ක්‍රිකට් ලොවේ උපහාර ලබන මෙහෙර් කලීල්

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ක්‍රිකට් ලොවේ උපහාර ලබන මෙහෙර් කලීල්

    ක්‍රිකට් ලොවේ උපහාර ලබන මෙහෙර් කලීල්

    මෙහෙර් කලීල් යන නම මහා කීර්තියක් ලබන්නට පටන් ගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2009 වසරේ මාර්තු තුන් වෙනිදා පකිස්තානයේ , ලාහෝර් නගරයේ දී මුහුණ දුන් බිහිසුණු ප්‍රහාරයේ දී ක්‍රීඩකයන් ගේ දිවි රැක දීමට ඔහු ගත් අවස්ථාවෝචිත ක්‍රියාමාර්ගය සමඟයි.
    එදා ශ්‍රී ලංකා කණ්ඩායම ගමන් ගත බස් රථයේ රියදුරා වූ 43 හැවිරිදි මෙහෙර් කලීල් සිය රථය ධාවනය කරමින් සිටින අතරයි කණ්ඩායම ඉලක්ක කර ගත් ප්‍රහාරය එල්ල කෙරුණේ.
    රොකට් විදින සහ මැෂින් තුවක්කු යොදා ගනිමින් එල්ල කෙරුණා ප්‍රහාරයේ දී අට දෙනකු මරණයට පත් වූ අතර ක්‍රීඩකයන් හත් දෙනකුට තුවාල සිදු විය.
    ඉන් අනතුරුව ශ්‍රි ලංකාවේ සංචාරයක් සඳහා ආරාධනා ලද මෙහෙර් කලීල් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් මූල්‍ය ත්‍යාගයක් ලද අතර නොයෙක් පරිත්‍යාගශීලීන් ද ඔහුට තෑගී බෝග ප්‍රදානය කරනු ලැබීය.
    ප්‍රධාන අමුත්තා
    එම සිද්ධියෙන් අවුරුදු හයකට පසුව මෙහෙර් කලීල් මෙවර ක්‍රිකට් ලෝකයෙන් යලි උපහාර ලබන්නේ පකිස්තාන - සිම්බාබ්වේ ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන අමුත්තා හැටියට ආරාධනා ලබමින්.
    කෙසේ වුවද,2009 මාර්තු තුන් වෙනිදා ශ්‍රී ලංකා කණ්ඩායමත් සමඟ ඔහු එදා ලද බිහිසුණු අත්දැකීම මෙහෙර් කලීල් තවමත් සිහිපත් කරන්නේ භීතිය මුසුව.
    වෙඩි හඬ ඇහෙන කොට මම මුලින් හිතුවේ ලාහෝර් නගරයේ ජනතාව රතිඤ්ඤා පත්තු කරනවා කියලයි, මෙහෙර් කලීල් පැවසුවේය.
    එත් ප්‍රහාරකයන් දෙන්නෙක් මම ඉදිරියට ඇවිත් වෙඩි තියන කොට මට තේරුණා මේ වෙනත් වැඩක්ය කියල, ඔහු විස්තර කරයි.
    “ඒ එක්කම ක්‍රීඩකයෝ යන්න ! යන්න! කියල කෑ ගැහුවා. ඒ ඉල්ලීම මට දැනුනේ වෝල්ට් 440 ක විදුලි සැරයක් වගෙයි . මම පාගල ඉදිරියට බස් එක අරන් ගියා.දෙවියන්ට පින් සිද්ධ වෙන්න මම ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාංගණයට අරන් ගියා”
    පුද ලැබිය යුතු බස් රියදුරා අතීත සිද්ධිය සිහිපත් කරමිනුයි අදත් සැනසීමක් ලබන්නේ.

    BBC
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    පකිස්තාන - සිම්බාබ්වේ ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ආරක්ෂාව යොදවා තිබෙන ආකාරය

    pakvszimreuters-m.jpg


    _83093749_027237528-1.jpg


    BN-IO147_icrick_G_20150521231052.jpg


    17pakzim.ashx