට මෙහෙම ඉන්න බෑනෙ නේද? ඉතිං දෙවෙනි වතාවෙ උනේ කොහොමද?"


    "හ්ම්... ඔයාට මතකද ඔයා හොඳටම අසනීප වුණා? හාට් ඔපරේෂන් එකක් කරන්න තිබුණා. ඒක ගොඩක් අමාරු, රිස්කි එකක් නිසා දොස්තරල එක්කෙනෙක්වත් කැමති උනේ නැහැනේ... ඒත් මතකද ඩොක්ටර් පෙරේර එකපාරම කැමති වෙලා ඔපරේෂන් එක කලා? ඔයාට සනීප වුණා..."


    "හානේ ඇත්තමයි. මට අදහගන්නත් බෑ. ඔයා මගේ ජීවිතේ බේරගන්න මොනතරං පරිත්‍යාගයක්ද කරල තියෙන්නේ? ඔයානං මුළු ලෝකෙටම ආදර්ශමත් බිරිඳක් මාලා... මම ඔයාට කවදාටත් වඩා ආදරෙයි පැටියෝ... ඉතිං.... තුන් වෙනි වතාවෙදි ඒක උනේ අර මගේ ඇහේ සුද අයින් කරපු ඔපරේෂන් එක කරපු ඩොක්ටර් සිල්වා එක්කද?"


    "නෑ නෑ ඩාලිං.. මතකද ඔයාට ක්‍රිකට් බෝඩ් එකේ සභාපති වෙන්න ඕන උනා... හැබැයි ඔයාට ඡන්ද 17ක් අඩුවෙන් තිබුණා?".......:rofl::baffled:


    from fb